පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් ලෝකවාසී පුණ්‍යවන්තයින් සියල්ලන්ටම හිත සුව පිණිසත් නිර්වාණය පිණිසත් සුරැකේවා......

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

මරණය එනතුරු නොසිට මරණය දකින්න


භාවනාව IV
සතර අපායෙන් මිදෙමු - 86 කොටස

මේ ලිපිමාලාව වෙනුවෙන්, උතුම් ශ්‍රී සද්ධර්මය මෙලෙස මනාකොට ගළ පන ලද ඒ පිංවත් ස්‌වාමීන් වහන්සේ විසින් මේ දිනවල පවත්වනු ලබන ධර්මදේශනා මාලාවේ මෙම සතිය තුළ යෙදී ඇති ධර්ම දේශනා මෙසේය.
මැයි 4 - ප.ව 4.00- හික්‌කඩුව, ජන්නන්දාරාම පිරිවෙන, බද්දේගම පාර (හික්‌කඩුව බස්‌ නැවතුම්පලේ සිට මීටර 300 ක්‌ දුරින්)
මැයි 6  - ප.ව 4.00 -බේරුවල, සපුගොඩ ශ්‍රී මහා විහාරය (මස්‌සල හංදියෙන් වෙරළ දෙසට පන්සල පාර)
මැයි 8 - ප.ව 3.00 - නුවරඑළිය නගරසභා ශාලාව
මැයි 11 - ප.ව 5.00 - ගම්පහ ඉඳිගොල්ල, විද්‍යාවංශ පිරිවෙන



පිංවත් ඔබ කුමන වයසක පසුවුවද සමාධිමත් මනසින් සංහිඳීමට පත්වුණා වූ සිතෙන් තම අතීතයට යන්න. ඒ කියන්නේ ඔබ වැඩුන මව්කුසට. පිංවත් මෑණියන්ගේ මවු කුසේ නව මාසයක්‌ ඔබ ලැබු අත්දැකීම් මනසින් දකින්න. මෑණියන්ගේ උදරයේ මස්‌, ඇට, බොකු, බඩවැල්වලට මැදිවී, බැලුම් බෝලයක්‌වන් ගර්භාෂ කුටියක වකුටුවී සිටි ආකාරය සිහියට නගාගන්න. ලේ, සැරව තැවරුන මොලකැටි රූපය මනසින් දකින්න. එතනින් නොනැවතී අතීත ජීවිතවල එළදෙනුන්ගේ, ඊරියන්ගේ, එළිච්චියන්ගේ, ඇතින්නන්ගේ, වැඳිරියන්ගේ මව්කුසවල ඔබ හැදීවැඩුණු හැටි සිහිකරන්න. ප්‍රේතියන්ගේ කුසේ පිළිසිඳගෙන ප්‍රේත දරුවන් ලෙස බහිවුණ හැටි සිහිකරන්න. පිංවත් ඔබ වැඳිරියක්‌ වෙලා මෙය ලියන භික්‍ෂුව එම වැඳිරියගේ පැටවා වෙලා ඔබේ බඩේ එල්ලිලා ගහෙන් ගහට පැනපු හැටි මනසින් දකින්න. ඔබ කිකිළියක්‌ වෙලා මෙය ලියන භික්‍ෂුව කිsකිළි පැටවා වෙලා ඔබ කැවූ පණුවන් ගණන ගැන සිහිකරන්න. දැන් නැවතත් පිංවත් ඔබ මෑණියන්ගේ මව්කුස අරමුණට ගන්න. ප්‍රසූතිකාගාරයක්‌ තුළදී ඔබ බිහිවුණ හැටි, ඔබ උපන් මොහොතේම එහි හෙද නිළධාරිණිය ඔබව දෙපයෙන් ඔසවාගෙන සිටිනවා මනසින් දකින්න.

මෙතැන් පටන් ඔබේ ළමා, තරුණ, මධ්‍යම කාලය ගෙවුන හැටි, මේ ශරීරය ජරා, ව්‍යාධි, මරණවලට පත්වූ ආකාරය මනසින් දකින්න. මනසින් ඔබ අංශභාග රෝගියෙක්‌ වෙන්න. අනුනගේ පිළිසරණක්‌ නොමැතිව මළ මුත්‍රාගොඩේ රෝගීව දුක්‌විඳින හැටි මනසින් දකින්න. ඔබ රෝහලේ ඇඳක්‌ මත නාසයට, මුඛයට, මුත්‍රාමාර්ගයට බට සවිකර ගෙන මරණාසන්නව දුක්‌විඳින හැටි දකින්න. ඔබේ වයස ප්‍රශ්ණයක්‌ නැහැ. තරුණ පිංවතෙක්‌ වුවත් ඊලඟ මොහොතේ මෙසේ විය හැකියෑයි මෙනෙහි කරන්න. 

රූපය පිළිබඳ අවබෝධයෙන්ම කලකිරෙන්න.

