පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් ලෝකවාසී පුණ්‍යවන්තයින් සියල්ලන්ටම හිත සුව පිණිසත් නිර්වාණය පිණිසත් සුරැකේවා......

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

බැඳීමක්‌ නැති ඇසුරක්‌...

මහරහතුන් වැඩි මග ඔස්‌සේ
සතර අපායෙන් මිදෙමු - 107 කොටස

උතුම් සමාධිය තුළදිත්, සමාධියෙන් බැහැරවත් තමන්ට අරමුණුවෙන්නාවූ සෑම රූපයක්‌ම විනිවිද දකින්න. ඒ හැකියාව ඔබ තුළින්ම ඔබ මතුකරගත යුතුයි. පිංවත්, ශීලයෙන් පරිපුර්ණ ඔබ තුළ විදර්ශණාව වැඩෙන්නෙ නැහැ කියන්නේ රූපය විනිවිද දැකීමේ ශක්‌තිය හීනයි කියන කාරණයයි. පිංවත් ඔබට අරමුණුවෙන්නාවූ සෑම රූපයක්‌ම මළකඳක්‌ කර දකින්න. කුණුවෙන මළසිරුරක්‌ සේ දකින්න. ඇටසැකිල්ලක්‌ කර දකින්න. කිසිදු රූපයක්‌ විනිවිද දැකීමෙන් තොරව මතුව යන්න දෙන්න එපා. මෙවැනි අවස්‌ථාවක ඔබේ සිත මන්දගාමී වෙනවා. එවිට ඔබ, ඔබේ රූපය මළකඳක්‌, ඇටසැකිල්ලක්‌ කොට දකින්න. ඉහත මන්දගාමී ස්‌වභාවයට ඔබ රැවටෙන්න එපා.

විදර්ශනාව වැඩෙනවිට හේතුඵළ ධර්මයන් නිසාම සකස්‌වෙන සප්තබො-ජංග ධර්මයන් ගැන අපි අවධාණයෙන් සිටිය යුතුයි. මොකද සප්තබො-ජංග ධර්මයන්ට අපි සමහරවිටක අවබෝධය යෑයි රැවටෙනවා. ප්‍රිතීය, පස්‌සද්ධිය, සමාධිය, උපේක්‍ෂාව කියන ධර්මතාවයන් විදර්ශකයාට මර උගුලක්‌ වෙන අවස්‌ථා තිබෙනවා. එම නිසාම සප්තබො-ජංග ධර්මයන් වන සති, ධම්මවිජය, වීර්යයා, ප්‍රිතීය, පස්‌සද්ධිය, සමාධි, උපේක්‍ෂා කියන ධර්මතාවයන් අනිත්‍ය භාවයෙන් දකින්න අපි දක්‍ෂවෙන්න ඕන. අපි, මේ ගමන යද්දී කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතර සතිපට්‌ඨාන ධර්මයන් අනිත්‍යයයි කියල අවබෝධ කරගන්න ඕන. සතර සතිපට්‌ඨාන ධර්මයන් වැඩීම නිසා ඔබ තුළ සකස්‌වෙන ඒ සප්තබො-ජංග ධර්මයන්ද අනිත්‍යයයි කියළ අවබෝධකරගන්න ඕන. සතරසතිපට්‌ඨාන ධර්මයනුත් සප්තබො-ජංග ධර්මයනුත් අනිත්‍යයි කියලා අවබෝධ කරගනිද්දී ඔබ අවසානයේ අවබෝධකර ඇත්තේ පංචඋපාදානස්‌කන්ධය අනිත්‍යයි කියන ධර්මයතාවයයි. සතිය තුළින්ම ධර්මයේ අර්ථය වන අනිත්‍ය සංඥාව වැඩෙන ආකාරයට සප්තබො-ජංග ධර්මයන් විනිවිද දකින්න. සතියෙන් අනිත්‍යභාවය දකිමිනුයි අපි සතිය තුළ පිහිටන්න ඕනේ. මොකද, සතිය තුළින් තෘෂ්ණාව සැඟවිලා තිබෙනවා. තෘෂ්ණාවෙන් තොර සම්මා සතියයි අපිට වැදගත් වෙන්නේ. සතියේත් අනිත්‍යභාවය විනිsවිද දැක සම්මා සතිය ඇතිකරගන්න. ලෝකයා ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන් වඩිමින් ඉදිරියට යනවිට පිංවත් ඔබ නවතින්න. ඔබ නවතින්නේ විදර්ශණා නුවනින් ලෝකය දකිමින්. විදර්ශණා නුවනට පුළුවන් ලෝකය ඔබ අභියස නවත්වන්න.

වර්තමානයේ ලොකු ප්‍රවනතාවයක්‌ තිබෙනවා. සප්තබො-ජංග ධර්මයන් අවබෝධයක්‌ කරගෙන සප්තබො-ජංග ධර්මයන් වඩවා ගැනීම තමයි භාවනාවෙන් එකම බලාපොරොත්තුව වෙන්නේ. හුඟදෙනෙක්‌ සප්තබො-ජංග ධර්මයන් තුළින් පමණක්‌ තෘප්තිමත්වෙනවා. වෙනස්‌වන දෙයක්‌ කෙරෙහි අපි බැඳී ගියොත් එතන දුකමයි සකස්‌වෙන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සප්තබො-ජංග ධර්මයන් හුඟාක්‌ වර්ණනා කරනවා. නමුත් උතුම් නිවන් අවබෝධය වළක්‌වන අවසාන මාරධර්මය බවට පත්වෙන්නේ සප්තබො-ජංග ධර්මයන්මයි. නමුත් මේ සප්තබො-ජංග ධර්මයන්මයි ධර්මයේ උතුම් ශක්‌තිය අප තුළට කාන්දුකරවන්නේ. ධර්මයේ වෙනස්‌වන ප්‍රතිභාවයන් අප තුළට ලබාදෙන්නේ. සප්තබො-ජංග ධර්මයන් හොඳින් වැඩෙනවිට ඇතිවන සංසිදීමට, නිවන යෑයි රුවටුන පිංවතුන්ලා භික්‍ෂුවට මුණගැසී තිබෙනවා. සප්තබො-ජංග ධර්ම තුළින් ඒ අයගේ කෙලෙස්‌ යටපත්කොටයි තිබෙන්නේ. මුලින් උපුටලා දමලා නැහැ. තමන් තුළ කෙලෙස්‌ ධර්මයන් මතුවීමට ඉඩනොදී සප්තබො-ජංග ධර්මයන් තුළම ඒ පිංවතුන් වාසය කරනවා. අවසාන මාර බන්ධනය විදර්ශණා නුවනින් දකින්න දක්‍ෂනැහැ.

