පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් ලෝකවාසී පුණ්‍යවන්තයින් සියල්ලන්ටම හිත සුව පිණිසත් නිර්වාණය පිණිසත් සුරැකේවා......

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

අධර්මයේ කාලය අති දීර්ඝයි

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ
සතර අපායෙන් මිදෙමු - 92 කොටස
සංසාර බිය -3 


රූපය කෙරෙහි තිබෙන තෘෂ්ණාව, රූපය ඇසුරු කරමින්ම, ක්‍රමානුකූලව හීන කරගන්න. රූපයට රූපයේ ස්‌වභාවයෙන්ම තිබෙන්නට හැර, රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව අතහරින්න. ඔබ අතහරින දෙය අල්ලාගන්න ඕනෑතරම් ලෝකයා සිටිනවා. ඔබ ලෝකයෙන් හිස්‌ වුණාය කියලා ලෝකයට පාඩුවක්‌ නැහැ. ලෝකයට හැමදාමත් පෙරහැරවල් දෙකක්‌ තිබෙනවා. එක පෙරහැරක්‌ තමයි ධර්මයේ පෙරහැර. අනෙක්‌ එක තමයි අධර්මයේ පෙරහැර. ලෝකයේ හැමදාමත් අධර්මයේ පෙරහැර දිග වැඩියි. ධර්මයේ පෙරහැර හැමදාමත් දිගින් අඩුයි. 

ධර්මාවබෝධය සඳහා ඇතිවන බුද්ධෝත්පාද කාලවල ආයුෂත් හුඟක්‌ අඩුයි. අධර්මයේ කාලය, අති දීර්ඝයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු විසි දහසක්‌. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ පරමායුෂ අවුරුදු එකසිය විස්‌සයි. දැන් ඔබ නුවණින් දකින්න. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා අවුරුදු ලක්‍ෂයක්‌ ගියාට පස්‌සෙද අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ?

පරමායුෂ අවුරුදු විසිදාහක්‌, පරමායුෂ අවුරුදු එකසිය විස්‌සක්‌ බවට ක්‍රමානුකූලව අඩුවෙන්න අවම තරමින් අවුරුදු ලක්‍ෂ දහයක්‌වත් ගතවෙන්න ඕනේ. ඒ අවුරුදු ලක්‍ෂ දහයම පාහේ අබුද්ධෝත්පාද කාලය. ඒ කියන්නේ මාරයාගේ කාලය. මාරයා විසින් ලෝකය පාලනය කරන කාලය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා අවම වශයෙන් අවුරුදු ලක්‍ෂ දහයකට පසුවයි ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒ වගේමයි ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තව ටික කාලයකින් අතුරුදන්වෙලා, නැවත මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇති වන්නේ තවත් අවුරුදු ලක්‍ෂ විසි පහක්‌වත් ඈතට ගිහිල්ලයි. 

අබුද්ධෝත්පත්ති කාලවලදී, සතර අපායේ සත්වයාගෙත්, මනුෂ්‍යයාගෙත් අතර වෙනසක්‌ නැහැ. සුගතියෙත් දුගතියෙත් වෙනස ඇතිකොට දෙන්නේ ශීලය විසින්. අබුද්ධෝත්පත්ති කාලවලදී ධර්මය බවට පත්වෙන්නේ දුස්‌ශීල භාවයයි. දුස්‌ශීලභාවය නිසා, මනුෂ්‍යයාගේත්, දෙවියාගේත් තිබෙන ගුණාත්මකභාවය හීන කරනවා. මනුෂ්‍යත්වයට වටිනාකමක්‌ ලබාදෙන්නේ බුද්ධොත්පාද කාලයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබීම ඉතාම දුර්ලභ දෙයක්‌ හැටියට. එය කණ කැස්‌බෑවෙක්‌ විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ දෙයක්‌ය කියලා. 