පිංවත් ඔබේ ශරීරයේ ආයුෂ, උණුසුම, විඤ්ඤාණය පහව ගොස්‌ මියයනවා දකින්න. ඔබේ දේහය මල්ශාලාවේ එම්බාම් කරනවා මනසින් දකින්න. තමාට හිමිව තිබූ හොඳම සුදු කමිසයත් කලු කලිසමත්, එසේත් නැතිනම් මඟුල් ඇඳුම් කට්‌ටලය අන්දවා නිවසේ සාලය මැද සුදුවියනක්‌ යට කැටයම් කරන ලද පෙට්‌ටියක තමාගේම දේහය තිබෙනවා මනසින් දකින්න. ඥාතීන් හඬාවැටෙන අයුරු, මිතුරන් ගුණකථන පවත්වන අයුරු, ස්‌වාමීන් වහන්සේලා පාංශකූලය දෙන අයුරු මනසින් දකින්න. දේහය කරමත තබා ගෙන, විලාප තබමින් සුසාන භූමියට රැගෙන යන හැටි දකින්න. දරසෑයක්‌ මත දේහය තබා ගිනිදල්වනවා දකින්න. ඔබේ මේ ශරීරය ගින්දරක්‌ කොට දකින්න. තෙල් ගොඩක්‌ කර දකින්න. දුමක්‌, අළුගොඩක්‌ කොට දකින්න. එසේත් නොමැති නම් ඔබේ මළසිරුර සුසාන භූමියේ දමා තිබෙනවා දකින්න. කුණුවෙන වැගිරෙන මසත්, ඒ මස තළුමරමින් බුදින බලුකපුටු කබර වැනි සතුන් මනසින් දකින්න. පිංවත් ඔබේ ඇස, කණ, තවත් තිරිසන් සතෙකුගේ ආයුෂ, වර්ණය, සැපය, බලය පිණිස හේතුවෙන හැටි දකින්න. ඔබේ ඇස බල්ලෙකු විසින් ගිලදමනවා දකින්න. ඔබේ ඇසත් බල්ලෙකුගේ අශූචිත් අතර ඇත්තේ රූපය අනිත්‍යභාවයට පත්වෙන වේගය පමණක්‌ම බව දකින්න. ජීවමාන ඇසේ සුන්දරත්වයත් බලු අශූචියේ දුගඳත් යන දෙකම සකස්‌කලේ ඵස්‌සය කෙරෙහි ඇති තෘෂ්ණව විසින් බව දකින්න.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකළ ධර්මය තුළ සිටිමින් ඔබ කැමති කැමති ආකාරයට රූපයේ අනිත්‍ය සංඥාවන් මතුවන දිශාවට මෙනෙහි කරන්න. නිත්‍යයයි කියන සංඥාවට අසුභයෙන්, මරණානුස්‌සතියෙන් වැටබඳින්න. 
පිංවත් ඔබ නින්දට යන සෑම රාත්‍රියකම හෙට උදෑසන වන විට මා මියයාවිය කියන අදහසින් නින්දට යන්න. ඔබ උදෑසන සුවසේ නින්දෙන් ඇහැරුනොත් ප්‍රබෝධයෙන්, වීර්යයෙන් යුතුව ඔබේ වගකීම් යුතුකම් ඉටුකරන්න. 
මීළඟට පිංවත් ඔබ නැවත ආයුෂ, උණුසුම, නොසිටියානම් සංස්‌කාර හේතුවෙන් ඊළඟට සකස්‌ වන උපත නිරයේ තිරිසන් සතකුගේ, ප්‍රේතයෙක්‌ගේ, අසුරයෙකුගේ මිථ්‍යාදෘෂ්ඨික මව්කුසක පිළිසිඳ ගන්නවා මනසින් දකින්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ප්‍රමාදීභාවය යනුවෙන් දේශනා කරන්නේ උදේම නැගිටින්න, කාර්යාලයට යන්න, පාසලට යන්න..... ප්‍රමාද වෙනවාය කියන කාරණය නොවේ. මේවා මොන ප්‍රමාදයන්ද? මෙම ප්‍රමාදයන් ගැන දේශණා කරන්න සාරාසංඛ කල්ප ලක්‍ෂ ගණනක්‌ පෙරුම්පුරා බෝධිසත්වයන් වහන්සේනමක්‌ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න අවශ්‍යද? ඔය ටික පාසලක පිංවත් ගුරුවරයෙකුට කියලා දෙන්න පුළුවන් ඔබට. ප්‍රමාදීභාවය කියලා බුදුරජාණන් වහන්සේ දේශණා කරන්නේ සත්වයා සතර අපායට වැටිලා කල්ප ගණන් ප්‍රමාදවීම සම්බන්ධවයි. 
පිංවත් ඔබේ ඇසට පෙනෙන සෑම තිරිසන් සත්වයෙක්‌ම පෙර ජීවිතයක මනුෂ්‍යයෙක්‌. ලැබූ මනුෂ්‍ය ජීවිතයේදී ශිල්පදයක්‌ ආරක්‍ෂා කරගත්තේ නැහැ. ශිල්පදයක වටිනාකමක්‌ දැක්‌කේ නැහැ. දන් දුන්නේ නැහැ. සද්ධර්මය ශ්‍රවණය කළේ නැහැ. කළ්‍යාණමිත්‍ර ආශ්‍රයක්‌ නැහැ. ජීවිතය ආශ්වාදයක්‌ම කරගත්තා. බිරිඳ, දරුවන්, දැනුම, දේපල... මේවා මත්තෙමයි ජීවත් වුණේ. නොවටිනා දේවල්, වටිනා දේ ලෙසින් ගත්තා. වටිනා දේ නොවටිනා දේ ලෙසින් ගත්තා. කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය තිබුණේ නැහැ. හිටිය යාළුවොත් වර්ණනා කළේ, ගුණ කීවේ, සාදයමයි. බෝතලයමයි. විනෝද ගමන්මයි. තෙරුවන්ගේ වටිනාකම ගැන කියන්න කෙනෙක්‌ හිටියේ නැහැ. දානයේ ශීලයේ වටිනාකම ගැන කියන්න කෙනෙක්‌ හිටියේ නැහැ. මැරෙන බව හිතුවේ නැහැ. මැරිලා නැවත ඉපදෙනවාය කියලා හිතුවේ නැහැ. මැරෙන බව දැනගත්තේ මැරෙන්න යන වේලාවෙයි. මැරෙන වෙලාවෙදි පිනක්‌ සිතේ මතුවුනේ නැහැ. නොවටිනා දේවල් තමයි සිතේ මතුවුනේ. ගැටෙන සිතෙන් මැරිලා, සතර අපායේ නොවටිනා ජීවිතයක්‌ ලබනවා. බුදුරජාණන් වහන්සේ නමක්‌ මේ මොහොතේ ජීවමානව වැඩ සිටියත්, තිරිසන් සතෙකුට, ප්‍රේතයෙකුට ඉන් ඵලයක්‌ නැහැ. මොවුන් තෙරුවන් හඳුනන්නේ නැහැ. ඒ කියන්නේ කල්ප ගණන් ප්‍රමාදභාවයට පත්වුණාය කියන කාරණයයි. එම නිසා ජාති ආගම් භේදයකින් තොරව, සැබෑම ප්‍රමාදභාවය කියන කාරණය, පිංවත් ඔබ හොඳින් දැනගත යුතුයි. මොකද දානයට ශීලයට භාවනාවට අප්‍රමාදී පිංවතාමයි ලෝකයේ සැප ලබන්නේ. එම නිසා ප්‍රමාදීභාවයේ දුක දෙස විදර්ශනා නුවණින් බලා පිංවත් ඔබ අප්‍රමාදී වෙන්න.
ඉන්ද්‍රජිත් සුබසිංහ