මේ උතුම් නිවන් මාර්ගයේදී සතරසතිපට්‌ඨාණ ධර්මයන් අනිත්‍යයි කියලා දකිනවා වගේම සප්තබො-ජංග ධර්මයන් අනිත්‍යයයි කියලා දකිනවා වගේම නිවන කියන කාරණයත් අනිත්‍යයි කියල දකින්න විදර්ශකයා දක්‍ෂවෙන්න ඕනේ. නිවනට බැඳී ගියොත් අපි එතැනදීත් පංචඋපාදනස්‌කන්ධයට බැඳී ගියා වෙනවා. සියුම් ගමනක්‌, කලබලයකින් තොරව ඔබට යන්න තිබෙන්නේ. නිවන් මාර්ගයේදී එක්‌ සන්ධිස්‌ථානයක්‌ එනවා තෙරුවන් කෙරෙහි අචල විශ්වාසයෙන් ජීවිතය මරණයට දැමිය යුතු අවස්‌ථාවක්‌. ජීවිතය මරණයට දැම්මාය කියන්නේ පංචඋපාදානස්‌කන්ධය අතහැරුනාය කියන කාරණයයි. රූපය කෙරෙහි වේදනාව, සංඥාව, ෙච්තනාව, විඤ්ඤාණය කෙරෙහි තෘෂ්ණාව අතහැරුනාය කියන කාරණයයි. ජීවිතය මරණයට දමලයි අපි කවදහරි ඉපදීමත් මරණයත් දෙකම අවසන් කරගත යුත්තේ. මෙතනදී ජීවිතය මරණයට දමනවාය කියන්නේ වස බොනවා, බෙල්ලේ වැලදාගන්නවා, ගඟක මුහුදක පනිනවා වගේ වැඩක්‌ නොවේ. නිවන් මාර්ගයේදී ජීවිතය මරණයට දැමීමේදී ආදරයත් ද්වේශයත් යන දෙකම අතහැරෙනවා. ඇලීමත්, ගැටීමත්, උපේක්‍ෂාවත් තුනම අතහැරෙනවා. කොටින්ම මෙතැනදී නිවන කෙරෙහි තිබෙන කැමත්තත් අතහැරෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති අයෝමය විශ්වාසයයි ඔබව මේ උතුම් පරිත්‍යාගයට මෙහෙයවන්නේ. අපිට එය බලෙන් ඇතිකරගන්න බැහැ. බලධර්මයන්ගේ දියුණුවයි ඔබට මාර්ගය තුළ ශක්‌තිය සකස්‌කරදෙන්නේ. ආගමික හේතුවක්‌ නිසා ගිනිතබාගෙන මරණයට පත්වීමත්, නිවන් මාර්ගයේදී ජීවිතය මරණයට දමනවාය කියන කාරණයත් අහසයි පොළවයි වගේ වෙනස්‌ දෙයක්‌. ආගමික කාරණයක්‌ උදෙසා ගැටෙන සිතින් අපි ගිනිතබාගෙන මැරුනොත් අපි දුගතියටයි වැටෙන්නේ. නමුත් ධර්ම මාර්ගයේ ශක්‌තිමත් ආකාරයට ගමන් කරලා, අවසානයේ එක සන්ධිස්‌ථානයක්‌ එනවා මාරයාත් නිවනත් අතර සටන්භූමියේදී. ඒ තැනදී භික්‍ෂුවට දැනෙනවා තමා භවය සමග බැඳී ඇත්තේ සියුම් නූලක්‌ වැනි බැඳීමකින් කියළා. මෙන්න මේ සියුම් බැඳීම බිඳින්නයි භික්‍ෂුව ජීවිතය මරණයට දමන අධිෂ්ඨාණයට එන්නේ. මේ සියුම් නූල වැනි බැඳීම සකස්‌කර දෙන්නේ සප්තබො-ජංග ධර්මයන් විසින්මයි. එම නිසයි භික්‍ෂුව ඉහතින් සටහන් කළේ, නිවන් මාර්ගයේ අවසාන තප්පරය ප්‍රමාදකරන මාරබලවේගය වෙන්නේ සප්තබො-ජංග ධර්මයන්මයි කියලා. නමුත් අපි නිවන් මාර්ගය සුද්ද පවිත්‍රකර අවශ්‍ය ජවය ලබාගනිමින්ම සප්තබො-ජංග ධර්මයන්ගේ අනිත්‍යභාවය දැකීමට දක්‍ෂ වියයුතුයි. සතිය තුළින්ම අපි සතියේ අනිත්‍යභාවය දකින්න දක්‍ෂවෙන්න ඕනේ. ප්‍රීතිය පස්‌සද්ධිය තුළින්ම අපි ප්‍රීතිය පස්‌සද්ධියේ අනිත්‍යභාවය දකින්න දක්‍ෂවෙන්න ඕන.

ඉහත මාර්ග තුළ සිටිමින් පිංවත් ඔබ ඉක්‌මන් නොවී සිත විවේකයටම ඉඩදෙන්න. ඒ විවේකයෙන් අනිත්‍යභාවය දකිමින් ඉන්න. දීර්ඝකාලීනව විවේකයට බැඳුන පිංවතුන්ලා සමාජයේ කොතරම් සිsටිනවාද? මනුෂ්‍යයෙක්‌ දකින්න අකමැතියි. මනුෂ්‍යයෙකුට කථාකරන්න අකමැතියි, මේවා විවේකයේම ආශ්වාදය හැටියටයි අපිට දකින්න වෙන්නේ. මේවා අපිව රවට්‌වන ධර්මයේ බොහෝම සියුම් තැන්. විවේකය අත්‍යවශ්‍යයි. ඒත් විවේකයට බැඳෙන්න එපා. කාලයට ගෙවීයන්න ඉඩදෙන්න. පිංවත් ඔබ නැවතී සිට ගෙවීයන කාලයේ දෙස විදර්ශනා නුවනින් බලන්න. එවිට ඔබ කාලයට, කාලසටහන් වලට බැඳී යන්නේ නැහැ. ජීවිතය කොතැනකදීවත්, කාටවත්, කොතැනකටවත් බන්දන්න එපා. ජීවිතය නිදහසේ තිබෙන්නට හරින්න. මෙය සටහන් තබන භික්‍ෂුව ලෝකය සමග ඇසුරු කරනවා. හැබැයි ලෝකයාට බැඳෙන්නේ නැහැ. බැඳීමක්‌ නැති ඇසුරක්‌, මේ උතුම් සද්ධර්මයේ අර්ථය තුළ පමණයි තිබෙන්නේ.