එසේනම් පිංවත් ඔබ නුවණින් දකින්න ඕනේ, මෙතැනදී බුදුරජාණන් වහන්සේ කණ කැස්‌බෑවෙක්‌ විය සිදුරෙන් අහස බලනවා වගේ, මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබීම දුර්ලභ දෙයක්‌ බව කියන්නේ මේ උතුම් බුද්ධෝත්පාද කාලයක, උතුම් බෞද්ධයෙක්‌ වශයෙන් ඉපදීමයි. මිත්‍යාදෘෂ්ටිකභාවයට පත්වී ඉපදීම, අබුද්ධෝත්පත්ති කාලවල මනුෂ්‍ය ජීවිත ලබා ඉපදීම, දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක්‌ බවට පත්වන්නේ නැහැ. පිංවත් ඔබ නුවණින් මෙනෙහි කිරීම තුළින්ම මේ සත්‍යය දකින්නට ඕනේ. ඔබ මේ සත්‍යය දකින්නට අදක්‍ෂ වුවහොත්, මේ ලැබූ උතුම් බෞද්ධ ජීවිතයේ වටිනාකම ඔබ මතුකොට ගන්නේ නැහැ. මේ ලෝකධාතුව තුළ ජීවත්වෙන හැම මනුෂ්‍යයෙක්‌ටම වඩා ඔබ මේ බුද්ධෝත්පාද කාලය තුළ ලැබූ මනුෂ්‍ය උපත ශ්‍රේෂ්ඨ වෙනවා. කණකැස්‌බෑවෙක්‌ විය සිදුරින් අහස දකිනවාය කියන අතිශයින් දුර්ලභ ඉලක්‌කය ඔබ සපුරාගෙන සිටිනවා. ඒකයි භික්‍ෂුව ඔබට කියන්නේ ඔබ ලැබූ මේ උපත, කාලය, දීපය, දේශය, කුලය, මව කියන කාරණා බලා ලැබූ උපතක්‌ය කියලා. පිංවත් ඔබ මේ උතුම් ධර්මතාවයන් සුපරාගනිමින් ලැබූ මේ උපත අර්ථවත් කරගන්න දක්‍ෂ වෙන්න ඕනේ. 

අපි සිතා ඉන්නවා මෛත්‍රී බුදරජාණන් වහන්සේ තව අවුරුදු පන්දහසකින් පහළවෙනවාය කියලා. මෙවැනි අදහස්‌ අමූලික ශ්‍රද්ධාව හැටියටයි ගැනෙන්නේ. ඔබම පෑනක්‌ කොළයක්‌ අරගෙන කාලය පිළිබඳව තීරණයකට එන්න. 

බුදුරජාණන් වහනසේ ජීවමානව වැඩසිටි කාලයේ පරමායුෂ අවුරුදු 120 යි. වර්තමානයේ මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු හැත්තෑවට විතර බැහැලා තිබෙනවා. ඒ කියන්නේ වසර දෙදහස්‌ පන්සියයක කාලය ගෙවී යද්දී පරමායුෂ අවුරුදු පනහකින් මනුෂ්‍යයාගේ ආයුෂ අඩුවෙලා තිබෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහලවන්නේ මනුෂ්‍යගේ ආයුෂ අවුරුදු අසූ දහසක්‌ දක්‌වා ඉහළ නැගපු කාලයකදියි. එසේනම් ඔබම ගණන් හදා බලන්න, අවුරුදු දෙදහස්‌ පන්සියයකට ආයුෂ අවුරුදු පනහක්‌ අඩුවැඩි වීමක්‌ සිද්ධ වෙනවා නම් මනුෂ්‍යයාගේ ආයුෂ අවුරුදු අසූදහසක්‌ දක්‌වා ඉහළ යන්න අවම වශයෙන් තව අවුරුදු ලක්‍ෂ විසි පහකටත් වැඩිය යනවා. පිංවත් ඔබ නිවැරදිවම ගණන් හදා බැලුවහොත් මෙම කාලය මීට වඩාත් වැඩිවිය හැකි බව ඔබට තේරුම් යනු ඇත.