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
විවෘත වූ දහමක කුමන ප්‍රශ්නද? කුමන පිළිතුරුද?
සතර අපායෙන් මිදෙමු - 87 කොටස
භාවනාව V


මේ සටහන කියවන ධර්මය කෙරෙහි උනන්දුව අඩු, ජීවිතය ආශ්වාදයක්‌ කරගත් පිංවතෙකුට, පිංවතියකට 'මේ තරම් ලස්‌සන, සුන්දර, තාරුණ්‍යයෙන් පිරුණු ජීවිතය දෙස ඇයි අපි අසුබවාදීව බලන්නේ ' කියලා සිතෙන්න පුළුවන්. බාහිරින් ඔය 'පවුඩර් සාප්පුව' දිහා බැලුවහමනම් ලස්‌සන තමයි. නමුත් පිංවත් ඔබම සිතන්න, සුවඳ විලවුන්, පවුඩර්, ඇඳුම් පැලදුම්, දත් මැදීම්, නෑම, ඇඟ සේදීම් නැති වුණොත් රූපයේ මොන ලස්‌සනක්‌ද? මේ සටහන ලියන මොහොතේ භික්‍ෂුවට පේනවා කුටියට මදක්‌ ඔබ්බෙන් මොනරෙක්‌ පිල් විදහාගෙන නටනවා. 'සර සර' හඬ නගමින් විහිදුණු පිල් එකිනෙක ගැටෙන හඬ භික්‍ෂුවට හොඳින් ඇසෙනවා. මොනරා රඟන රිද්මයටම සෙබඩත් මොනරා වටා කැරකෙනවා. මේ සතුන් දෙදෙනාට හැඟීමක්‌ නැහැ, භික්‍ෂුව අහල පහල සිටිනවා කියලා. මොකද ඒ සතුන් රූපයෙන් භික්‍ෂුව හැඳිනුවත්, අර්ථයෙන් හඳුනන්නේ නැහැ. මේ මොනරත්, සෙබඩත් ආශ්වාදයෙන් මත්වෙලා. හිරිඔතප් ගැන දන්නේ නැහැ. ආශ්වාදයේ කෙටි මිහිර, ආදීනවයේ ප්‍රමාදීභාවයට පාර හෙළිකර දෙනවා දෙදෙනාටම. තව ටික දිනකින් සෙබඩ බිත්තර දමාවී, ඊට පස්‌සේ බිත්තර රකීවී. ඊට පස්‌සේ පැටව් එලියට ඒවී, පැටවුන් පෝෂණය කරාවී, කෙටි ආශ්වාදයක දිගු ආදීනවය පෙනෙනවා නේද?

