පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් ලෝකවාසී පුණ්‍යවන්තයින් සියල්ලන්ටම හිත සුව පිණිසත් නිර්වාණය පිණිසත් සුරැකේවා......

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

ධර්මය සරල පිළිතුරක්‌ - එහි කොහිද ගැඹුරක්‌

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ..
සතර අපායෙන් මිදෙමු - 89 කොටස
භාවනාව - අවසන් කොටස


පිංවත් ඔබ ඉදිරියෙන් සිටින සෑම මනුෂ්‍යයෙක්‌ම ඔබේ ගුරුවරයෙක්‌ කරගන්න. ඒ සෑම කෙනෙක්‌ම ඔබට යමක්‌ උගන්නවා. ඔබ ඒ දෙය හොඳින් ඉගෙන ගන්න. මොනවාද ඒ අය උගන්වන්නේ. ඔහු නරකයි, ඔහු හොඳයි, සත්පුරුෂයි. ඔහු අසත්පුරුෂයි, චපලයි, ගුණමකුයි. එයා මෛත්‍රිසහගතයි. එයා කරුණාවන්තයි. එයා අධාර්මිකයි, අරකෙනා ධාර්මිකයි..... අවසානයේ කුමක්‌ද මේ සියල්ලන්ම ඔබට උගන්වලා තිබෙන්නේ. අනිත්‍යයයි කියන කාරණයි.

මේ ලිපි මාලව සපයන ස්‌වාමීන්වහන්සේ, කෙළෙස්‌ කතරේ අතරමංවූ අසරණ ඔබ මා ගැන අනුකම්පා පෙරදැරිව දම්දෙසුම් කිහිපයක්‌ පවත්වන්නාහ. ඉදිරි දින කිහිපයේදී එම දම්දෙසුම් යෙදී ඇති දින වකවානු සහ ස්‌ථාන මෙලෙස ඔබට ඉදිරිපත් කරන්නෙමු. දහම් අසනුරි§සි, ධර්මය දරාගනුරිසි පිංවත්හූ පැමිණෙත්වා! සියල්ලන්ටම අනුමෝදන් වේවා!
මැයි මස 25 වැනිදා (ප.ව 4.00 සිට) කොමිලවත්ත පාර, වතුරුගම හන්දිය (රදාවාන හංදියේ සිට යක්‌කල දක්‌වා වැටී ඇති මාර්ගයේ)

මැයි 27 පස්‌වරු 3.00 ට 

ආයුqර්වේද මධ්‍යස්‌ථානය නාවින්න මහරගම.
මැයි 29 පස්‌වරු 5.00 ට
නාථ දේවාලය (මහනුවර ශ්‍රී දළදා මාළිගාව අසල)
මැයි 31 පස්‌වරු 4.00 ට
ශ්‍රී සුදර්ශනාරාම බෝධි මළු විහාරය. පොළොන්නරුව 
(සංචාරක පොලිසිය අසල)
මේ සමගින් පුරා මාස පහක්‌ පැවැති ධර්මදේශනා මාලාව අවසන් වන බව දන්වා සිටිමු.

බුදුරජාණන් වහන්සේ සොයාගෙන ධර්ම පිපාසයෙන් පැමිණි කිසිවෙකුටත් උන්වහන්සේ කටුසටහන්, මුද්‍රිත පොත් දුන්නේ නැහැ. ආනන්ද ස්‌වාමීන්වහන්සේ හමුවී වැඩි විස්‌තර දැන ගන්න යෑයි කීවේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ භාවනා පංතියට යන්න කීවේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශණා කලේ 'මහණෙනි මේ ඇස අනිත්‍යයි. ඇස අනිත්‍යනම් ඇස නිසා සකස්‌ වෙන ඵස්‌ස, වේදනා, සංස්‌කාර, විඤ්ඤාණ ධර්මයනුත් අනිත්‍යයයි' කියලා. බුදුරජාණන් වහන්සේ බාහිය දාරුචියට දේශණා කළේ 'බාහිය දුටුදෙය දුටුබව සිතන්න. ඇසුන දෙය ඇසුනබව පමණක්‌ සිතන්න. සිත සිතක්‌ පමණක්‌ බව සිතන්න' කියලයි. මෙහි අර්ථය ඵස්‌සය කෙරෙහි නොඇලෙන්න කියන කාරණයයි. ඵස්‌සය අනිත්‍යවශයෙන් දැකීමේදී විඳීමක්‌ සකස්‌ වෙන්නේ නැහැ. සරල කමටහනකින් රහතන් වහන්සේ නමක්‌ බිහිවුණා.

