පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් ලෝකවාසී පුණ්‍යවන්තයින් සියල්ලන්ටම හිත සුව පිණිසත් නිර්වාණය පිණිසත් සුරැකේවා......

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

අවබෝධය යනු නිහඬතාවක්‌ මිස සටන් පාඨයක්‌ නොවේ

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...

සතර අපායෙන් මිදෙමු - 101 කොටස


'මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ ' ලිපි මාලාව පිංවත් ඔබ වෙනුවෙන් පුදන උන්වහන්සේ එදා ඒ සටහන් තබනු ලැබුවේ අප්‍රකටවය. මේ දක්‌වා කිසිම විටෙක කිසිම අයුරකින් ප්‍රසිද්ධියට පත්වීමේ අවශ්‍යතාවක්‌ උන්වහන්සේට තිබූ අයුරක්‌ අපි නොදැක්‌කෙමු. ඒ බව ධර්මයේ නාමයෙන් සපථ කළ හැක්‌කේය. කාලයාගේ ඇවෑමෙන් උන්වහන්සේගේ දම් දෙසුම් සජීවීව ඇසීමට, දැකීමට අවස්‌ථාව සැලසුණි. දහස්‌ ගණනින් දනෝ එතෙක්‌ අකුරු ලෙසින් කියවූ උන්වහන්සේගේ දහම් ගැලපුම වචන වලින් ඇසීමට අවස්‌ථාව සලසාගත්හ. ඒ කටයුතු සියල්ල එසේ සිදුවෙද්දී 'ඉරිදා දිවයින' ධර්මකාමී පාඨකයන් වෙනුවෙන් සුපුරුදු පරිදි දිගින් දිගටම 'මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ ' ලිපි මාලාව ඉදිරිපත් කළේය. ඒ සඳහා අඛණ්‌ඩව උන්වහන්සේගෙන් දහම් ගැලපුම් සටහන් ලැබිණි. නමුත් අප්‍රකටව සිටිමින් 'ඉරිදා දිවයින' ඔස්‌සේ පමණක්‌ සිය දහම් ගැලපුම ඉදිරිපත් කළ උන්වහන්සේ කාලයාගේ ඇවෑමෙන් ප්‍රසිද්ධ ධර්ම දේශනාමාලාවක්‌ ඔස්‌සේ සමාජය ඉදිරියට පැමිණීයේ මන්ද යන්න ඇතැමෙක්‌ට පැනයක්‌ විය. වස්‌කාලය පිණිස ආරණ්‍යවාසීව සිටින උන්වහන්සේ ඉකුත් දිනක අපවෙත යොමුකළ මේ ලිපිය විසින් ඒ සියල්ලට පිළිතුරු සැපයෙනු ඇතැයි අපි විශ්වාස කරමු. මේ ලිපිය උන්වහන්සේ විසින් යොමුකරනු ලැබුවේ සාමාන්‍ය රටාවේ පරිදි ඉඩ ලැබෙන අයුරින් පළ කිරීමටය. නමුත් ලිපි මාලාවේ අනුපිළිවෙලින් සැකසූ තවත් ලිපි කිහිපයක්‌ පළ කිරීම සඳහා පෙළගස්‌වා තිබියදී, මේ ලිපිය ඉදිරියට ගෙන මෙලෙස පළ කරන්නේ ඔබ විසින් අපෙන් ඇසූ පැනයක්‌ වේ නම් එයට පිළිතුරක්‌ වශයෙන්ම පමණි. උන්වහන්සේට කිසිවිටෙකත් පිළිතුරු බැඳීමට අවශ්‍ය නොවූවත් උන්වහන්සේ විසින් මෙහි සිදුකරනු ලැබ ඇත්තේ ඉදිරිපත්වන පැනයත්, විවේචනයත්, ප්‍රසංශාවත්, සාධුකාරයත් ධර්මයට ගැලපීමම පමණි.