'මහ රහතුන් වැඩි මග ඔස්‌සේ'
කඳුළකට සවන්දී කඳුළු සාගරයක්‌ නිවන්න 



'මහ රහතුන් වැඩි මග ඔස්‌සේ' ලිපි මාලාව පිංවත් ඔබ වෙනුවෙන් පුදනු ලැබූ උන්වහන්සේ එදා ඒ සටහන් තබනු ලැබුවේ අප්‍රකටවය. මහා ඝන වනාන්තරයේ ඈත කුටියක සිට, සිතත්, පරිසරයත් සහමුළින්ම නිසල මොහොතක, ලොවම නිදනා රාත්‍රියක, විටෙක රූස්‌ස ගස්‌ අතරින් පෙරී එන ළහිරු කිරණ හෝ තවත් විටෙක ලන්තෑරුමේ දුප්පත් එළියේ පිහිටෙන් තැබූ ඒ සටහන් දිවයින සිසාරා සදහම් සුවඳ වී හමා ගියේය. ඒ සුවඳ හමන්නේ කොයි ඉසව්වෙන් දැයි සැදැහැති දනෝ විමසූහ. ඒ දහම් සුවඳින් හදවත සුවඳවත් කරගත් අයෙක්‌ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඒ දහම් සුවඳ පතුරුවාහල බුදු පුතුන් දැකීමට ප්‍රාර්ථනා කළහ. සත්‍ය ක්‍රියා කළහ. තවමත් ගලපා ගත නොහැකි දහම් ගැටලුවක්‌ වේ නම් එය ඒ පිංවත් ස්‌වාමීන්වහන්සේගෙන්ම විමසා ගලපා ගැනීමට උනන්දු වූහ. කාලයාගේ ඇවෑමෙන් ඒ ප්‍රාර්ථනා ඉටු විය. සටහනකින් ඔබ දුටු උන්වහන්සේව සියෑසින් දැක ගැනීමට ඔබට හැකි විය. නැතිනම් ඔබට ඒ සඳහා හේතු තිබුණි. එතෙක්‌ ඇසින් කියවූ දහම් ගැලපුම දෙසවනින් ඇසීම උදෙසා දස දහස්‌ ගණනින් රැස්‌වූහ. පිරිස කොතරම් උන්වහන්සේ වටා රැස්‌වුවද, උන්වහන්සේ උන්වහන්සේගේ ස්‌වභාවයෙන්ම සිටිසේක. රැස්‌වන කඳු ගණන් පිරිකරද, දහස්‌ ගණන් පිරිවරද ලෝකය වශයෙන්ම, මාරයා වශයෙන්ම දුටු සේක. ප්‍රසංශාවත්, සාධුකාරයත්, ගැරහුමත්, විවේචනයත් ධර්මයටම ගැලපූහ. වනයේ රුක්‍ෂ මණ්‌ඩලයක රැඳුණු හුදකලාව තමන්වහන්සේගේ විවේකය පිණිසත්, ගම නගරයේ සැකසුණු ධර්ම මණ්‌ඩපයක ඉල්ලීම ධර්මකාමී ජනතාවගේ පහසුව පිණිස කැපකිරීමක්‌ ලෙසත් වස්‌ කාලයෙන් වස්‌ කාලය, උන්වහන්සේ ඉකුත් වසර කිහිපය ගෙවා දැමූහ. නමුත් 'ඉරිදා දිවයින' පුවත්පතේ අඛණ්‌ඩව 'මහ රහතුන් වැඩි මග' ලිපි පළවිය. මේ එහි තවත් ලිපියකි.



මහරහතුන් වැඩි මග ඔස්‌සේ 
සතර අපායෙන් මිදෙමු - 108 කොටස

භික්‌ෂුව පසුගිය මාස හතර අවිවේකී මාස හතරක්‌ දිගටම ධර්ම දේශනා පැවැත්වූවා. පිංවතුන් බොහොම ශ්‍රද්ධාවෙන් ප්‍රතිචාර දැක්‌වූවා. දැන් වස්‌ කාලය පටන් අරගෙන, සති කිහිපයක්‌ ගෙවී ගිහින්. මේ මොහොතේ සිට ගෙවීගිය ධර්ම දේශනා පැවැත්වූ මාස හතර ගැන ආවර්ජනය කොට බලද්දි, එය මැකීගිය සටහනක්‌ පමණයි. ක්‍රියාවක්‌ තිබුණා, බැඳීමක්‌ නැහැ. තැනකට බැඳෙන, තැනකට ඇලෙන තෘෂ්ණාවේ ලාටු, භික්‌ෂුව හොඳින් හඳුනාගෙනයි තිබෙන්නේ.

වේලාව සවස 5.00 ට පමණ ඇති. මැටි කුටියේ ඉදිරිපස ඇති බංකු ලෑල්ල මත වාඩිවෙලා ඔබට මේ සටහන් ලියන්නේ. අඳුට වැටෙන්න ආසන්න වෙලාවේ තොරතෝරංචියක්‌ නැතිව කුරුල්ලන් කෑගසනවා. භික්‌ෂුවට අදහස්‌ ගලාඑනවා. ඒවා භික්‌ෂුව සටහන් තබනවා. මේ වනතුරු භික්‌ෂුව සටහන් තැබූ දෙයක්‌ ප්‍රතික්‌ෂේප වෙලා නැහැ. ඒත් හෙට කුමක්‌ වෙයිද කියලා කියන්න බැහැ. අතීතයේ ස්‌වාමින්වහන්සේලා නිසා පිංවත් ජනතාව තුළ උද්‍යෝගය වැඩිවෙන අවස්‌ථා තිබී තිබෙනවා. ඒත් එම උද්‍යෝගය කාලයත් සමගම නැතිව යනවා. මෙය සටහන් තබන භික්‌ෂුවට ලැබෙන ප්‍රතිචාරයත්, තව මොහොතකින් නැවතිලා යන්න පුළුවන්. ලෝකයාගෙන් අප්‍රමාණ විවේචන එන්න පුළුවන්. 

මනුෂ්‍යයාගේ චිත්ත සමාධිය පිරිහෙනකොට, එම මනුෂ්‍යයා නිරතුරුව අනුන්ව විවේචනයට පෙළඹෙනවා. අපි ඉදිරියේ තිබෙන්නේ ක්‍රමානුකූලව චිත්ත සමාධිය පිරිහීයන සමාජයක්‌. එම නිසා අනාගතයේදී විවේචන බහුලවෙන්න පුළුවන්. කොයි දෙයත් වෙනස්‌ වෙනවා කියන, කොයි දෙයත් අපිට අයිති නැහැයි කියන, උතුම් ධර්මයයි පිංවත් ඔබට මෙහි සටහන් තබන්නේ. උද්‍යෝගය නැගෙන තැනත්, එම උද්‍යෝගය හීනවන තැනත් තවත් එක්‌ ක්‍රියාවක්‌ පමණක්‌මයි. ධර්මය අපිට කියා දෙන උතුම් සැනසිල්ලේ මාර්ගයයි අපි මේ දකින්නේ. අපි දකිනවාට වඩා ලෝකය හිතන්නේ හුඟාක්‌ වෙනක්‌ ආකාරයට. අපි දුක ගැන කතාකරනකොට ලෝකය අපට සැප පෙන්වනවා. අපි සංසාරය බිය ගැන කතාකරද්දී ලෝකය අපට සංසාරය සැපයක්‌ කොට පෙන්වනවා. අපි කියන දෙය අපි පෙන්වන දෙය, අඩු පිරිසක්‌ තමයි ජීවිතයට එකතුකොට ගන්නේ.