මේ ලිපි මාලාව වෙනුවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය මෙලෙස මනාකොට ගපන ලද ඒ පින්වත් ස්‌වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්මදේශනා මාලාවේ ඉදිරි දිනවල යෙදී ඇති ධර්ම දේශනා මෙසේය.

මැයි 11 ප.ව. 5.00

ගම්පහ ඉඳිගොල්ල විද්‍යාවංශ පිරිවෙන
මැයි 13 ප.ව. 5.00
ඇලන් මැතිනියාරාය පොල්හේන්ගොඩ
මැයි 14 ප.ව. 6.00
වැලිකඩවත්ත රාජගිරිය
මැයි 15 ප.ව. 3.30
කලපලුවාව තපෝවනය
මැයි 19 ප.ව. 4.00
ශ්‍රී බෝධිමලුව විහාරය තඹුත්තේගම
(ප්‍රාථමික විදුහල අසළ)

පිංවත් ඔබේ අතින් අල්ලාගෙන මේ ගමන යන්න කෙනෙක්‌ නැහැ. මේ සටහන් තබන භික්‍ෂුව අනික්‌ ස්‌වාමීන්වහන්සේලා වගේම ධර්ම මාර්ගයේදී යම් අත්දැකීමක්‌ ලැබුවා වගේම සැඟවීමකින් තොරව එය මේ සටහන්වල සඳහන් කරලා තිබෙනවා. මේ භික්‍ෂුවට කළ හැක්‌කේ එපමණයි. එම නිසා පිංවත් ඔබ 'ඔබේ' අතින්ම අල්ලාගෙන ධර්ම මාර්ගයේ පෙරට යන්න. ඒ කියන්නේ සතිය සිහිය තුළින් විඳීම් සොයන සිත විදර්ශනා ඥාණයෙන් අල්ලාගෙන පෙරට යන්න කියන කාරණයයි. ඔබේ අත ඔබට අතහැරුණොත් අනුන් අත් සියයක්‌ දිගු කළත් ඔබට ඉන් ඇති ඵලයක්‌ නැහැ. මෙසේ පෙරට යනකොට ඔබට මුළින්ම හමුවෙන්න ඕනේ සප්ත බො-ජංග කියන ධර්මයන්. මෙතැනදි තමයි පිංවත් ඔබට සහතිකයක්‌ ලැබෙන්නේ ඔබ තුළින්ම ඔබ නිවැරදි බවට, ඔබේ මාර්ගය අර්ථවත් බවට. අනුන් නෙමෙයි ලකුණු දුන්නේ. ඔබ තුළින්මයි ලකුණු ලැබුවේ. පිංවත් ඔබ තුළින්ම ඔබට ලකුණු ලැබුණත්, ලකුණු ලැබුණාය කියන කාරණයෙන් පැහැදිළිවෙන්නේ එතැන තරගයක්‌ තිබෙනවාය කියන කාරණයයි. තරගයක්‌ තිබෙනවාය කියන කාරණයෙන් පැහැදිලි වෙන්නේ එතැන ජය පරාජය තිබෙනවාය කියන කාරණයයි. ජය පරාජය තිබෙනවාය කියන කාරණය තුළ පැහැදිලි වෙන්නේ එතැන ඇලිම ගැටීම තිබෙනවාය කියන අර්ථයයි. එහෙමනම් පිංවත් ඔබ මේ ලකුණු ලැබෙන තරගයද අත්හැරිය යුතුයි. එය කළ හැක්‌කේ ඔබ තුළ හේතුඵල ධර්මයන් තුළින් වැඩෙන සප්ත බො-ජංග ධර්මයනුත් අනිත්‍ය වශයෙන් දැකීමෙනුයි.

සතියද, ධර්මවිජයද, වීර්යය, ඵස්‌සද්ධි, ප්‍රීති, සමාධි, උපේක්‍ෂා ධර්මයන්ද අනිත්‍ය වශයෙන් අවබෝධකොට ගනිද්දී ඔබ තුළ හේතුඵල ධර්මයන්ට අනුව වැඩෙන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාව යනු සම්මා සම්බුද්ධ ඇකයේ ඔබ උපන් බවට ඔබට ලැබෙන විශ්වාසයයි. එම විශ්වාසය ලැබෙනුයේද ඔබ තුළින්මය. එසේනම් ඔබ නැමති ආශ්චර්යමත් පුද්ගලයා තුළ සැඟවී ඇති අයෝමය ධර්ම ශක්‌තිය ආර්ය අශ්ඨාංගික මාර්ගය තුළින්ම පිංවත් ඔබත් මතුකොටගන්න. මමත්වයේ කුණුහැව ඝණභාවයට පත්කරන නිත්‍ය සංඥාව, සතර සතිපට්‌ඨාන ධර්මයන් උපයෝගීකොට විනිවිද දකින්න. 