ගිහි පිංවතුන්ලාට මීට අමතරව දානයේ ශීලයේ වටිනාකම දේශණා කළා. මේ කොයි දේශනය තුළත් තිබුණේ සරල බවයි. ගැඹුqර කියන්නේ කෙලෙස්‌ කියන කාරණයයි. කෙලෙස්‌ වලින් මිදෙන්න මිදෙන්න ධර්මයේ ස්‌වභාවයම පැමිණෙනවා. යමෙක්‌ ධර්මය ගැඹුරු ආකාරයෙන් දකින්න යනවානම් ඒ ඔහු තුළ කෙලෙස්‌ වැඩෙනවාය කියන කාරණයයි සිද්ධවෙන්නේ. ජීවිතයේ ගැඹුරු බව දැකලා කලකිරීමෙන් භාවනා කිරීමට එන පිංවතාට භාවනාවේ ගැඹුරු බව කියන්න ගියොත් ඔහුට ජීවිතයත් එපා වෙන්න පුළුවන්. 

ජීවිතයේ ගැඹුර අඩුකරන ''භාෂාව'' තමයි විදර්ශණා භාවනාව. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සරල ආකාරයෙන්ම ඔබේ ජීවිතයට ධර්මය ගලපාගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතර සතිපට්‌ඨාන ධර්මයන් ඔබ සරල කමටහනක්‌ කරගන්න. ජීවිතයේ ගැඹුර භාවනාවේ සරල භාවයෙන් පුරවාගන්න. ජීවිතය නොගැඹුරු කරගන්න. නාම රූප ධර්මයන්ට ඒවායේ ස්‌වභාවයෙන් පවතින්නට ඉඩහරින්න. පිංවත් ඔබ නාමරූප ධර්මයන්ගේ සැබෑම අනිත්‍ය ස්‌වභාවය විදර්ශණාවෙන් දකිමින් ජීවත්වෙන්න. මම තුලින්ම 'මම' නිරෝධය කරන මාර්ගයට එන්න. ධර්මය යනු ගැඹුරක්‌, දිගක්‌, පලළක්‌, සුවයක්‌, වින්දනයක්‌ නොව අනිත්‍යයම බවත්, අනිත්‍ය ඔබෙන් වසන්කරන්නේ තෘෂ්ණාව විසින් බවත් හඳුනාගන්න. බුදුරජාණන් වහන්සේ දේශණා කර වදාල සතරසතිපට්‌ඨාණ සූත්‍රය, ආනාපාන සති සූත්‍රය දෙස බලන්න. මේවා තුළින් අපට කියාදෙන්නේ ගොරෝසු ආශ්වාස ප්‍රශ්වාසය සියුම් කරන ස්‌වභාවය ගොරෝසු කයේ ඝණ සංඥාව සියුම් කරන ස්‌වභාවයයි. මේ සෑම දෙයකම තිබෙන්නේ ගොරෝසු දෙය සියුම් කර දකින වැඩපිළිවෙලයි. මේ සියුම් භාවය යටපත් කරන්නේ පංචනීවරණ විසින්. පංච නීවරණ යටපත් කරදැමීම උදෙසා ශීලයේ පරිපූර්ණ භාවයත් ඒ තුළින්ම සමාධිමත් භාවයත් සකස්‌ කරගෙන පිංවත් ඔබ අර්ථවත් මනුෂ්‍යයෙක්‌ වන්න. ධර්මය තුළට එන්න.