එක පිංවත් දරුවෙක්‌ සිටියා ඔහු වෛද්‍ය ශිෂ්‍යයෙක්‌. ධර්මයට ගොඩක්‌ ලැදියි. මේ වෛද්‍ය ශිෂ්‍යයාගෙන් තමන්ගේ මිතුරන් ප්‍රශ්නයක්‌ අසනවා. වෛද්‍ය විද්‍යාලයේදී අධ්‍යාපන පර්යේෂණ කටයුතු සඳහා මැරිච්ච මළමිනී කපනකොට, ඔබට අසුභය මරණානුස්‌සතිය වැඩෙනවාද කියලා. ඒ වෙලාවේ ඒ වෛද්‍ය ශිෂ්‍යයා කියනවලු 'මොන අසුභයක්‌ද, මළමිනියක්‌ කපනකොටම මට පෙනෙන්නේම සල්ලි' කොළයි කියලා ඒ කියන්නේ මළමිනිය කපනකොට, එම වෛද්‍ය ශිෂ්‍යයාට මැවිලා පෙනෙන්නේ අනාගතයේදී තමා වෛද්‍යවරයෙක්‌ වෙලා, මුදල් හම්බකරනවාය කියන උපාදානයයි. බලන්න මෙච්චර ධර්මයට ලැදි වෛද්‍ය ශිෂ්‍යයාත්, මළ මිනිය කපනකොට සලලි කොල නම් දකින්නේ, අපි ඉදිරියේ කොයි තරම් භයානක අනතුරක්‌ තිබෙනවාද?

උරුවෙල කාශ්‍යප කියන ජටිල නායකයා දමනය කරන්න, බුදුරජාණන් වහන්සේ පෙළහර ප්‍රාතිහාර්යයන් තුන්දහස්‌ පන්සියයක්‌ දැක්‌වූවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. බලන්න මොන තරම් බරපතල දෘෂ්ටීන්වලට මනුෂ්‍යයා බැසගෙන සිටිනවාද කියලා. නමුත් කණගාටුදායක කාරණය වන්නේ තමා තුළම ධර්මාවබෝධයේ ශක්‌තිය සැඟවී තිබියදීයි මෙවැනි දෘෂ්ටිවලට අපි බැසගෙන සිටින්නේ.

බුදුරජාණන් වහන්සේ ජීවමානව නැති ලෝකය තුළ සංසාර බිය දකිමින්ම තමා තමාව දමනය කොට ගැනීමට පිංවත් ඔබ දක්‌ෂවෙන්න.

එක අම්මා කෙනෙක්‌ සිටිනවා ඒ අම්මට වයස අවුරුදු අසූවක්‌ පමණඇති. ඒ අම්මා කතාකළොත්, කතාකරන්නේ අනිත්‍ය ගැනමයි. මෙය සටහන් තබන භික්‌ෂුව දවසක්‌ ඒ අම්මා අසනීපවෙලා සිටි වෙලාවක ධර්මය ටිකක්‌ දේශනා කළා. නමුත් ඒ අම්මා භික්‌ෂුවට ධර්මයදේශනා කරන්න දුන්නේම නැහැ. ඒ අම්මා කියන්නේම මේවා හැම දෙයක්‌ම අනිත්‍යයි කියලා. භික්‌ෂුව කල්පනා කළා, තවදුරටත් මේ අම්මට ධර්මය කියලා තේරුමක්‌ නැහැ කියලා. භික්‌ෂුව කෙටියෙන් පිං අනුමෝදන් කරලා, එම නිවසින් වැඩමකරන්න, ආසනයෙන් නැගිට්‌ටා විතරයි, මේ අම්මා කියනවා, හාමුදුරුවනේ ඔබ වහන්සේ භාවනා කරලා, හැමදාම මට නිදුක්‌ නිරෝගීභාවය ප්‍රාර්ථනා කරන්නය කියලා. 

මෙච්චර වෙලා භික්‌ෂුවට ධර්මය කියන්න දුන්නේ නැහැ. අනිත්‍යය ගැනම කියා සිටියා, අවසානයේ ඒ අම්මා කියනවා භාවනා කරලා නිරෝගීභාවය ප්‍රාර්ථනා කරන්න කියලා. බලන්න, කතාවත්, ක්‍රියාවත් අතර කොච්චර පරතරයක්‌ තිබෙනවාද කියලා. අපි හැම වෙලාවෙම තමන්ට වඩා ගුණවත්, සිල්වත් අයට සවන්දෙන්න පුරුදුවිය යුතුයි. අපි දන්නා බව ප්‍රකාශ කරන්නට යාම නිසා, නොදන්නා දෙය දැනගන්න තිබෙන අවස්‌ථාව අපි අහිමිකරගන්නවා. 

සවන්දීම කියන කාරණය හුඟක්‌ වටිනවා. භික්‌ෂුවගේ ගිහි ජීවිතයේදී භික්‌ෂුව කැමැතියි ඕනෑම අයෙකුට සවන්දෙන්න. දුප්පත් මනුෂ්‍යයකුගේ ජීවිතය තුළ, පොහොසත් මනුෂ්‍යයකුගේ ජීවිතය තුළ, සැඟවිලා තිබෙනවා බොහොම වටිනා කමටහන්. භික්‌ෂුවට මතකයි එක්‌තරා ප්‍රභූ මහත්මයෙක්‌ තමන් දැරූ තනතුර අහිමිවෙච්ච වෙලාවේ, ඒ පිංවත් මහත්මයාගේ දැස්‌වලට කඳුළු ගලාගෙන ආවා. ඒ කඳුළු පාලනය කරන්න ඒ මහතාට පුළුවන්කමක්‌ ලැබුණේ නැහැ. එදා ගිහි කෙනෙක්‌ හැටියට ඒ මහතාගේ මුවින් නික්‌මුණු වචනවලට පමණක්‌ නොවේ නෙතින් රූටා වැටුණු කඳුළු වලටත් සවන්දුන්නා. ගෞරවයෙන් ඇසුරු කළ කෙනකුගේ නෙතින් ගලාගිය කඳුළක්‌ තවත් කෙනකුගේ කඳුළු සාගරයක්‌ නිවා දමන්න සවන්දීම කියන කාරණය හුඟක්‌ උපකාර වුණා. 