මේ සටහන කියවන ධර්මය කෙරෙහි උනන්දුව අඩු, ජීවිතය ආශ්වාදයක්‌ කරගත් පිංවතෙකුට, පිංවතියකට 'මේ තරම් ලස්‌සන, සුන්දර, තාරුණ්‍යයෙන් පිරුණු ජීවිතය දෙස ඇයි අපි අසුබවාදීව බලන්නේ ' කියලා සිතෙන්න පුළුවන්. බාහිරින් ඔය 'පවුඩර් සාප්පුව' දිහා බැලුවහමනම් ලස්‌සන තමයි. නමුත් පිංවත් ඔබම සිතන්න, සුවඳ විලවුන්, පවුඩර්, ඇඳුම් පැලදුම්, දත් මැදීම්, නෑම, ඇඟ සේදීම් නැති වුණොත් රූපයේ මොන ලස්‌සනක්‌ද?

මේ සටහන ලියන මොහොතේ භික්‍ෂුවට පේනවා කුටියට මදක්‌ ඔබ්බෙන් මොනරෙක්‌ පිල් විදහාගෙන නටනවා. 'සර සර' හඬ නගමින් විහිදුණු පිල් එකිනෙක ගැටෙන හඬ භික්‍ෂුවට හොඳින් ඇසෙනවා. මොනරා රඟන රිද්මයටම සෙබඩත් මොනරා වටා කැරකෙනවා. මේ සතුන් දෙදෙනාට හැඟීමක්‌ නැහැ, භික්‍ෂුව අහල පහල සිටිනවා කියලා. මොකද ඒ සතුන් රූපයෙන් භික්‍ෂුව හැඳිනුවත්, අර්ථයෙන් හඳුනන්නේ නැහැ. මේ මොනරත්, සෙබඩත් ආශ්වාදයෙන් මත්වෙලා. හිරිඔතප් ගැන දන්නේ නැහැ. ආශ්වාදයේ කෙටි මිහිර, ආදීනවයේ ප්‍රමාදීභාවයට පාර හෙළිකර දෙනවා දෙදෙනාටම. තව ටික දිනකින් සෙබඩ බිත්තර දමාවී, ඊට පස්‌සේ බිත්තර රකීවී. ඊට පස්‌සේ පැටව් එලියට ඒවී, පැටවුන් පෝෂණය කරාවී, කෙටි ආශ්වාදයක දිගු ආදීනවය පෙනෙනවා නේද?

මේ මොනරා කීවොත් 'මම ලස්‌සනයි' කියලා සැබැවින්ම සාධාරණයි. මොකද එම සතා සුවඳ විලවුන්, ඇඳුම් පැලඳුම්, නෑම් ඇඟ සේදීම්, දත්මැදීම් කිසිම දෙයක්‌ කරන කෙනෙක්‌ නෙවෙයි. නමුත් සැබවින්ම ලස්‌සනට පේනවා. ලස්‌සන තිබෙන්නේ රූපය තුළ නොවෙයි. රූපය කෙරෙහි සකස්‌කොටගත් තෘෂ්ණාව තුළයි. රූපයට ඇති තෘෂ්ණාව අඩුකරගන්න. එවිට ඔබට රූපය අසුබ දෙයක්‌ වශයෙන් පෙනේවී. මේ ස්‌ත්‍රී පුරුෂ මිනිස්‌ රූපය, යමෙක්‌ ලස්‌සනය කියලා කියනවානම්, සශ්‍රික දිව්‍ය තලවල වැඩසිටින දිව්‍යාංගනාවන්, දෙවියන්ගේ දිව්‍ය රූපවල අසිරිය, රිද්මය, ලාලිත්‍යය, කාන්තිය, වර්ණනා කිරීමට භාවිතා කළයුතු වචනය මොකද්ද කියන්න භික්‍ෂුවට තේරෙන්නේ නැහැ. හැබැයි ලොව්තුරා බුදුරජාණන්වහන්සේට නන්ද ස්‌වාමීන්වහන්සේ ප්‍රකාශ කළ කාරණය මෙතැනදි වැදගත් වෙනවා. 'ස්‌වාමීනි, භාග්‍යවතුන්වහන්ස, දිව්‍ය තලයේ දිව්‍යාංගනාවන්ගේ අසිරිය දුටු මට ජනපද කළ්‍යාණිව පෙනෙන්නේ පිච්චී ගිය හේනක සිටින වැඳිරියක්‌ වගේය' කියලා. පිංවත් ඔබ භික්‍ෂුව සමග අමනාප වෙන්න එපා මෙහෙම සටහන් කළාට. ඔබ අමනාප විය යුත්තේ ඔබගේම දෘෂ්ඨිමය දුර්වලතාවයන් සමගය. මේ දෘෂ්aඨිමය දුර්වලතාවයන් බිඳුණු තැනදී, නන්ද ස්‌වාමීන්වහන්සේත් පසුව ජනපදකළ්‍යාණියත් දෙදෙනාම පසුව භව නිරෝධය සාක්‍ෂාත් කරගත්තා. 