ඔබට ලස්‌සන රූපයක්‌ අරමුණු වෙනවා. රූපය කියන්නේ අනිත්‍ය දෙයක්‌. නමුත් ඔබ එම රූපය තෘෂ්ණාවෙන් ගන්නවා. මේ හේතුවෙන් සංස්‌කාර රැස්‌වෙනවා. ඒ ඔබ අත්දකින්නේ අධර්මයයි. ඔබට ලස්‌සන රූපයක්‌ අරමුණු වෙනවා නම් ඔබ එය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. ඔබ තුළ එම රූපයට තෘෂ්ණාවක්‌ සකස්‌ වෙන්නේ නැහැ. ඒ නිසාම සංස්‌කාරයන් රැස්‌වීමක්‌ නැහැ. මේ ඔබ අත්දකින්නේ ධර්මයයි. ධර්මයත් අධර්මයත් අතර තිබෙන වෙනස පිංවත් ඔබම අත්දැකීමෙන් හඳුනාගන්න. එවිට ඔබට දැනේවි බුදුරජාණන් වහන්සේ ධර්මය මොනතරම් සරල කර අපට දේශණා කර තිබෙනවාද කියලා.

පිංවත් ඔබ ඉදිරියෙන් සිටින සෑම මනුෂ්‍යයෙක්‌ම ඔබේ ගුරුවරයෙක්‌ කරගන්න. ඒ සෑම කෙනෙක්‌ම ඔබට යමක්‌ උගන්නවා. ඔබ ඒ දෙය හොඳින් ඉගෙන ගන්න. මොනවාද ඒ අය උගන්වන්නේ. ඔහු නරකයි, ඔහු හොඳයි, සත්පුරුෂයි. ඔහු අසත්පුරුෂයි, චපලයි, ගුණමකුයි. එයා මෛත්‍රිසහගතයි. එයා කරුණාවන්තයි. එයා අධාර්මිකයි, අරකෙනා ධාර්මිකයි..... අවසානයේ කුමක්‌ද මේ සියල්ලන්ම ඔබට උගන්වලා තිබෙන්නේ. අනිත්‍යයයි කියන කාරණයි.

ජීවිතය ආපස්‌සට හැරිල බලනවිට භික්‍ෂුවට පෙනෙන්නේ මේ අනිත්‍යවු පාඩම කියාදුන් සමාජයයි. පිංවත් ඔබ තුළම ඔබ අසලම ධර්මය තිබේ. හොඳින් බලන්න හොඳින් අසන්න. එය ඔබට මුණගැසේවි. භික්‍ෂුවක්‌ හැටියට අපි පැවිදිවුනේ 'දායක පිරිස්‌ අපේ ළඟට සිව්පසය ගෙනත් පූජා කරාවි, ඒ අය ගරු සම්මාන දක්‌වාවී, වඳීවි, පුදාවි' කියල නොවේ. අප අත්විඳින දුක දැකලා ඒ දුකෙන් මිදෙන්න කියන බලාපොරොත්තුවෙන්. බුදුරජාණන් වහන්සේ තුන් සිව්රත් පාත්‍රයත් පමණක්‌ අපේ අතට දෙන්නේ අපට ඉන්න ඕනේ සැබෑ සීමාව තුළ අපව රඳවන්නයි. ඉන් එහාට යන්න යන්න අපි ධර්මාවබෝධයෙන් දුරස්‌වෙනවා. භාවනා කරන ගිහි පැවිදි අපි කාටත් බුදුරජාණන් වහන්සේගේ ඉහත කමටහන හුඟාක්‌ වැදගත් වෙනවා. මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී ඔබව විකුණන්න පුළුවන්. ඔබව විකිනෙන්නත් පුළුවන්. හුඟාක්‌ පරිස්‌සමෙන්....¾ රූපය මාරයා හැටියට, රූපය ඇසුරින් සකස්‌ වෙන පංච උපාදානස්‌කන්ධය මාරයා හැටියටත් දකින්න. බුදුරජාණන් වහන්සේ කියලා දෙන ඉහත කමටහනත් ඔබට ගොඩාක්‌ වටිනවා. ඉහත සටහන භාවනාව ගැනයි සඳහන්a කළේ. 