ඉන්ද්‍රජිත් සුබසිංහ

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
මේ ශාසනයේ අවසාන බැබලීමයි

සතර අපායෙන් මිදෙමු - 93 කොටස
සංසාර බිය -3
අබුද්ධෝත්පත්ති කාලවලදී, සතර අපායේ සත්වයාගෙත්, මනුෂ්‍යයාගෙත් අතර වෙනසක්‌ නැහැ. සුගතියෙත් දුගතියෙත් වෙනස ඇතිකොට දෙන්නේ ශීලය විසින්. අබුද්ධෝත්පත්ති කාලවලදී ධර්මය බවට පත්වෙන්නේ දුස්‌ශීල භාවයයි. දුස්‌ශීලභාවය නිසා, මනුෂ්‍යයාගේත්, දෙවියාගේත් තිබෙන ගුණාත්මකභාවය හීන කරනවා. මනුෂ්‍යත්වයට වටිනාකමක්‌ ලබාදෙන්නේ බුද්ධොත්පාද කාලයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබීම ඉතාම දුර්ලභ දෙයක්‌ හැටියට. එය කණ කැස්‌බෑවෙක්‌ විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ දෙයක්‌ය කියලා.

මේ මොහොත ධර්මයේ අර්ථයන් දීප්තිමත්ව බබළන මොහොතක්‌. එය හරියටම සවසට මුහුදු වෙරළට ගොස්‌ ඉර බැසයනවා බලනවිට ඇතිවන ඉරේ දීප්තිය වගේ. අතුරුදන්වීමේ ඇරඹුමයි අපිට දීප්තියේ ප්‍රභාෂ්වරභාවය තුළින් මතක්‌ කර දෙන්නේ. වර්තමානයේද බුදුදහමේ අර්ථයන් ජීවමානව තිබෙන බැවින් එම අර්ථයන් තුළින් ගුණාත්මක පණිවිඩයක්‌ ලෝකයාට ලැබෙන නිසා ලෝකයේ පවතින අනෙකුත් ආගම්ද ඒවායේ ගුණාත්මකභාවය ඉහළමට්‌ටමක පවත්වාගැනීමට උත්සහ ගන්නවා. මොකද බුදුදහමේ ශක්‌තිමත් අර්ථයන්ට මුහුණදීමට. එසේ නොවුණහොත් බුදුදහමේ අර්ථයන් ඉදිරියේ ඔවුන්ගේ ආගම් අර්ථශූන්‍ය වෙනවා. නමුත් යම් දවසක බුදුදහමේ අර්ථයන් ගිළිහී ගියොත්, ඒ කියන්නේ ශ්‍රද්ධාවෙන් පෝෂණය වුණ ශීලය අතුරුදන්ව ගියොත්, අන්‍ය ආගම්වලට තරග කිරීමට දහමක්‌ ලෝකයේ නැතිව යනවා. ඒ හේතුව නිසා මුළු ලෝකයම සදාචාරාත්මක බිඳවැටීමකට ලක්‌වෙනවා. ශීලය විකෘති වී ගිය දුශ්ශීල සමාජයකදි මනුෂ්‍යයා සහ තිරිසන් සත්වයා අතර වෙනසක්‌ නැහැ. එවන් සමාජයක මනුෂ්‍යත්වය කියන කාරණය දුර්ලභ දෙයක්‌ වෙන්නේ නැහැ.

එක්‌ ධර්ම සාකච්ජාවකදී මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා සමාජය එන්න එන්නම පිරිහුණත් උතුම් යෑයි සැලකෙන මනුෂ්‍ය ජනගහණය ශීඝ්‍රයෙන් වැඩිවෙන්නේ කොහොමද කියලා. නමුත් මෙවන් කලක මනුෂ්‍යයා දුශ්ශීල වෙන්න, වෙන්න මනුෂ්‍ය ජනගහණය වැඩිවෙනවා. එය හේතුඵල ධර්මයක්‌. මනුෂ්‍යයා ශීලයෙන් පිරිහෙනකොට මනුෂ්‍යයා තිරිසන් සතුන් සමග වඩාත් ලෙන්ගතුවෙනවා. දැන් බල්ලෙක්‌, පූසෙක්‌a, මාළුටැංකියක්‌ නැති ගෙදරක්‌ නැති තරම්. ශ්‍රද්ධාවෙන් පෝෂණය වුණ ශීලය පිරිහෙනවිට මනුෂ්‍යයා තිරිසන් සතුන්ව මගේ කරගන්නවා. දරුවන් කරගන්නවා. බිරිඳ කරගන්නවා. තිරිසන් සතුන් සමග කාමයේ හැසිරෙන මිනිසුන් සමාජයේ සිටිනවා. විදේශ රටවල මේ තත්ත්වය වැඩියි. ඒ වගේමයි මනුෂ්‍යයා ශ්‍රද්ධාවෙන් පිරිහෙනවිට ප්‍රේතයා, යක්‍ෂයා කියන සත්වයින් සමග ඇසුරත් හුඟක්‌ වැඩිවෙනවා. රට පුරාම තොවිල්, දේවාල, සාස්‌තර කියන ස්‌ථාන වේගයෙන් වැඩිවෙනවා. මේ හැමදෙයක්‌ තුළින්ම අමනුෂ්‍යයින්, මනුෂ්‍යයින් සමග සම්බන්ධ වෙනවා වැඩියි. මනුෂ්‍යයාත් සතර අපායේ සත්වයන් අතරත් ඇසුර වැඩිවෙන්නේ ශ්‍රද්ධාවෙන් තොර දුශ්ශීල භාවය නිසයි.