අනුන්ගේ නෙතින් ගලායන කඳුළක්‌ තුළිනුත් ඔබ සංසාර බිය ඇතිකොටගන්න. කඳුළ තුළින් සංසාර බිය දකින්න දක්‌ෂකෙනා, සිනහව තුළිනුත් සංසාර බිය දකින්න දක්‌ෂ වෙනවා. මොකද සිනහවත්, කඳුළත් දෙකම තෘෂ්ණාවේ ඵලයන් නිසා. ඒ අයට සවන්දීමට අපේ ඇති දක්‌ෂතාව නිසාමයි, අපිට ඒවා මතුකොට ගන්න හැකියාව ලැබෙන්නේ. හැබැයි සමහර පිංවතුන් සිටිනවා, ඒ අය සවන්දෙන්නේ දුර්වල තැන සොයන්න, අවසානයේ ඒවා විවේචනය කරන්න. අපි දක්‌ෂ වෙන්න ඕන අබෝධය උදෙසාම සවන්දීමට පුරුදුවෙන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


මහරහතුන් වැඩි මග ඔස්‌සේ
සතර අපායෙන් මිදෙමු - 109 කොටස

අරටුව හඳුනා ගන්න!
ධර්ම සාකච්ඡාවකදී පිංවත් මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා හාමුදුරුවනේ සමාධියෙන් තොරව භාවනාවක්‌ කරන්න බැරිද කියලා. අවංකවම සමාධියෙන් තොරව භාවනාවක්‌ කරන්න බැහැ. සමාධියක්‌ නැහැය කියන්නේ පංචනීවරණ සිතේ බහුලයි කියන කාරණයයි. පංචනීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යපාද, ජීනමිද්ධ, උද්ධච්ච කුක්‌කුච්ච, විචිකිච්චාව කියන ධර්මතාවයන්ට. මෙම අපද්‍රව්‍ය සහිත සිතේ ධර්මතාවයන්ට අදාළ භාවනාවක්‌ වැඩෙන්නේ නැහැ. ලෝභ, ද්වේශ, මෝහ වැනි විෂම ධර්මතාවයන්නම් හොඳින් වැඩේවි. එම නිසා භාවනාවට පෙරාතුව සමාධිමත් සිතක්‌ ඇතිකරගන්න අවශ්‍ය වෙනවා. ඊට උපකාරක ධර්මයක්‌ සලස්‌වල දෙන්නේ ශීලයේ පරිපූර්ණභාවයයි. පංචනීවරණයන්ගෙන් විසිරුණු සිත බොහෝම කලබලකාරියි. සැප සහිත අරමුණු ඔස්‌සේ හඹාගෙන යනවා. මේ කලබලකාරී බවට සතිය සැ`ගවිලා යනවා. මෙවැනි වෙලාවක සංසාර බිය දකිමින් ජීවත්වෙන්න. සතර අපාය සිහියට නගාගන්න. ධර්ම මාර්ගයත් ඔබත් අතර ඇති පරතරය දකිමින් බිය ඇතිකරගන්න. ඔබ ඔබව ලැ-ජාවට පත්කරගන්න. එවිට භාවනා අරමුණු ඉදිරියේ සිත සන්සුන් වේවි.

මෙවැනි උපක්‍රම තුළිනුත් ඔබේ සිතේ චංචල ස්‌වභාවය නවතින්නේ නැත්නම් ඒ වෙනුවෙන් ඔබ ආයාසයක්‌ ඇතිකරගන්න. ඇස්‌දෙක පියාගෙන ආශ්වාස, ප්‍රාශ්වාසයට පමණක්‌ සිත යොමුකරන්න. ආශ්වාස ප්‍රාශ්වාසය නවතා දමා මොහොතක්‌ දෑස්‌ පියාගෙන සිටින්න. නැවත නැවත මෙය සිදුකරන්න. මේ සියළු ක්‍රියාවන්ගේ අනිත්‍ය භාවය නුවණින් දකින්න. අපි හැමවිටම ශීලය සමාධිය ගැන පමණයි කතා කරන්නේ. ප්‍රඥාව ගැන කථාකරනවා අඩුයි. ශීල, සමාධි, ප්‍රඥා කියන්නේ මාර්ගයක්‌. එය ඵලයක්‌ නොවේ. නිවන් අවබෝධ කරගන්නාවු මාර්ගයක්‌. පිංවත් ඔබ දක්‍ෂවෙන්න ඕන මෙම මාර්ගයේ ගමන් කර ඵලයක්‌ ලබාගන්න. එම ඵලයන් තමයි සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ඵලයන්. ශීලය තුළ හෝ සමාධිය තුළ නැවතී ඉ`දල අර්ථයක්‌ නැහැ. ශීලය පමණක්‌ සමාධිය පමණක්‌ තනිව අරගන්නේ නැතිව ශීල, සමාධි, ප්‍රඥා මාර්ගය හැටියට නිවීමේ මාර්ගය දකින්න ඔබ දක්‍ෂවෙන්න. 

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගසක අරටුවෙන් ප්‍රයෝජනය ඇති මනුෂ්‍යයෙක්‌ හොඳ ගසක අරටුව තිබියදීaම අරටුව හ`දුනා නොගත් නිසාම අරටුවයයි සිතාගෙන ගසේ කොළ අතු කපාගෙන යනවා කියලා. තව කෙනෙක්‌ ගසේ අරටුවයයි සිතලා ගසේ පොත්ත කපාගෙන යනවා. තවත් මනුෂ්‍යයෙක්‌ ගසේ අරටුවයයි සිතා ගසේ සිවිය කපාගෙන යනවා. තවත් මනුෂ්‍යයෙක්‌ ගසේ එලය කපාගෙන යනවා කියලා. මේ කිසිවෙක්‌ ගසේ අරටුවෙන් ප්‍රයෝජන ගන්න දක්‍ෂ නැහැ කියලා. එක කුල පුත්‍රයෙක්‌ ජාති, ජරා, ව්‍යාධි දුක දැකලා ඉන් මිදෙමියි කියල ශ්‍රද්ධාවෙන් ගිහිගෙදරින් නික්‌මිලා පැවිදි වෙනවා. පැවිදි භාවය හොඳින් කරගෙන යනවා. පැවිදි භාවයේ වටිනා ලක්‍ෂණ නිසාම, ප්‍රසන්න සිත්ගන්නාසුළු භාවය නිසාම දායක පිරිස්‌ ඇතිවෙනවා. ඒ නිසාම ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා රැස්‌කරනවා. මම ඇති අයෙක්‌ වෙමි, කීර්තිය ඇතියෙක්‌ වෙමි, පිරිවර ඇතියෙක්‌ වෙමි, මහේශාඛ්‍ය වෙමියි සිතනවා. අන්‍යයන් පින් නැති අල්පේශාක්‍යයන් හැටියට දකිනවා. උත්තරීතර ප්‍රනීත ධර්මයන් ඇතිකරගන්න උත්සහගන්නේ නැහැ. මෙවැනි භික්‍ෂුව ගසේ අරටුව තිබියදී ගසේ අරටුව යෑයි සිතා කොළ අතුකපාගෙන යන මනුෂ්‍යයෝ වගේය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. 