මේ කාරණා ටික සදහන් කරන්නේ භාවනා නොකරන පිංවතුන්ලාටයි. ඔබ භාවනා නොකරනවා කියලා කොයිම අවස්‌ථාවකවත් දුක්‌වෙන්න එපා. දුක කියන්නේ ගැටීම කියන අකුසලයයි. එම නිසා පිංවත් ඔබත් තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් දානය ශීලය තුළ හොඳින් හික්‌මෙන්න. එයත් උතුම්ම භාවනාවක්‌මයි. විදර්ශණා භාවනාවට දොරකවුළු විවර කරදෙන සෑම විටම ඔබ ඉන්නා තැන ගැන සතුටුවෙන්න. පියවරක්‌ හෝ ඉදිරියට තබනවායයි වීර්යය සකස්‌ කරගන්න. මේ මොහොතේ මේ පිංබිමේ උපත ලැබු ඔබ සැබෑම දක්‍ෂයින් බව සිතන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
සංසාරයේ කීවරක්‌ නම්
ඔබ ඔතැනම මිහිදන්ව ඇත්ද?

සතර අපායෙන් මිදෙමු - 90 කොටස

සංසාර භිය -1
බමුණා මිථ්‍යාදෘෂ්ඨික කෙනෙක්‌ වුවත් මරණානුස්‌සතිය කියන කාරණය වඩලා තිබෙන කෙනෙක්‌. ඒ කියන්නේ තමා මැරෙනවාය කියල දන්න කෙනෙක්‌. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තොරව මරණානුස්‌සතිය වැඩීම නිසාම සංසාර බිය උදෙසා නොවේ මේ බමුණාට මරණානුස්‌සතිය වැඩුනේ මරණය තුළිනුත් ආශ්වාදයක්‌ සෙවීමේ අරමුණ ඇතිවයි මරණානුස්‌සතිය වැඩිලා තිබුණේ. මරණයට පෙර මරණය ආශ්වාදයක්‌ කරගන්න මනුෂ්‍යයෝ ඕනෑ තරම් සමාජයේ සිටිනවා. මරණය ආශ්වාදයක්‌ කරගන්නා තැනත්තා මැරිලා ඉපදෙනවාය කියන කාරණය දකින්නේ නැහැ. එයා මරණය කියන කාරණය දකින්නේ නැහැ. එයා මරණය කියන කාරණය ළඟ නවතිනවා. මේකම බුදුරජාණන් වහන්සේ 'විභව තන්හාව' කියලා කියනවා. නැවත උපතක්‌ නැහැය කියන විශ්වාසයයි ඔහු තුළ තිබෙන්නේ. ඔහු සිතනවා මරණින් පස්‌සේ සියල්ල ඉවරයි කියලා. ඒ නිසාම ඔහු මරණය ආශ්වාදයක්‌ කරගෙනමයි මැරෙන්න හදන්නේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින කාලයේ එක්‌තරා වස්‌තු සම්පත් ඇති සශ්‍රීක බමුණෙක්‌ ජීවත් වුණා. මේ බමුණාට කාටවත් ඇතිනොවන විදිහේ අශාවක්‌ ඇති වුණා. ඒ ආශාව තමයි තමන් මැරුණාට පසුව කිසිම සත්වයෙක්‌ වළ නොදැමූ බිමක තමාගේ දේහය මිහිදන් කළ යුතුයි කියන ආශාව.