සතර අපායත් උතුම් මනුෂ්‍ය ජීවිතයත් අතර ඇති පරතරය නොදකින නිසා මනුෂ්‍යයාත් සතර අපායේ සත්වයාත් වෙන්කර දක්‌වන ශිල්වත්භාවය මනුෂ්‍යයා තුළින් අතුරුදන්වෙමින්, මනුෂ්‍යයා දුශ්ශීලවත් වෙනවිට, මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබීම දුර්ලභ කාරණයක්‌ වෙන්නේ නැහැ. එවිට මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තිරිසන් සතා ප්‍රේතයා කියන තැන ආසන්නයටම වැටෙනවා. එවිට මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබීම කනකැස්‌බෑවෙක්‌ වියසිදුරෙන් අහස බලනවා වාගේ දුර්ලභ දෙයක්‌ නොවේ. මනුෂ්‍යයා මැරිලා තිරිසන් සතෙක්‌, ප්‍රේතයෙක්‌ වෙනවා වගේම තිරිසන් සතුන් අමනුෂ්‍යයින් මැරිලා මනුෂ්‍යයින් වශයෙන් ඉපදෙනවා. මනුෂ්‍යයාගේ දුෂ්ශීලභාවය නිසා වැඩිවශයෙන් තිරිසන් සතුන් ප්‍රේතයින් ඇසුරට යාම හේතුවෙන් මේ සතර අපායේ සත්වයින් මැරෙන මොහොතේ මනුෂ්‍ය උපාදානයක්‌ සකස්‌කරගෙන මනුෂ්‍යයන් වශයෙන් උපදිනවා. මේ හේතුවෙන් වේගයෙන් මනුෂ්‍ය ගහනය ඉහළ යනවා. තිරිසන් සතුන් අමනුෂ්‍යයින් මැරිලා වේගයෙන් මනුෂ්‍යයින් වශයෙන් ඉපදෙනවා. නමුත් එම මනුෂ්‍යයාගේ ගුණාත්මකභාවයක්‌ නැහැ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයා දුශ්ශීලභාවයට පත්වෙන වේගයෙන්ම දෙවියාද දුශ්ශීලභාවයට පත්වෙනවා කියල. මොකද මනුෂ්‍යයාගේ දුශ්ශීලභාවය දැකල කාමඡන්දයන්ට ප්‍රියකරන මාර්ගඵලලාභී නොවන දෙවියනුත් මනුෂ්‍යයාගේ ආදර්ශය ලබමින් දුශ්ශීලභාවයට පත්වෙනවා. දෙවියන්ද දුශ්ශීලභාවයට පත්වීම නිසාම දෙවියන් තුළද ලෝභ, ද්වේශ, මෝහ අකුසලයන් බහුලවී දෙවියන්ද මනුෂ්‍ය ලෝකයේ උපදිනවා. මනුෂ්‍ය ජනගහණය තව තව වැඩිවෙනවා. අබුද්ධොත්පාද කාලවල දිව්‍යතලවල දෙවියන්ගේ ගහණය ශීඝ්‍රයෙන් පහළ බසිනවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. මේ පහළ යන දිව්‍යගහණය, මනුෂ්‍ය ලෝකයේ ජනගහණයටයි එකතුවෙන්නේ. දැන් ලෝකය එකම අවුලක්‌.