තවත් කුල පුත්‍රයෙක්‌ ශ්‍රද්ධාවෙන් පැවිදීවී කීර්ති ප්‍රශංසා සොයා නොගොස්‌ තමා උසස්‌ අනුන් පහත්යෑයි නොසිතා ප්‍රනීත ධර්ම වැඩීමට වෑයම් කරනවා. ඔහු ශීලය හො`දින් පරිපූර්ණ කරනවා. ශීලය උදෙසාම තම පැවිදි ජීවිතය කැපකරනවා. ඉන් එහා උත්තරීතර ප්‍රනීත ධර්මයන් වැඩීමට වෑයම් කරන්නේ නැහැ. මොහු සසුන ලිහිල් කොට ගත්තෙක්‌ වෙනවා. මෙවැනි භික්‍ෂුව ගසේ අරටුව තිබියදී ගසේ අරටුවයෑයි සිතා ගසේ පොත්ත කපාගෙන යන මනුෂ්‍යයා වගේයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. 

තවත් කුල පුත්‍රයෙක්‌ ශ්‍රද්ධාවෙන් පැවිදිවී ශීලයෙන් පරිපූර්ණභාවයට පත්වී සමාධි සම්පත්තිය ඇතිකරගන්නවා. ඔහු ඉන් එහා ප්‍රනීතධර්මයන් වැඩීමට උත්සහ ගන්නේ නැහැ. මොහු ධ්‍යාන සම්පත් ලබාගනිමින් ඒවා උපාදානය කරගෙන ජීවත්වෙනවා. ඉන් එහා උත්තරීතර ධර්මයන් වඩන්නේ නැහැ. මොහුත් සසුන ලිහිල්කොට ගත්තෙක්‌ වෙනවා. මොහු ගසේ අරටුව තිබියදී ගසේ අරටුවයයි සිතා ගසේ සිවිය කපාගෙන යන මනුෂ්‍යයා වගේයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. 

තවත් කුල පුත්‍රයෙක්‌ සිටිනවා. ඔහු ශ්‍රද්ධාවෙන් පැවිදිවී ශීලයෙන් පරිපූර්ණභාවයට පත්වී සමාධිමත් සිතෙන් වාසය කරනවා. ඔහු සමාධි සම්පත්තියෙන් නොසෑහී ඉන් එපිට චුතුපපාතඥාන, පූර්වේනිවාසානුස්‌සති ඥාන වැනි ප්‍රනීත ධර්මයන් සොයමින් වාසයකරනවා. ඉන් එපිට ධර්මයේ උතුම් හරයක්‌ ගැන සිතන්නේ නැහැ. මේ භික්‍ෂුව ගසේ අරටුව තිබියදී ගසේ එලය කපාගෙන යන පුද්ගලයාවගේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. 

තවත් කුල පුත්‍රයෙක්‌ සිටිනවා. ඔහු දක්‍ෂයෙක්‌. ඔහු මේ ජාති, ජරා, ව්‍යාධි, මරණයන් දැකලා ශ්‍රද්ධාවෙන් පැවිදිවෙලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට බැෙ`දන්නේ නැහැ. ශීලයෙන් පරිපූර්ණභාවයට පත්වෙලා උතුම් සමාධිමත් සිතෙන් වාසය කරනවා. මොහු ශීලයේවත්, සමාධියේවත් ආශ්වාදයට බැෙ`දන්නේ නැහැ. මොහු දක්‍ෂයි රූපාචර අරූපාචර ධාන්‍යඵල අනිත්‍යබව දකින්න. උත්තරීතර ප්‍රනීත ධර්මයන් ජීවිතයට ලබමින්ම එම ප්‍රණීත ධර්මයන්ගේ අනිත්‍යභාවය දකින්න එම භික්‍ෂුව දක්‍ෂයි. ඔහු ශීලය නිසාවත් සමාධිය නිසාවත් නැවත ලෝකයට බැෙ`දන්නේ නැහැ. සංස්‌කාරයන්ගේ බියකරු හැටියට දකිමින්ම විදර්ශනා නුවණ ඇතිකරගන්නවා. සංසාර ගමන කෙලවර කරගන්නවා. මෙම භික්‍ෂුව ගසේ අරටුව සොයාගෙන ගොස්‌ දක්‍ෂ ආකාරයෙන් ගසේ අරටුවම තෝරාගත් දක්‍ෂයා බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. 

බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ඉහත ධර්මය තුළින් පිංවත් ඔබටත් නුවණින් විමසා බැලිය හැකියි සද්ධර්මයේ අරටුවයයි සිතා ඔබ ගසේ අතු කොළද, පොත්තද, සිවියද, ඵලයද පරිහරණය කරන්නේ කියලා. මෙසේ සිතමින්ම ගසේ අරටුව හඳුනාගන්න උත්සහ ගන්න ඔබ දක්‍ෂවන්න. වර්තමාන සමාජය දෙස බලනවිට අපිට පෙනෙනවා සමහරෙක්‌ මහේශාඛ්‍යභාවය සොයාගෙන යනවා. තවත් පිංවතුන්ලා මස්‌ මාංශද, නිර්මාංශද කියන තර්කයේ පැටලිලා සිටිනවා. තවත් පිංවතුන්ලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැමිනෙණතෙක්‌ බලාසිටිනවා. මේ සෑම ප්‍රශ්නයකටම පිළිතුර බුදුරජාණන් වහන්සේ ඉහත දේශනාවෙන් පැහැදිළි කර දෙනවා. මෙතනදී අපි කාගේවත් වරදක්‌ නොවේ දැකිය යුත්තේ. අපගේම ඉන්ද්‍රියධර්මයන්ගේ නොදීයුණු භාවයයි. එහෙමනම් අපේ ප්‍රශ්නයට විස`දුම තිබෙන්නේ විවේචනය තුළ නොවෙයි. අපේ දුර්වලභාවය අපිම හඳුනාගැනීම තුළයි. සද්ධර්මයේ උතුම් අරටුව අතුරුදන් නොවී තිබියදීම අතුකොළ, පොත්ත, සිවිය, එලය විනිවිද ගොස්‌ අරටුව මතුකරගැනීමට අපි දක්‍ෂවිය යුතුයි. ජීවිතය කියන්නේ අවසානයේ මතකයක්‌ පමණයි. ඒ මතකයන් මරල දමලා ජීවිතය මරණයට යනවා. අන්තිමට මතක්‌ වෙච්ච මතකය තවත් ජීවිතයක්‌ උරුමකොට දෙනවා. මියයාමත් ඉපදීමත් ජීවිතය කරගෙන භවය ගලාගෙන යනවා. භව නිරෝධයට අවශ්‍ය විස`දුම තවම සන්දීට්‌çකව තිබෙනවා. ගසේ අරටුව හඳුනාගත් නිසාම අපි අතු කොළ එකතුකරමින් ගස්‌ වටේ කැරකෙනවා. දුකෙන් මිදීමට දුකම සොයනවා. උතුම් ශීලයත් සමාධියත් අනිත්‍යබව දකිමින් විදර්ශනා නුවණ ප්‍රඥාව ඇතිකරගන්න දක්‍ෂවෙන්න. 