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නන්ද ස්‌වාමීන්වහන්සේ උදෙසා අනුගමනය කළ ඉහත උපක්‍රමය, පිංවත් තරුණ ඔබට හුඟක්‌ ප්‍රයෝජනවත් වේවි. එම නිසා ඔබ තුළ වීර්යය මදනම්, රූපය කෙරෙහි තෘෂ්ණාව වැඩිනම් දිව්‍යතලයේ අසිරිමත්, දිව්‍යාංගනාවක්‌ ලබනවාය, වෙනවාය කියන කාරණය ෙච්තනාවක්‌ කොටගෙන භාවනා කරන්න. අල්ලාගත්තත්, අල්ලාගත්තේ අසිරිමත් දිව්‍ය ජීවිතයක්‌නේ. උදය සවස කුණු පිටකරන, ගඳගහන මනුෂ්‍ය ශරීරයක්‌ නොවෙයිනේ. සියල්ල අතහැරීම උදෙසා, අල්ලාගැනීමට අවශ්‍ය තැන් වෙතොත් ඒවා අතහැරීමට කලබල නොවන්න. භාවනාව තුළින් ඔබ ලබන සතිය සිහිය සුදුස තැනදී සුදුසු දෙයින් ඔබව දැනුවත් කරාවී. 

තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන්, වීර්යයෙන් යුතුව දුකින් මිදීමට ඔබ නැගී සිටින්න. දුකින් මිදීම උදෙසා එකම දෙයයි ඔබ නැතිකරගත යුත්තේ. ඒ රූපය කෙරෙහි ඇති තෘෂ්ණාවයි. සියක්‌දහසක්‌ දේවල් නිරතුරුව සිතන පිංවත් ඔබ ඒ සියල්ල ගැන සිතීම මොහොතක්‌ නවතා, තෘෂ්ණාව නැමැති එකම කාරණය ගැන සිතන්න. එවිට ඔබට පෙනේවී සියක්‌දහසක්‌ දේවල් අපි සිතන්නේ තෘෂ්ණාව නිසාමයි කියලා. ඔබ තුළ ඇතිවන සිතිවිලි නිරතුරුවම ඔබේ පාලනයට ගන්න. සිතිවිලි අයාලේ යන්න ඉඩ දෙන්න එපා. අයාලේ යන සිත නිරතුරුවම කාමයේ ආශ්වාදය දෙසටමයි ඇදී යන්නේ. එම නිසා දුවන සිත, අරමුණ උදෙසා ඔබේ පාලනයට ගන්න. පාලනය කරගන්නා වූ සිතෙන් ඔබ වැඩීමට බලාපොරොත්තුවෙන් භාවනා අරමුණ මෙනෙහි කරන්න. සතිය, සිහියයි දැන් ඔබ තුළ පවතින්නේ. පිංවත් ඔබ වචනවල තේරුම සොයන්න යන්න එපා. වචන කියන්නේ විචාර, විතර්ක. විචාර විතර්ක තමයි ඔබව සමාධියෙන් ඈත් කරන්නේ. ඒකෙන් අදහස්‌ වෙන්නේ විචාර විතර්ක අයිති මාරයාට බවයි. ධර්ම මාර්ගය තුළ ගමන් කරන ඔබ කිසිවිටෙකවත් ප්‍රශ්න හෝ පිළිතුරු අතර සිරවෙන්න එපා. විවෘතවූ ධර්මයකුයි බුදුරජාණන්වහන්සේ දේශනා කර තිබෙන්නේ. එම නිසා නැති ප්‍රශ්නයක්‌ ඔබ ඇතිකරගතහොත් මිසක්‌, ප්‍රශ්න තිබෙන්න විදිහක්‌ නැහැ. ප්‍රශ්නයක්‌ නැති තැන පිළිතුරක්‌ කෙසේ පවතින්නද? නිවීම කියන්නේ ප්‍රශ්නයක්‌ හෝ පිළිතුරකට ලඝූ නොවන උතුම් අවබෝධයක්‌. 

පංචඋපාදනස්‌කන්ධය කියන වචනයේ අර්ථයක්‌ තිබෙනවා. එම තේරුම් පසුපස අපි පැටලෙමින් සිට පලක්‌ නැහැ. මොකද පංච උපාදනස්‌කන්ධයේ සැබෑම අර්ථය අනිත්‍යය නිසා. මොනයම් හෝ වචනයක අර්ථයත් අනිත්‍යයි. මොකද වචනයක්‌ යනු පංචඋපාදනස්‌කන්ධයක්‌ම නිසා. මේ සටහන් තබන භික්‍ෂුව කිසිම අවස්‌ථාවක නිවීමේ මාර්ගයේදී කිසිම වචනයක අර්ථයක්‌ සොයන්න වෙහෙසුනේ නැහැ. වචනවල අර්ථය සොයන්න කියන සිත අනිත්‍ය වශයෙන් දැක්‌කා පමණයි. එතැනම සතියත්, සිහියත්, සමාධියත් සකස්‌ වුණා. ඒවයේ අර්ථය සොයන්න ගියානම් සතියත්, සිහියත්, සමාධියත් ගිලිහී යන්න තිබුණා.

ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....
ඔබත් අනෙක්‌ අයත් අතර නැතිනම් වෙනසක්‌
දුකෙන් පිරුණු සසර කතර සදා උරුමයක්‌ 

සතර අපායෙන් මිදෙමු - 88 කොටස
භාවනාව VI


වරක්‌ භික්‍ෂුව වස්‌ තුන්මාසය එක්‌තරා ගම්මානයකට ආසන්න කුටියක වැඩ සිටියා. මාසයකටම එක්‌ දිනක්‌ පමණයි ගමේ ගෙදරකට පිණ්‌ඩපාතය බෙදන්න යෙදී තිබෙන්නේ. වෙසක්‌ පෝය දිනය ආවත් ඒ අය තමන්ගේ දිනයට පිටින් වෙනත් දිනයක අතිරේකව දානයක්‌ බෙදන්නේ නැහැ. නමුත් මේ ගමේ එක්‌තරා මැදිවියේ කාන්තාවක්‌ හිටියා, ඇය තම දානය යෙදී ඇති දිනයට අමතරව මාසයකට හතර පස්‌වතාවක්‌, පාරට ඇවිත් ගෙදර උයන කෑමට හදාගත් මොකක්‌හරි පොඩි දෙයක්‌ හෝ පූජා කරනවා. ගමේ කාටවත් නැති ලක්‍ෂණයක්‌ භික්‍ෂුව ඇගෙන් දුටුවා. ඒ කියන්නේ ගමේ සියල්ලන්ට වඩා ඇය වෙනස්‌ කෙනෙක්‌. නමුත් වස්‌කාලයේ අවසන් මාසයේදී ඇය ඒ පුරුද්ද අතහැර දැමුවා. මොකද ගමේ අනෙක්‌ පිංවතුන් කිසිවෙක්‌ එහෙම නොකරන නිසා. ඒ කියන්නේ ඇයත් අනෙක්‌ සියල්ලන් වගේම වුණා. එම නිසා පිංවත් ඔබත් අනෙක්‌ හැමෝම වැඩකරන කාලසටහනට, ඒ අයගේ චර්යාවටම වැටෙන්න එපා. දාන, ශීල, භාවනා මාර්ගයේ ගුණාත්මකභාවයෙන් පෙරට යන්න දක්‍ෂ වෙන්න.


මේ ලිපි මාලව සපයන ස්‌වාමීන්වහන්සේ, කෙළෙස්‌ කතරේ අතරමංවූ අසරණ ඔබ මා ගැන අනුකම්පා පෙරදැරිව දම්දෙසුම් කිහිපයක්‌ පවත්වන්නාහ. ඉදිරි දින කිහිපයේදී එම දම්දෙසුම් යෙදී ඇති දින වකවානු සහ ස්‌ථාන මෙලෙස ඔබට ඉදිරිපත් කරන්නෙමු. දහම් අසනුරි§සි, ධර්මය දරාගනුරිසි පිංවත්හූ පැමිණෙත්වා ! මෙම ධර්මදානමය පුණ්‍යකර්මයට මෙපමණින් හෝ දායක වීමට ලැබුණු පින ඔබ අප සියල්ලන්ටම අනුමෝදන් වේව!



මැයි මස 19 වැනිදා (ප.ව 4.00 සිට) තඹුත්තේගම, ශ්‍රී බෝධිමළු විහාරය 
(ප්‍රාථමික විදුහල අසල) 
මැයි මස 21 වැනිදා (ප.ව 5.00 සිට) 
ගල්කිස්‌ස, දක්‍ෂිණාරාමය
මැයි මස 23 වැනිදා (ප.ව 5.30 සිට) 
පානදුර, වැලිපිටිය, අභය කරුණාරත්න මුදලින්දාරාමය
මැයි මස 25 වැනිදා (ප.ව 4.00 සිට) කොමිලවත්ත පාර, වතුරුගම හන්දිය (රදාවාන හංදියේ සිට යක්‌කල දක්‌වා වැටී ඇති මාර්ගයේ)