පිංවත් ඔබ මේ ජීවිතයේදී අදක්‍ෂ වුවහොත්, ඔබටත් මේ අවුලේ කොටස්‌කරුවෙක්‌ බවට පත්වෙන්නට සිද්ධවේවි. එදාට ලෝකයේ ධර්මය බවට පත්වන්නේ ඇනකොටා ගැනීම, මරාගැනීම සහ යටත්කොට ගැනීමයි.

ශ්‍රද්ධාවෙන් පෝෂණය වුණ ශීලය අතුරුදන්ව ගිය සමාජයකදී ඔබව හරකුන් එළුවන් වගේ කෑලි කෑලිවලට කපා මරා දමාවී. මුවන් ගෝනුන් සේ වෙඩිතබා මරාදමාවි. ගස්‌වල අතුරිකිලි කපනවා වාගේ ඔබගේ අතපය කපලා දමාවී. ගල්ගෙඩි හිස මතට අතහැරලා පණපිටින් ඔබේ හිස කුඩුකරාවී. අමු අමුවේ ඔබලාව පුච්චලා මරාගෙන කාවී. ජනගහණය වැඩිවීමත්, ස්‌වභාවික සම්පත් හීනව යැමත් නිසා බලකාමී යුද කෝලාහලවලට මැදිවී ඔබ මැරුම්කාවී. දුකම, කඳුළම වියෝවම උරුම කරදෙන දුශ්ශීල සමාජයක්‌ අනාගතයේ ඔබට උරුමකරදෙන්නේ මේ සත්‍ය තත්ත්වය නුවණින් මෙනෙහි කරමින් අනාගත සංසාර බිය ඇතිකරගන්න. අතීතයේ ගෙවුණ අබුද්ධෝත්පාද කාලවල ඔබ විඳ ඇති දුක්‌ ගොඩ නුවණින්a දකින්න. මැනවින් දැකීම තුළින්මයි ඔබ අවබෝධයෙන් කලකිරෙන්නේ. අවබෝධයෙන් කලකිරීම තුළින්මයි ඔබ නොඇලීමේ අර්ථය මතුකරගන්නේ. නොඇලීමේ අර්ථය තුළින්මයි පිංවත් ඔබ තුළ භවයෙන් නිදහස්‌ වීමට අවශ්‍ය සාධක සකස්‌වෙන්නේ. නිදහස්‌ වීම තුළින්මයි කවදාහරි දවසක අපි නිවීම සාක්‍ෂාත් කර ගන්නේ. එහෙමනම් නිවීමට අවශ්‍ය ප්‍රධාන සාධකය බවට පත්වෙන්නේ සංසාර බිය නුවනින්, මැනවින් දැකීමමයි.

ඉන්ද්‍රජිත් සුබසිංහ

ඔබේ ඊළඟ ආත්මයේ නිමැවුම්කරු ඔබමය
සතර අපායෙන් මිදෙමු - 94 කොටස
සංසාර බිය -5


මැරෙන මොහොතේ වෙන්නේ මොකක්‌ද කියන කාරණය අපිට ධර්මානුකූලව හොඳට පැහැදිලියි. අපි කවුරුන් හෝ මියයන මොහොතේ අවසාන චුති සිත ඇතිවෙන විට චුති සිත කියන්නේ මේ රූපය උපයොගීකරගෙන සකස්‌වෙන අවසාන පංච උපාදානස්‌කන්ධයට. චුතිසිත සකස්‌වෙන්නේ මනෝවිඤ්ඤාණයක්‌ හැටියට. කුමක්‌ හෝ බාහිර රූපයක්‌ අරමුණුවෙලයි සකස්‌වෙන්නේ. තමන් කළාවු ශක්‌තිමත් කුසලයක්‌ හෝ ශක්‌තිමත් අකුසලයක්‌ මෙහිදී අරමුණු වෙන්න පුළුවන්. මෙම අවසාන චුති සිතට අදාළව ඊළග ප්‍රතිසන්ධිය සකස්‌වෙනවා. ඉහත කාරණය පිංවත් ඔබට හොඳින් තේරුම් ගන්න පිංවත් ගෞරවණීය ස්‌වාමීන් වහන්සේ නමක්‌ භික්‍ෂුවට කියු කථා ප්‍රවෘත්තියක්‌ මෙහි සටහන් තබනවා. 