පිංවත් මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා හාමුදුරුවනේ ශීලය විදර්ශනා නුවණින් දකින්නෙ කොහොමද කියලා. පිංවත් ඔබ කුමන ශීලයක්‌ සමාදන්වුවද ශිල්පද හොඳින් ආරක්‍ෂා කරගන්න. දැන් ඔබට පුළුවන් භාවනාවක්‌කොට ගන්න. ශීලයෙන් ලැබෙන ආනිශංස තමයි අප්‍රමාදීභාවය ඇතිවෙනවා. ඒ කියන්නේ සතර අපායන්ට වැටිලා ප්‍රමාද වෙන්නේ නැහැ. දෙවැනි ආනිශංසය තමගේ කීර්ති රාවය පැතිරෙනවා. ඕනෑම සභාවක්‌ ඉදිරියට නොබියව යනවා. සිහිමුලානොවී මැරෙනවා. සුගතියේ උපදිනවා. දැන් පිංවත් ඔබ නුවණින් මෙනෙහි කරන්න මේ ආනිශංස සියල්ල විපාකදීල අනිත්‍යවන දේවල්. මෙන්න මේ ශීලයේ ආනිශංසයන්ගේ අනිත්‍යභාවය ඔබ නුවනින් මෙනෙහි කරන්න. එතකොට ඔබ භවයට බැෙ`දන්නේ නැහැ. සිල් සමාදන්වෙලා එහි ආනිශංසයෙන් දෙවියෙක්‌ වේවායෑයි ඔබට සිතුනොත් අතීතයේ ඔබම ශක්‍රයාවෙලා ඉ`දලා නැවත සතර අපායට වැටුනානම් නුවණින් මෙනෙහි කරන්න. සිල් ආරක්‍ෂා කරල එහි ආනිශංසයෙන් නැවත සශ්‍රීක මනුෂ්‍යයෙක්‌ වේවා කියලා ඔබට සිතුනොත් අතීතයේ ඔබ සක්‌විති රාජ සම්පත් ලබල ජීවත් වෙලා නැවත සතර අපායට වැටුන හැටි මෙනෙහි කරන්න. ආනිශංසයේ ආශ්වාදයට බැඳෙන්න එපා. විපාක දීල අවසන්වන සංස්‌කාරයන්ටම බැඳෙන්න එපා. එවිට ඔබ තුළ ඇති චිත්තයයි සකස්‌ වෙන්නේ. 

ශීලය විදර්ශනා නුවණින් දකිනව වගේම සමාධියේත් අනිත්‍යභාවය විදර්ශනා නුවනින් දකින්න. සමාධිය ඇතිවුණාය කියන්නෙ පංචනීවරණ යටපත් වුණාය කියන කාරණයයි. යටපත් වුණ පංචනීවරණ නැවතත් සකස්‌ වෙනවාය කියන කාරණය නුවනින් දකින්න. සමාධියේ ආශ්වාදය හැටියට ඔබ ලබන ධ්‍යාන ඵලයන්ගේ අනිත්‍යභාවය දකිමින් සමාධිය උතුම් විදර්ශනා නුවන ඇතිකරගැනීම සඳහා උපයෝගීකර ගන්න. සමාධිය කියන්නේ තාවකාලික සැපයක්‌ මිස දුකෙන් මිදීමක්‌ නොවේ. දුකෙන් මිදීමක්‌ සමාධිය තුළ සැඟවී තිබෙනවා. සමාධිය තුළ සැඟවී තිබෙන දුකෙන් මිදීමේ අර්ථය සමාධියම විදර්ශනා නුවණින් දැකීම තුළින් ඔබ මතුකරගන්න ඕනේ. එසේ නොවුනොත් ශීලයත් සමාධියත් අපිට තාවකාලික ආශ්වාදයක්‌ අවාසනයේ සංසාර බියමයි සකස්‌කර දෙන්නේ. 

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුව මුණගැසීමට පැමිණියා. ඔහුගේම වචනවලින් කියනවානම් ඔහුගේ මුළු ජීවිතයම රෝගයක්‌. වෛද්‍යවරයෙකුට සොයාගන්න බැරි කායික වේදනාවකින් නිරතුරුවම ඔහු පෙළෙනවා. මේ තරුණ මහත්මයා රෝගී තත්වය නිසාම ජීවිතය නැතිකරගන්න ගිය අවස්‌ථා කීපයක්‌ම තිබිල තියෙනවා. ඔහු කුටියට ඇවිත් භික්‍ෂුවට කියන්නේ තමාට දීවිනසාගැනීමට හැර වෙනත් විකල්පයක්‌ නැති බවයි. ඔහු කල්පනා කරනවා ජීවිතය නැතිකරගතහොත් මේ වේදනා සියල්ලෙන්ම මිදුනාය කියල. භිsක්‍ෂුව ඔහුට ප්‍රකාශ කළේ ඔබ කරන සුදුසුකම්ලත් වෛද්‍ය ප්‍රතිකාර දිගටම කරන්න. මනෝවෛද්‍යවරයෙක්‌ව මුණගැසෙන්න. හැකිතාක්‌ බෝධිපුජා දන්දීම්, ගිලන්අයට උපස්‌ථානය කරන්න කියලා. මෛත්‍රී චින්තනයෙන් සෑමවිටම ඉන්න කියල. මේ කරන කුසල් ශක්‌තියෙන් තමන්ගේ ජීවිතයට බලපාන අතීත අකුසල් තිබේනම් එම අකුසල් විපාකයන් නැතිවන බව දකිමින් ජීවත්වන්න කියලා. ලෙඩෙක්‌ය කියන කාරණය සිතන්නෙ නැතිව තමා හැම මොහොතකම නීරෝගී කියන කාරණය දකින්න කියලා. සමහර පිංවතුන්ලා සිත ලෙඩකරගෙන ජීවත්වෙන්නේ. හිත ලෙඩ වුණොත් ශරීරය අනිවාර්යෙන්ම ලෙඩ ගොඩක්‌මයි. බුදුරජාණන් වහන්සේ නකුලපියාට දේශනා කරනවා පිංවත් නකුල මේ කය ලෙඩ හැදෙන දෙයක්‌ කටුවකින් වැසීගිය බිත්තරයක්‌ වගේ. මේ කය පරිහරණය කරමින් යමෙක්‌ මොහොතක්‌ හෝ නිරෝගීභාවයක්‌ බලාපොරොත්තුවෙනවා නම් එය අඥානකමක්‌. ඔබ මේ විදීහට හික්‌මෙන්න ඕන. මා හට අසනීප වලින් පීඩිත කයක්‌ තිබුණට මම සිත විතරක්‌ ලෙඩ කරගන්නේ නැහැ කියලා. ඥානවන්ත ආර්ය ශ්‍රාවකය සතර මහා ධාතුවෙන් හටගන්නා රූපය ආත්මය කර ගන්නේ නැහැ. මා තුළ රූපය රූපය තුළ මා සිටිනවා කියල ගන්නේ නැහැ. රූපය තුළ ආත්මයත් ආත්මය තුළ රූපයත් තිබෙනවාය කියල ගන්නේ නැහැ. එහෙම දකින කෙනා රූපය වෙනස්‌වෙන විට රූපය ලෙඩවෙන විට පසුතැවෙන්නේ නැහැ, කනගාටුවෙන්නේ නැහැ කියල බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. වර්තමානයේ සමහරක්‌ රෝගාබාධවලට මූලික හේතුව මේ සිත ලෙඩකර ගැනීම. 