පිංවත් ඔබ ආර්යඅෂ්ඨාංගික මාර්ගය උදෙසා ජීවිතය මරණයට දමලා බුදුරජාණන් වහන්සේව දකින්න. බුදුරජාණන් වහන්සේ දකිද්දී නැවත ඔබට ජීවිතය ලැබෙනවා. එම නිසා මේ උතුම් වර්තමානය අහිමිකරගන්න එපා. මේ උතුම් ධර්මශක්‌තිය බිඳින්න, අවසන් කර දක්‌වන්න මාර ධර්මයන් තදින්ම ක්‍රියාත්මක වෙනවා. ධර්මධර විනයධර ස්‌වාමීන් වහන්සේලා සශ්‍රික සිව්පසයට, ලාභසත්කාර, කීර්ති ප්‍රශංසාවලට කොටු කර විනාශ කර ඔවුන් ලවා විකෘති ධර්මයන් දේශනා කරවනවා. උතුම් අධිගමනයන් හාස්‍යයට ලක්‌කරනවා. මන්දබුද්ධික අධිගමලාභීන් බිහිකරනවා. මාරයාගේ මේ ක්‍රියාවලිය සමාජය තුළ වේගයෙන් සිදුවෙන බව පිංවත් ඔබට පෙනෙනවා.
මේ යුගයේ බිහිවන සද්ධර්මයේ සැබෑම ශක්‌තිය සැබෑම අර්ථය විකෘති කිරීමටයි මාරයාගේ මේ ව්‍යායාමය. හෙට දවසේ යමෙක්‌ සැබෑ අර්ථවත් ආකාරයෙන් උතුම් සෝවාන් ඵලයට, උතුම් රහත් ඵලයට පත්වුවහොත් ඔහුව විවේචනය කරන්න මාරයා දහසක්‌ දෙනාව සමාජය තුළින්ම ඇතිකරනවා. එයයි වර්තමාන ලෝකයේ ස්‌වභාවය. 
මෙම ස්‌වභාවය ධර්මය හැටියට දකිමින් එය මාර්ගය වැඩීමට කමටහනක්‌ කරගන්න. මේ ස්‌වභාවය සමාජය තුළ ඇතිකරගන්නේ අසද්ධාව තුළින්මයි. මිච්ඡා ශීලය, මිච්ඡා සමාධිය, මිච්ඡා ප්‍රඥාව තුළින් පෝෂිත අපේ සිතුවිලි අපව මාර ධර්මයන්ගේ ගොදුරු බවට පත්කරවනවා. පිංවත් ඔබ මුලින්ම මේ ජීවිතයේදී 'මම සතර අපායෙන් මිදෙනවා'ය කියන චිත්තය ඇතිකරගන්න. අපි මුලින්ම රහතන් වහන්සේ නමක්‌ බවට පත්වීමට නොවෙයි, යායුත්තේ සතර අපායෙන් මිදීමටයි. සතර අපායෙන් නොමිදී අපට රහත් භාවයට පත්වීමට පුළුවන්කමක්‌ නැහැ. අපි ආරම්භයේදීම රහත්භාවයට පත්වෙනවාය කියන අධිබලාපොරොත්තුව ඇතිකරගතහොත් අපි තුළ අධිමාන්නය ඇතිවෙන්න පුළුවන්. දුර බලාපොරොත්තුවක්‌ ඇතිකරගත් නිසාම වේගවත් භාවයට පත්වෙන්න පුළුවන්. ඒ තුළින්ම අපි තුළ මාන්නය සකස්‌ වී සෝවාන් ඵලයට පත්වීමට පෙරාතුව සෝවාන් ඵලයට පත්වුණාය කියන මිත්‍යා විශ්වාසයට එන්න පුළුවන්. පටන් ගැනීමම විකෘතිභාවයට පත්කරගතහොත් ජීවිතය සක්‌කාය දිට්‌ඨියෙන් පිරීයනවා. 