එක්‌ තරුණ මහත්තයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා රහතන් වහන්සේ නමක්‌ තමා ඉදිරියේ සිටින මනුෂ්‍යයාව දකින්නේ කොයි විදිහටද කියලා.

රහතන් වහන්සේට එම මනුෂ්‍යයාව බාහිර ස්‌වරූපයෙන් පෙනෙනවා. නමුත් එම බාහිර රූප සංඥාව ඉක්‌මවාගිය, අවබෝධාත්මක මනුෂ්‍ය රූපය, වේගයක්‌ හැටියටයි රහතන්වහන්සේ දකින්නේ. රහතන්වහන්සේට පුළුවන් මනුෂ්‍ය රූපය දූවිල්ලක්‌ කර දකින්න. රූපයේ අර්ථයක්‌ නොමැති නිසාම රහතන් වහන්සේ රූපයක්‌ ඵස්‌සය වන මොහොතේම 'දැක්‌කාය' කියන තැන නවතිනවා. ඇසුනාය, දැනුනාය කියන තැනම නවතිනවා. රහතන් වහන්සේ දක්‍ෂයි මහා බ්‍රහ්මයා කියන රූපය දකින්න. ශක්‍රයා කියන රූපය දැක්‌කත්, සක්‌විති රජ කියන රූපය දැක්‌කත් එම රූපයන් ඵස්‌සය ළඟදීම අනිත්‍ය දකින්න. මේ දක්‍ෂභාවය රහතන් වහන්සේට පමණක්‌ ලැබෙන්නේ ඥාන දර්ශන තුළින් රූපයේ සුවිශේෂී අවබෝධය ඔහු ලබන නිසාමයි. මේ රූපයේ වේගය ඥාන දර්ශන තුළින් දකින මොහොතේ රූපය කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැරවී උතුම් සම්මා විමුක්‌තිය සාක්‍ෂාත් කර ගන්නවා. 

ඉහත කාරණාවන් භික්‍ෂුව පිංවත් ඔබට සටහන් තැබුවේ රූපයේ අනිත්‍යතාවය දකිමින් ජීවත්වීමේ අගය පවසන්නයි. මස්‌ ඇසෙන් පෙනෙන රූපයේ අනිත්‍යභාවයත්, උතුම් ඥාන දර්ශන තුළින් දකින රූපයේ අනිත්‍යභාවයත්, අහසයි පොළවයි වගේ වෙනස්‌ වූවක්‌. පිංවත් ඔබ මේ මොහොතේ මස්‌ ඇසෙන් දකින රූපයේ අනිත්‍යභාවය දකිමින් සිටින්න. මොකද ඔබ බැඳුනෙත් බැඳීයන්නෙත් රූපයටමයි.

භික්‍ෂුවට මතකයි භික්‍ෂුව අනිත්‍ය සංඥාවන් තීව්‍ර ආකාරයෙන් වඩන කාලයේදී ලෝකයේ සිටි සුරූපී කුමරියක්‌ රිය අනතුරට පත්වී මියගිය ෙ€දජනක ආකාරය නුවනින් දැක්‌කා. ඇයගේ සුරූපීභාවය, ප්‍රභූභාවයේ අවසානය කොයිතරම් නම් ෙ€දජනකද කියලා නුවනින් මෙනෙහි කළා. ඇයගේ මීළග ජීවිතය කුමක්‌ වේවිද කියලා නුවනින් මෙනෙහි කළා.

රාජ්‍ය නායකයෝ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් විසින් මරාදමනු ලැබූ ෙ€දජනක ආකාරය නුවනින් දැක්‌කා. එම රූපය කෙරෙහි එම ප්‍රභූභාවයන් කෙරෙහි අවබෝධයෙන් කලකිරුණා. මෙය සටහන් තබන භික්‍ෂුව බෝම්බ අනතුරකට හසුවී තමාගේ ශරීරය කුඩුවී විසිරී තිබෙනු මනසින් දැක්‌කා. එම කුරිරු මරණ නුවනින් මෙනෙහි කළා. මේ මොහොත ගිලිහී ගියොත් තවත් එවැනි කුරිරු මරණ ලක්‍ෂ ගණනක්‌ හිමිවන බව නුවනින් දැක්‌කා. ඒවා තුළින් සංසාරබිය ඇතිකරගැනීම සඳහා....