එක අම්මා කෙනෙක්‌ සිටියා ඇයගේ දියණිය පහේ ශිෂ්‍යත්ව විභාගයට බොහෝම මහන්සිවෙලා සූදානම් කළා. මේ කාලයේදී ඇය උදයට නැගිට්‌ටෙ පාන්දර තුනට. ඒ දරුවාට අවශ්‍ය සටහන් පිළියල කරන්නට. අවසානයේ දරුවාගේ විභාගයේ ප්‍රතිඵල පැමිණියා. දරුවා අවශ්‍ය සුදුසුකම් ලබල සිටියේ නැහැ. සිත ලෙඩවුණු ඒ අම්මා රෝගාතුර වුණා. දීර්ඝ කාලයක්‌ ප්‍රතිකාර කරන්නට වුණා. තමන්ගේ දෙයක්‌ තමන්ට අයිති නැතිවිට අනුන්ගේ දෙයක්‌ තමාගේ කරගෙන දුක්‌ විඳිනවා. මුලින් සඳහන් කළ මහත්මයා භික්‍ෂුව මුණගැසෙන්නට පැමිණ ප්‍රකාශ කළේ තමාගේ ශාරීරික වේදනාව ඉවසිය නොහැකි තැන තමාට දීවිනසා ගැනීමට සිතෙනවාය කියල. ඔහු එවැනි උත්සහයන් කිහිපයක්‌ අතීතයේ අරගෙන තිබෙනවා. ඒ වෙලාවේ භික්‍ෂුව ඔහුට මතක්‌ කළේ ඔබ සිතන්න මෙතැන දර කැබලි තුනකින් අවුලපු ගිනි ගොඩක්‌ තිබෙනවා. භික්‍ෂුව ඔබට කියනවා මේ කුඩා ගිනිගොඩට විනාඩියක්‌ ඔබේ ඇගිල්ල දමාගෙන ඉන්න කියල. භික්‍ෂුව ඔහුගෙන් ඇසුවා ඔබ විනාඩියක්‌ ගිනිගොඩට ඇ`ගිල්ල දමාගෙන සිටින විට ඇතිවෙන වේදනාවද වැඩි ඔබේ ශරීරයේ රෝගය නිසා තිබෙන වේදනාවද වැඩිකියල. එවිට එම මහත්මයා කියනවා මේ ඇ`ගිල්ල ගිනිගොඩට දමාගෙන සිටිනවිට ඇතිවෙන වේදනාව වැඩිය කියල. දැන් පින්වත් ඔබ නුවණින් මෙනෙහි කරන්න ඕනේ සංසාරබිය නොදකින නිසාම අපි අඩු වේදනාව අතහැරල වැඩි වේදනාව උරුමකරගන්නවා. අඩු දුක අතහැරල වැඩි දුක තෝරාගන්න යනවා. අසනීපය නිසා ඇතිවන ශාරීරික පීඩාව විඳගැනීමට නොහැකිව සියදීවිනසාගතහොත් අනිවාර්යෙන්ම ඊළ`ග උපත නිරයේමයි සිද්ධ වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙන්නේ. මෝහය නිසාම කර්මය කර්ම ඵල විශ්වාසය නොමැති නිසාම කැමත්තෙන්ම පොඩි දුකක්‌ අතහැරලා ලොකු දුකක්‌ තෝරාගන්නවා. සියදිවි නසාගන්නවා කියන්නේ තමාගේ අකුසල් සංස්‌කාරවලින් තමාම පලිගන්නවා කියන කාරණයයි. තමා කෙරෙහි තමා ද්වේශය ඇතිකරගන්නවා කියන කාරණයයි. එහි විපාකය හැටියට ගිනි නිරයට වාටුනොත් ඒවායේ ආයුෂ කල්ප ගණන් දිගයි. අපිම කළාවු අකුසල්වල විපාකයන් මතුවෙන විට ඔබට සියදිවි නසාගනන්ට සිතෙන්න පුළුවන්. එවැනි අවස්‌ථාවක කවදාකවත් ඉක්‌මන් වෙන්න එපා. කල්‍යාණමිත්‍ර ඇසුරත් තමාට වඩා අවබෝධයෙන් වැඩි කෙනෙක්‌ සොයාගෙන යන්න. අකුසල විපාකයන් බලවත් වෙන විට ඒවා අපිට උපක්‍රමශීලීව විපාකයන් දීමට කටයුතු කරනවා. එම අකුසල් සංස්‌කාරයන්ගේ උපක්‍රමශීලීබව හඳුනාගත යුතු වන්නේ ශ්‍රද්ධාව තුළින්මයි. ඒවාට පිළිතුරු සෙවිය යුත්තේ කුසලය තුළින්මයි. ශ්‍රද්ධාව රහිත පුද්ගලායව පිරිහෙනවා. සංසාර බිය රහිත පුද්ගලයා පිරිහෙනවා. ප්‍රඥාව රහිත පුද්ගලයා පිරිහෙනවා. අවපසට යන සඳක්‌වගෙයි ඒ අයගේ ජීවිතය. ශ්‍රද්ධාව, සංසාරබිය ඇති, අලස නැති ප්‍රඥාවන්ත පුද්ගලයා පුරපසට යන සඳවගේ දීයුණු වෙනවා. සැප ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. 

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com