මෙවැනි ගිහි පැවිදි චරිත සමාජයේදී අපට නිතර හමුවෙනවා. සතර අපායෙන් තවම මිදිල නැහැ. නමුත් තමන් සකෘදාගාමී, අනාගාමී, රහත්භාවයට, තත්ත්වයට පත්ව ඇතයි සිතනවා. මේ අධිමාන්නය නිසා සංසාරයේ අපට නිවන් මාර්ගය අහිමිව ගිය අවස්‌ථා බොහොමයක්‌ තිබෙනවා. ඔබ ඉන්නේ කොතැනද කියලා කොයිම වෙලාවකවත් හිතන්න යන්න එපා. ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ඉන්නවාද කියල හිතන්න. 

භික්‍ෂුව ගිහිකෙනෙක්‌ වශයෙන් මුලින්ම පැවිදි වීමට ගියේ අවුරුදු 24 දී. අදාළ තපෝභූමියේදී පැවිදිවීම අරමුණුකරගෙන දින දහයක්‌ මම දසසිල් වෙලා හිටියා. මේ දින දහය තුළදී මම දැක්‌කා මා තුළ තිබු රාගය, ද්වේෂය, භාවනාවෙන් යටපත් කරගන්න බැරිය කියලා. මම මට අවංක වුනා. ස්‌වයංපරීක්‍ෂණයක්‌ සිදු කළා. මම තීරණය කළා පැවිද්දට මම තවම සුදානම් නැහැය කියලා. දින දහයකට පසුව නැවත නිවසට පැමිණියා. 

ඉන් වසර විස්‌සකට පසුවයි භික්‍ෂුව පැවිදිභාවයට පත්වෙන්නේ. එම වසර විස්‌ස පුරාවටම මම ගිහි වත සම්පුර්ණ කළා. මම පැවිදි වන අවස්‌ථාවේ අධිෂ්ඨානයක්‌ ඇතිකරගත්තා කවදාහරි දවසක මගේ ඇස්‌දෙක පියවෙන මොහොතේ ඒ කියන්නේ මැරෙන මොහොතේ ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන්ගෙන් තොරව මගේ අවසන් හුස්‌ම පිටවෙනවා කියලා. එතැන තමයි භික්‍ෂුව ඇතිකරගත් අධිෂ්ඨානය. භික්‍ෂුවට මාර්ග ඵල උම්මාදය කවදාකවත් තිබුණේ නැහැ. ජීවිතයේ එකම අධිෂ්ඨානය තිබුණේ අවසන් හුස්‌ම පොද ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන්ගෙන් තොරව පිටවේවාය කියන අධිෂ්ඨානය. මේ තැන හරි සරල තැනක්‌, හ§ම නිවුන තැනක්‌, මාර ධර්මයන්ට අතපොවන්න බැරිතැනක්‌. අධිෂ්ඨානයම නිවුන සිතුවිල්ලක්‌. මාර්ගඵල උම්මාදය කියන විකෘති උම්මාදය භික්‍ෂුව පරාජයකර දැමුවේ ඉහත උපක්‍රමය තුළිනුයි. 