බමුණා මිථ්‍යාදෘෂ්ඨික කෙනෙක්‌ වුවත් මරණානුස්‌සතිය කියන කාරණය වඩලා තිබෙන කෙනෙක්‌. ඒ කියන්නේ තමා මැරෙනවාය කියල දන්න කෙනෙක්‌. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තොරව මරණානුස්‌සතිය වැඩීම නිසාම සංසාර බිය උදෙසා නොවේ මේ බමුණාට මරණානුස්‌සතිය වැඩුනේ මරණය තුළිනුත් ආශ්වාදයක්‌ සෙවීමේ අරමුණ ඇතිවයි මරණානුස්‌සතිය වැඩිලා තිබුණේ. මරණයට පෙර මරණය ආශ්වාදයක්‌ කරගන්න මනුෂ්‍යයෝ ඕනෑ තරම් සමාජයේ සිටිනවා. මරණය ආශ්වාදයක්‌ කරගන්නා තැනත්තා මැරිලා ඉපදෙනවාය කියන කාරණය දකින්නේ නැහැ. එයා මරණය කියන කාරණය දකින්නේ නැහැ. එයා මරණය කියන කාරණය ළඟ නවතිනවා. මේකම බුදුරජාණන් වහන්සේ 'විභව තන්හාව' කියලා කියනවා. නැවත උපතක්‌ නැහැය කියන විශ්වාසයයි ඔහු තුළ තිබෙන්නේ. ඔහු සිතනවා මරණින් පස්‌සේ සියල්ල ඉවරයි කියලා. ඒ නිසාම ඔහු මරණය ආශ්වාදයක්‌ කරගෙනමයි මැරෙන්න හදන්නේ.

භික්‍ෂුව දන්න එක්‌තරා මහත්තයෙක්‌ සිටියා ඒ මහත්මයා තමා මැරෙන්නට පෙරාතුව මිනී පෙට්‌ටියක්‌ ගෙදරට ගෙනත් තියාගත්ත. ඔහු හැමදාම මේ මිනී පෙට්‌ටියේ නිදාගන්නවා. ඔහු බීමත්වයි හුඟාක්‌ වෙලාවට සිටින්නේ. ඔහුට මරණය ආශ්වාදයක්‌. මරණින් මතු නැවත උපදිනවාය කියල ඔහු දන්නේ නැහැ. ඔහු මැරෙන්න කැමතියි. ඔහු සිතනවා මරණින් පස්‌සේ මේ දුක්‌ ගොඩ ඉවරයි කියලා.

භික්‍ෂුව දන්න තවත් මහත්මයෙක්‌ සිටියා. ඔහු තමන්ගේ ඥාතීන්ට මරණයට පෙරාතුව කියා තිබුණා මරණයට පසුව තමාට පාංශුකූලයක්‌, මතක බණක්‌, දානයක්‌ දෙන්න එපාය කියල. ඔහු සෑම වෙලාවේම කිව්වේ 'මැරෙනකම් හොඳට කාල බීල ඇඳලා, පැලඳලා, ජීවත් වෙන්න. සියල්ල මැරෙනකම් පමණයි මරණින් පසුව කිසිවක්‌ නැහැ'ය කියලා. මේ අය මරණය ආශ්වාදයක්‌ කර ගන්න අය. මරණය තමයි මේ අයගේ විමුක්‌තිය. මැරිල නැවත ඉපදෙනවාය කියන විශ්වාසය මේ අයට නැහැ. මරණින් පසුව සියල්ල ඉවරයි කියන විශ්වාසය ඔවුනට තිබෙන්නේ ඉහත බමුණත් මේ දෘෂ්çය තිබුණ කෙනෙක්‌. බමුණා තමන්ගේ සේවකයනුත් අරගෙන මීට පෙර කිසිවෙකු වළ නොදැමූ බිම් කඩක්‌ සොයමින් කැලය පීරමින් ගියා. බොහෝම දුරක්‌ කැලයේ ඇවිදලා විශාල ගසක්‌ යට යම් ස්‌ථානයක්‌ බමුණා සලකුණු කළා. වටපිට හොඳින් නිරීක්‍ෂණය කළා. බමුණාට හොඳටම විශ්වාසයි තමා සලකුණු කළ තැන අතීතයේ කිසිවකු වළ නොදැමූ තැනක්‌ය කියල. බමුණා තම සේවකයන්ට අණ කළා තමා සලකුණු කළ ස්‌ථානයේ වළක්‌ හාරන්න කියලා. බමුණා ලෝකයක්‌ දිනාගත්තා වගේ සතුටකින් සිටියේ. ඔහු තම ඥාතීන්ව සේවකයින්ව දැනුවත් කළා. තමා මැරුණාට පසුව මේ වළේම වළදමන්න කියලා. තමා මරණින් පසුව මේ වළ ඇතුලේ සමාදානයේ සැතපෙන ආකාරය මේ බමුණා සිහිපත් කළා. බමුණාගේ සේවකයන් මිනීවළ හාරමින් සිටියදී මෙතැනට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. 