ධර්ම සාකච්ඡාවකදී මහත්තයෙක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා රහතන් වහන්සේට විඳීම කියන කාරණය තිබෙනවා නේද කියලා. රහතන් වහන්සේට විඳීම ඇතිවෙනව කියන කාරණය වැරදි කාරණයක්‌. රහතන් වහන්සේ තුළ විඳීම සකස්‌වෙන්නේ නැහැ. විඳීම කියලා කියන්නේ ඇලීම, ගැටීම, උපේක්‍ෂාව කියන කාරණා තුනට. මේ කාරණා තුන තුළම තෘෂ්ණාව බැසගෙන තිබෙනවා. රහතන්වහන්සේ කියන්නේ තෘෂ්aණාව ක්‍ෂය කරපු උත්තමයෙක්‌. රහතන් වහන්සේ තුළ විඳීම සකස්‌වෙනවා නම් එයින් අදහස්‌වෙන්නේ ඔහු තෘෂ්ණාව නැතිකරල නැහැ. මෙතනදී සමහරක්‌ පිංවතුන්ලා ඵස්‌සය සහ වේදනාව කියන කාරණා දෙක පටලවා ගන්නවා. රහතන් වහන්සේ තුළ ඵස්‌සය සිද්ධවෙනවා. නමුත් රහතන් වහන්සේ ඵස්‌සය ළඟදීම ඵස්‌සයේ අනිත්‍යතාවය දකිනවා. විඳීමක්‌ සකස්‌වීමක්‌ නැහැ. 

එතකොට එම මහත්මයා නැවත ප්‍රශ්න කළා. රහතන් වහන්සේට උෂ්ණය, ශීතලය, දැනෙන්නේ නැතිද කියල. ආහාරයක තිත්ත, පැණිරස දැනෙන්නේ නැතිද කියලා. රහතන් වහන්සේට උෂ්ණය, ශීතල දැනෙනවා. තිත්ත, පැණිරස දැනෙනවා. එය විඳීම නොවෙයි ඵස්‌සයයි. දැනුනා කියන තැන රහතන් වහන්සේ නවතිනවා. එය බොහෝ සියුම් තැනක්‌. උෂ්ණය, ශීතල දැනෙනවා තිත්ත පැණිරස දැනෙනවා ඒවා කෙරෙහි ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන් ඇතිවෙන්නේ නැහැ. විදීම් ඇතිවෙනවානම් ඉන් අර්ථවත් වෙන්නේ තෘෂ්ණාව ක්‍ෂය කරලා නැති බවයි. 

රස දැනෙනවා. නමුත් රසයට බැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇලීම් ගැටීම් උපේක්‍ෂාවන් සකස්‌කර ගන්නේ නැහැ. එම නිසාම රහතන් වහන්සේ තුළින් විඳීම් කියන කාරණය ප්‍රතික්‌ෂේප වෙනවා. මේ නිසායි බුදුරජාණන් වහන්සේ දේශණා කරන්නේ රහතන් වහන්සේ දැක්‌කාය, ඇසුනාය, දැනුනාය කියන තැන නතරවෙනවාය කියල. පැණිරස දැනෙනවා. ඇලීමක්‌ නැහැ. තිත්ත රස දැනෙනවා. ගැටීමක්‌ නැහැ. පැණිරසත් තිත්ත රසයත් දැනෙනවා උපේක්‍ෂාවක්‌ නැහැ. ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැක්‌ක තැනදී විඳීමට පැවත්මක්‌ නැහැ. 

ධර්ම සාකච්ඡාවක්‌ වෙලාවේදී මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා හාමුදුරුවනේ මැරෙන මොහොතේ කුමක්‌ද වෙන්නේ කියලා. මැරෙන මොහොතේ වෙන දෙය කවුරුද තීරණය කරන්නේ කියලා.