පිංවත් ඔබ හැමවිටම ගෙදර සිටින අනෙක්‌ අයට වඩා වෙනස්‌ කෙනෙක්‌ වෙන්න. පංති කාමරයේ, කාර්යාලයේ, ගමේ, රටේ.... සිටින අන්‍යයන්ට වඩා වෙනස්‌ කෙනෙක්‌ වෙන්න. දන් දීමේදී, ශිල් ආරක්‍ෂා කිරීමේදී, භාවනා කිරීමේදී අනෙක්‌ අයට වඩා වෙනස්‌ කෙනෙක්‌ වෙන්න. මේ කියන්නේ කැපී පෙනෙන කෙනෙක්‌ වෙන්න කියන කාරණාව නෙමෙයි. 'වෙනස්‌ කියලා මෙතැනදී කියන්නේ අර්ථයෙන් ධර්මයෙන් ගුණාත්මක කෙනෙක්‌ වෙන්න කියලයි. මොකද ලොව්තුරා බුදුරජාණන්වහන්සේ තම නිය මතට පස්‌ ස්‌වල්පයක්‌ අරගෙන දේශනා කරනවා, පොළොවේ තිබෙන පස්‌ ප්‍රමාණයට සාපේක්‍ෂව නියසිලේ තිබෙන පස්‌ ප්‍රමාණය කොපමණක්‌ ද, මේ වෙසෙන සත්වයන්ට සාපේක්‍ෂව මරණින් මතු සුගතිගාමීවන සත්ත්වයන් ද ප්‍රමාණයෙන් ඒ වගෙයි කියලා. 

පිංවත් ඔබට, බුදුරජාණන් වහන්සේගේ නියසිලෙහි ඇති පස්‌ ටිකෙන් එක වැලි කැටයක්‌ වෙන්න අවශ්‍ය නම්, ඔබට අනිවාර්යයෙන්ම අනෙක්‌ අයට වඩා වෙනස්‌ කෙනෙක්‌ වෙන්න වෙනවා. පිංවත් ඔබත් අනෙක්‌ සියල්ලන්ම වගේ වුණොත් ඔබටත් සුගතිය අහිමිවේවි. මේ ලැබූ උතුම් අවස්‌ථාව ගිලිහී යාවී. 

වරක්‌ භික්‍ෂුව වස්‌ තුන්මාසය එක්‌තරා ගම්මානයකට ආසන්න කුටියක වැඩ සිටියා. මාසයකටම එක්‌ දිනක්‌ පමණයි ගමේ ගෙදරකට පිණ්‌ඩපාතය බෙදන්න යෙදී තිබෙන්නේ. වෙසක්‌ පෝය දිනය ආවත් ඒ අය තමන්ගේ දිනයට පිටින් වෙනත් දිනයක අතිරේකව දානයක්‌ බෙදන්නේ නැහැ. නමුත් මේ ගමේ එක්‌තරා මැදිවියේ කාන්තාවක්‌ හිටියා, ඇය තම දානය යෙදී ඇති දිනයට අමතරව මාසයකට හතර පස්‌වතාවක්‌, පාරට ඇවිත් ගෙදර උයන කෑමට හදාගත් මොකක්‌හරි පොඩි දෙයක්‌ හෝ පූජා කරනවා. ගමේ කාටවත් නැති ලක්‍ෂණයක්‌ භික්‍ෂුව ඇගෙන් දුටුවා. ඒ කියන්නේ ගමේ සියල්ලන්ට වඩා ඇය වෙනස්‌ කෙනෙක්‌. නමුත් වස්‌කාලයේ අවසන් මාසයේදී ඇය ඒ පුරුද්ද අතහැර දැමුවා. මොකද ගමේ අනෙක්‌ පිංවතුන් කිසිවෙක්‌ එහෙම නොකරන නිසා. ඒ කියන්නේ ඇයත් අනෙක්‌ සියල්ලන් වගේම වුණා. එම නිසා පිංවත් ඔබත් අනෙක්‌ හැමෝම වැඩකරන කාලසටහනට, ඒ අයගේ චර්යාවටම වැටෙන්න එපා. දාන, ශීල, භාවනා මාර්ගයේ ගුණාත්මකභාවයෙන් පෙරට යන්න දක්‍ෂ වෙන්න. මොකද, ඔබ තුළින්මයි ඔබේ සැනසීමත්, දුකත් දෙකම සකස්‌වෙන්නේ. පිංවත් ඔබ ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, කර්මඵල විශ්වාසයෙන් බෙදන එක බත් හැන්දක, සමාදන්ව ආරක්‍ෂා කරන එක සිල්පදයක්‌ තුළ දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ දකින්න ඔබ දක්‍ෂ වෙන්න. එක මොහොතක්‌ අනිත්‍ය සංඥාව වැඩීමේදී, එම අනිත්‍ය සංඥාව තුළින් රහතන් වහන්සේ නමක්‌ දකින්න දක්‍ෂ වෙන්න. එහෙමයි ඔබ වීර්යය සකස්‌කොටගත යුත්තේ, මේ මාර්ගයේ පෙරට යන්න. අනුන් ආදර්ශයට අරගෙන නොවේ, තමා තුළින්ම දුකේ අමිහිරි බව දැකලයි එසේ කළ යුත්තේ. අනුන් කරන දේවල් කරන්න ගිහිල්ල තමයි අපි සංසාරයේ තවමත් දුක තුළම සිටින්නේ. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ කියපු දෙයම කරන්න. උන්වහන්සේ දකින්න කියපු ආකාරයටම දකින්න. 

ඉන්ද්‍රජිත් සුබසිංහ