බුදුරජාණන් වහන්සේ බමුණාගෙන් විමසනවා 'බමුණ, ඔබ ඔය කුමක්‌ද කරන්නේ කියලා. ඒ වෙලාවේ බමුණා කියනවා මම මේ කව්රුවත් නොකළ වැඩක්‌ කරන්න යන්නේ. මම මැරුණාට පස්‌සේ මගේ දේහය මීට පෙර කිසිවෙකු වළ නොදැමූ තැනක වළ දැමීමට මට ආශාවක්‌ ඇති වුණා. මට හොඳටම විශ්වාසයි මේ ස්‌ථානයේ මීට පෙර වළදමා නැහැ'ය කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පුර්වේ නිවාසානුස්‌සති ඥාණයෙන් අතීතය බලා දේශණා කරනවා බමුණ ඔබ මේ සලකුණු කර ඇති ස්‌ථානයේ අතීතයේ ඔබවම දහතුන්දාස්‌ වාරයක්‌ මැරිල වළ දමලා තිබෙනවාය කියලා. බුදුරජාණන් වහන්සේ බමුණාට දුන් මේ පිළිතුර බමුණාට සිතාගන්නවත් බැරිව ගියා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය අභියස බමුණා නුවනින් මෙනෙහි කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශණා කර වදාල සංසාරයේ ගැඹුර තේරුම්ගත්ත බමුණා තමාගේ ළදරු මනෝ භාවයට සමච්චල් කරමින් තෙරුවන් සරණ පිහිටියා. තමාම අතීත භවයන්හිදී දහතුන්දහස්‌ වාරයක්‌ මිහිදන් වුණ බිම්කඩම කමටහනක්‌ කර ගනිමින් බමුණා සද්ධර්මය ශ්‍රවණයකර තමාගේ අනාගත භවගමන උපරිම ආත්මභාව හතකට සීමාකොට ගත්තා.

පිංවත් ඔබ නුවනින් දකින්න ඔබ දෙපා තබාගෙන සිටින ඔය බිම් තීරුව මත ඔබ අතීතයේ කොච්චර දහස්‌ වාරයක්‌ මිහිදන්වෙලා ඇතිද කියලා. 

ඉන්ද්‍රජිත් සුබසිංහ


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....
ඔබේ අතීත භව ගමනේ කැඩපතක්‌ දෙහිවල ඇත

සතර අපායෙන් මිදෙමු - 91 කොටස
සංසාර බිය -2 


මේ නුවණින් මෙනෙහි කිරීම කියන කාරණයෙන් වර්තමානයේ පිංවතුන්ලා හුඟක්‌ බැහැරවයි සිටින්නේ. නුවණින් මෙනෙහිකිරීම හීන වන විට අපි මෝහය දෙසටයි ගමන් කරන්නේ. ඔබ සංසාරයේ ගෙවා පැමිණි දුර සද්ධර්ම ශ්‍රවණය ඔස්‌සේ මතුකර ගන්න. විවේකීව සිටින වේලාවට තමා සංසාරයේ ලබා ඇති ජීවිත නුවණින් සිහිකරන්න. දෙහිවල සත්ව උද්‍යානයේ ඇති සතුන් ඔබේ අතීත භව ගමනේ කැඩපතක්‌ ලෙස දකින්න. අතීතයේ ඔබ සක්‌විති රාජ සම්පත්, ශක්‍ර දිව්‍ය සම්පත්, මනුලොව ධන කුවේර සම්පත් ලබලා සතුටු වුන හැටි නුවණින් දකින්න. 