මැරෙන මොහොතේ වෙන්නේ මොකක්‌ද කියන කාරණය අපිට ධර්මානුකූලව හොඳට පැහැදිලියි. අපි කවුරුන් හෝ මියයන මොහොතේ අවසාන චුති සිත ඇතිවෙන විට චුති සිත කියන්නේ මේ රූපය උපයොගීකරගෙන සකස්‌වෙන අවසාන පංච උපාදානස්‌කන්ධයට. චුතිසිත සකස්‌වෙන්නේ මනෝවිඤ්ඤාණයක්‌ හැටියට. කුමක්‌ හෝ බාහිර රූපයක්‌ අරමුණුවෙලයි සකස්‌වෙන්නේ. තමන් කළාවු ශක්‌තිමත් කුසලයක්‌ හෝ ශක්‌තිමත් අකුසලයක්‌ මෙහිදී අරමුණු වෙන්න පුළුවන්. මෙම අවසාන චුති සිතට අදාළව ඊළග ප්‍රතිසන්ධිය සකස්‌වෙනවා. ඉහත කාරණය පිංවත් ඔබට හොඳින් තේරුම් ගන්න පිංවත් ගෞරවණීය ස්‌වාමීන් වහන්සේ නමක්‌ භික්‍ෂුවට කියු කථා ප්‍රවෘත්තියක්‌ මෙහි සටහන් තබනවා. 

එක්‌තරා තරුණ මහත්තයෙක්‌ මුහුදු බඩ ප්‍රදේශයේ ජීවත්වුණා. ඒ මහතාගේ විනෝදාංශය මාළු සහ කකුළුවන් ඇල්ලීම. සෑම උදෑසනම එම තරුණ මහත්මයා මුහුදු වෙරළට යනවා. මාළු සහ කකුළුවන් අල්ලන්න. මෙහෙම කාලයක්‌ මේ කටයුත්තේ නියලෙනවිට මේ මහත්මයා හදිසි අනතුරකට ලක්‌වෙනවා. ඔහු දැඩිසේ ගිලන්වෙනවා. ඔහු මරණාසන්න බවට පත්වෙනවා. ඔහු සිතනවා තමාව මැරෙන්නයි යන්නේ කියලා. නමුත් ඔහුගේ සංසාරයේ පිනට මැරෙන්නේ නැහැ. ඒ තරුණ මහත්මයා කියනවා තමා මරණාසන්න වෙච්ච වෙලාවේ තමා නේවාසික සිටි රෝහලේ වාට්‌ටුවේ තිබෙන සෑම කොන්ක්‍රීට්‌ කණුවක්‌ම ඒ මහතාට පෙනුනේ අඩු දික්‌කරගෙන සිටින විශාල කකුළුවන් වගේය කියල. දැන් ඔබට මට කොන්ක්‍රීට්‌ කණුවක්‌ පෙනෙන්නේ කොන්ක්‍රීට්‌ කණුවක්‌ වගේනේ. නමුත් මේ මහත්තායාට මරණාසන්න වෙලාවේ කොන්ක්‍රීට්‌ කණු සියල්ලම පෙනිල තිබෙන්නේ අඬු දිග්කරගත් කකුළුවන් වගෙයි. යම් හෙයකින් මේ තරුණ මහත්මයා මියපරලොව ගියානම් අනිවාර්යෙන්ම මේ මහත්මයා නැවත උපත ලබන්නේ කකුළු බිත්තරයක්‌ තුළයි. උපාදාන පච්චයා භවෝ උපාදනයයි භවය සකස්‌ කර දෙන්නේ. නමුත් මේ මහත්මයා මියපරලොව ගියානම් ඒ මහත්මයා කකුළුවෙක්‌ උපදියි කියලා මේ ලෝකේ කිසිවෙක්‌ විශ්වාස කරන්නෙ නැහැ. නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ධර්මය ඒ උතුම් යථාර්ථය අපිට මැනවින් පැහැදිලිකර දෙනවා. ඉහත කථාවෙන් ඔබට පැහැදිලි වෙනවා. තමාගේ ඊළඟ උපත තීරණය කරන්නේ තමා තුළින්මය කියලා. 

ඉන්ද්‍රජිත් සුබසිංහ