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුළු දඹදිව තිබෙන කෝටු කැබලි එක ගොඩක්‌ ගසලා ඒ සෑම කෝටු කැබැල්ලක්‌ම ඔබේ ඇඟිල්ලේ ප්‍රමාණයට කඩන්න කියනවා. දැන් මේ කෝටු කැබැල්ල, කෝටු කැබැල්ල අයින් කරන්න කියනවා. මේ මගේ මේ ජීවිතේ අම්මා, මේ මගේ අම්මාගේ අම්මා, වශයෙන් ඔබේ පරපුර දියනොවී තිබියදීම කොටු කැබලි ප්‍රමාණය ඉවර වෙනවා කියලා. මෙසේ මැරෙමින් ඉපදෙමින් පැමිණි ගමනේදී මනාප දෙයින් වෙන්වීමට සිදුවෙලා, අමනාප දෙය සමග එක්‌වීමට සිදුවෙලා නෙතින් ගලාගිය කඳුළු මහා සාගරයේ ජලයට වැඩියි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මහ පොළවේ ඇති පස්‌ සියල්ලම වෙරළු ගෙඩි තරමට ගුලි කරන්න කියලා. එහෙම ගුලි කරලා එක්‌ වෙරළු ගෙඩි ප්‍රමාණයේ පස්‌ ගුලිය ගුලිය අයින් කරන්න කියනවා. මේ මගේ ගෙවී ගිය එක කල්පයක්‌. මේ මගේ ගෙවී ගිය දෙවැනි කල්පය, මේ මගේ ගෙවී ගිය තුන්වෙනි කල්පය කියලා. වෙරළු ගෙඩි ප්‍රමාණයේ පස්‌ ගුලි ඉවර වෙනවා. ඒත් තමා ගෙවාගෙන පැමිණි කල්ප ප්‍රමාණය ඉවර වෙන්නෙ නැහැ කියලා. 

මේ සංසාරේ ගැඹුර පිංවතුන්ලා කමටහනක්‌ කරගන්න. මේවා නුවණින් මෙනෙහි කරමින් සංසාර බිය සකස්‌ කරගන්න. ප්‍රඥාව කියන කාරණය ආලෝක පුජා තුළින්, විදුලි පන්දම් පූජාව තුළින් ඇති වන්නේ නැහැ. ඔබ තුළ ප්‍රඥාව මෝදුවෙන්න නම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය සිද්ධවෙන්න ඕන. ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහිකරන්න ඕන. එවිටයි පිංවත් ඔබ තුළ ප්‍රඥාව ඇතිවෙන්නේ. 

මේ නුවණින් මෙනෙහි කිරීම කියන කාරණයෙන් වර්තමානයේ පිංවතුන්ලා හුඟක්‌ බැහැරවයි සිටින්නේ. නුවණින් මෙනෙහිකිරීම හීන වන විට අපි මෝහය දෙසටයි ගමන් කරන්නේ. ඔබ සංසාරයේ ගෙවා පැමිණි දුර සද්ධර්ම ශ්‍රවණය ඔස්‌සේ මතුකර ගන්න. විවේකීව සිටින වේලාවට තමා සංසාරයේ ලබා ඇති ජීවිත නුවණින් සිහිකරන්න. දෙහිවල සත්ව උද්‍යානයේ ඇති සතුන් ඔබේ අතීත භව ගමනේ කැඩපතක්‌ ලෙස දකින්න. අතීතයේ ඔබ සක්‌විති රාජ සම්පත්, ශක්‍ර දිව්‍ය සම්පත්, මනුලොව ධන කුවේර සම්පත් ලබලා සතුටු වුන හැටි නුවණින් දකින්න. එම සැපයන්ගෙන් තෘප්තිමත් භාවයට පත් නොවූ නිසාම නැවත කල්ප ගණන් සතර අපායන්හි ඉපදිලා සෙම්, සෙම් සොටු ගිනි අඟුරු, ලෝදිය, තණ කොළ, පුන්නක්‌කු...... දුකම අනුභව කර ජීවත් වුණ අතීතය සිහිපත් කරන්න. බුදුරජාණන් වහන්සේයි කල්‍යාණ මිත්‍රය වශයෙන් අපට මේ සංසාර බිය මතුකර පෙන්වන්නේ. පිංවත් ඔබ මේ අතීත සංසාර ගමන නුවණින් මෙනෙහි කරන්න දක්‍ෂ වුවහොත් ඔබට දැනේවි මේ තිරිසන් ලෝකයේ ජීවත්වෙන සෑම සතෙක්‌ම, මේ ප්‍රේත ලෝකයේ ජීවත්වෙන සෑම සත්වයෙක්‌ම, ඔබගේ ඥතිවරයෙක්‌ය කියලා. මේ සුගතියේ දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ලෝකවල ජීවත්වන සෑම සත්වයෙක්‌ම ඔබගේ අතීත ඥාතිවරයෙක්‌ය කියලා. බුදුරජාණන් වහන්සේ ස්‌වාමීන් වහන්සේලාට ප්‍රකාශ කරනවා අවිද්‍යාව නිසා ඉපදෙමින් මැරෙමින් පැමිණි ගමනේදී රජවරු හිස ගසා දමද්දී වගුරපු රුධිරයද මහා සාගරයේ ජලයට වැඩිය කියලා. ගව යෝනියේ, බැටළු යෝනියේ, ඌරු යෝනියේ ඉපදිලා හිසගසා දමද්දී ගලාගිය රුධිරය මහා සාගරයේ ජලයට වැඩිය කියලා. මහා සාගරය පරදවන තරම් රුධිරය අප සංසාරයේ හෙළා තිබෙනවා. ඉපදෙමින් මැරෙන ස්‌වභාවය අවසන් නොවන දෙයක්‌. නිදහස්‌ වෙන්නමයි ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. 

අනේපිඬු සිටුතුමාට, විශාඛා උපාසකට, නකුලමාතාවට බුදුරජාණන් වහන්සේ හමුවන මුල්ම දැක්‌මේදීම සංසාර බිය නුවණින් මෙනෙහි කිරීම තුළින්මයි සෝවාන් ඵලයට පත්වෙන්නේ. පිංවත් ඔබට සිතන්න පුළුවන් ඒ අයට ගොඩාක්‌ පාරමී ශක්‌තිය වැඩිය කියලා. එම අදහස සද්ධාවේ දුර්වලතාවයක්‌ හේතුවෙන් සකස්‌වෙන විචිකිච්චාවේ ස්‌වභාවයක්‌ හැටියට දකිමින් බැහැර කර දමන්න. ලෝකය සිතන විදිහට සිතන්න ඔබ පෙළඹෙන්න එපා. ලෝකය යන්නේ දුක දිශාවටයි. ලෝකයම කමටහනක්‌ කරගෙන ලෝකයෙන් මිදෙන දිශාවට එන්න. 

රූපය කෙරෙහි තිබෙන තෘෂ්ණාව රූපය ඇසුරු කරමින් ක්‍රමානුකූලව හීන කරගන්න. රූපයට රූපයේ ස්‌වභාවයෙන් තිබෙන්ට හැර රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව අතහරින්න. ඔබ අතහරින දෙය අල්ලා ගන්න ඕන තරම් ලෝකයා සිටිනවා. ඔබ ලෝකයෙන් හිස්‌වුණාය කියලා ලෝකයට පාඩුවක්‌ නැහැ.

ඉන්ද්‍රජිත් සුබසිංහ