පිංවත් මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා අපි සතර අපායෙන් මිදුනාය කියල දන්නේ කොහොමද කියලා. තමා සතර අපායෙන් මිදුනාය කියන විශ්වාසය තමාට ලබාදෙන්නේ ලෝකෝත්තර සම්මා සතියයි. සම්මා සතිය හේතුවෙන්ම සකස්‌ වෙන සම්මා සමාධියත් සම්මා සමාධිය හේතුවෙන් සකස්‌වෙන සම්මා ඥානයන් තුළින් තමා තුළ විශ්වාසයක්‌ ඇතිකරගන්නවා නැවත තමා සතර අපායට වැටෙන්නේ නැහැ කියලා. තමා සතර අපායෙන් මිදුනාය කියන විශ්වාසය ඇතිකරනවා. ඔහු නුවණින් පීර පීරා බලනවා තමා තුළින් මමත්වයේ දැඩිභාවය මැරීගිහිල්ලද කියලා. තෙරුවන් කෙරෙහි උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය කෙරෙහි විචිකිච්චාව පහව ගිහිල්ලද කියලා. අන්‍යශීල වෘතයන් කෙරෙහි තිබෙන බැඳීම පහව ගිහිල්ලද කියලා. ඉහත ක්‍රමය හැර වෙන තමන් සතර අපායෙන් මිදුනාද කියල දැනගන්න ක්‍රමයක්‌ නැහැ. ලොව්තුරාබුදුරජාණන් වහන්සේනමකට හැර වෙනත් කිසිවෙකුට අනුන්ගේ අධිගමනයන් ප්‍රකාශ කිරීමට පුළුවන්කමක්‌ නැහැ. ඒ නිසයි භික්‍ෂුව සඳහන් කළේ ඔබ ඉන්නේ කොතනද කියළ හිතන්න යන්න එපා. මාර්ගය තුළ ශක්‌තිමත්ව ස්‌ථානගතවෙන්න කියලා. ඔබ අවංකවම සෝවාන් ඵලයට පත්වුනා නම් ඔබට ලැබුණාවූ ඵලය ගැන බෝඩ්ලෑලි ගහ ගන්න යන්නේ නැහැ. ඔබ දැකල තිබෙන්නේ රූපයේ අනිත්‍යභාවය, වේදනාවේ අනිත්‍යභාවය, රූපය අනිත්‍යයි කියලා දැක්‌ක කෙනා රූපය ඔසවා තබන්න උත්සාහ ගන්නේ නැහැ. වේදනාව අනිත්‍යයි කියල දැක්‌ක කෙනා වේදනාව තුළ මුසපත්වෙන්න යන්නේ නැහැ. අවබෝධය කියන්නේ හිස්‌වීමක්‌. පුරවාගැනීමක්‌ නොවෙයි. අවබෝධය කියන්නේ විශ්වාසයක්‌. මංමුළාවීමක්‌ නොවෙයි. අවබෝධය කියන්නේ නිහඬභාවයක්‌. සටන් පාඨයක්‌ නොවේ. අවබෝධය කියන්නේ ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ ඵලයක්‌. මෙහෙයුමක අවසානයක්‌. ක්‍ෂණික ප්‍රතිඵලයක්‌ නොවෙයි. 
ඉන්ද්‍රජිත් සුබසිංහ


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
ලෝකයේ ස්‌වභාවයෙන් ලෝකය තිබුණා දෙන් පිංවත් ඔබ ලෝකය උපේක්‍ෂාවෙන් පිළිගන්න
සතර අපායෙන් මිදෙමු - 102 කොටස



'මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ ' ලිපි මාලාව පිංවත් ඔබ වෙනුවෙන් පුදන උන්වහන්සේ එදා ඒ සටහන් තබනු ලැබුවේ අප්‍රකටවය. මේ දක්‌වා කිසිම විටෙක කිසිම අයුරකින් ප්‍රසිද්ධියට පත්වීමේ අවශ්‍යතාවක්‌ උන්වහන්සේට තිබූ අයුරක්‌ අපි නොදැක්‌කෙමු. ඒ බව ධර්මයේ නාමයෙන් සපථ කළ හැක්‌කේය. කාලයාගේ ඇවෑමෙන් උන්වහන්සේගේ දම් දෙසුම් සජීවීව ඇසීමට, දැකීමට අවස්‌ථාව සැලසුණි. දහස්‌ ගණනින් දනෝ එතෙක්‌ අකුරු ලෙසින් කියවූ උන්වහන්සේගේ දහම් ගැලපුම වචන වලින් ඇසීමට අවස්‌ථාව සලසාගත්හ. ඒ කටයුතු සියල්ල එසේ සිදුවෙද්දී 'ඉරිදා දිවයින' ධර්මකාමී පාඨකයන් වෙනුවෙන් සුපුරුදු පරිදි දිගින් දිගටම 'මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ ' ලිපි මාලාව ඉදිරිපත් කළේය. ඒ සඳහා අඛණ්‌ඩව උන්වහන්සේගෙන් දහම් ගැලපුම් සටහන් ලැබිණි. නමුත් අප්‍රකටව සිටිමින් 'ඉරිදා දිවයින' ඔස්‌සේ පමණක්‌ සිය දහම් ගැලපුම ඉදිරිපත් කළ උන්වහන්සේ කාලයාගේ ඇවෑමෙන් ප්‍රසිද්ධ ධර්ම දේශනාමාලාවක්‌ ඔස්‌සේ සමාජය ඉදිරියට පැමිණීයේ මන්ද යන්න ඇතැමෙක්‌ට පැනයක්‌ විය. වස්‌කාලය පිණිස ආරණ්‍යවාසීව සිටින උන්වහන්සේ ඉකුත් දිනක අපවෙත යොමුකළ මේ ලිපිය විසින් ඒ සියල්ලට පිළිතුරු සැපයෙනු ඇතැයි අපි විශ්වාස කරමු. මේ ලිපිය උන්වහන්සේ විසින් යොමුකරනු ලැබුවේ සාමාන්‍ය රටාවේ පරිදි ඉඩ ලැබෙන අයුරින් පළ කිරීමටය. නමුත් ලිපි මාලාවේ අනුපිළිවෙලින් සැකසූ තවත් ලිපි කිහිපයක්‌ පළ කිරීම සඳහා පෙළගස්‌වා තිබියදී, මේ ලිපිය ඉදිරියට ගෙන මෙලෙස පළ කරන්නේ ඔබ විසින් අපෙන් ඇසූ පැනයක්‌ වේ නම් එයට පිළිතුරක්‌ වශයෙන්ම පමණි. උන්වහන්සේට කිසිවිටෙකත් පිළිතුරු බැඳීමට අවශ්‍ය නොවූවත් උන්වහන්සේ විසින් මෙහි සිදුකරනු ලැබ ඇත්තේ ඉදිරිපත්වන පැනයත්, විවේචනයත්, ප්‍රසංශාවත්, සාධුකාරයත් ධර්මයට ගැලපීමම පමණි.
දැන් ඔබට සිතෙනවා, ඔබ සිතන්නට පටන් ගන්නවා, ඔබ මේ ලෝකයට පැමිණියේ අරමුණක්‌ උදෙසාමයි කියලා. ඔබට මේ කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලැබුණේ, ඔබට මේ නිවන් මාර්ගයට අදාළ ධර්මය ඇසෙන්නේ, හේතුවක්‌ නිසාමයි කියලා. කුසලයෙන් පරිපූර්ණ සිත විනිවිද දැකීමේ ශක්‌තිය ඇතිකොට දෙනවා.
දැන් ඔබට සිතන්න පුළුවන්, ඔබ ලෝකයට පැමිණියේ කාරණා තුනක්‌ නිසාය කියලා. මේ කාරණා තුනම අපේ ජීවිතය තුළ සැඟවිලයි තිබෙන්නේ. එම කාරණා තුන තමයි එක්‌කෝ මරණින් පසු සුගතියට යන්න, එක්‌කෝ මරණින් පසු දුගතියට යන්න, එක්‌කො සුගතියත් දුගතියත් දෙකම අනිත්‍ය වශයෙන් දැකලා භව නිරෝධය දෙසට යන්න.
භික්‍ෂුවගේ ගිහි ජීවිතය තුළ මේ පළමු කාරණා දෙකම සැඟවී තිබෙන බව හොඳින් දැක්‌කා. භික්‍ෂුවගේ ගිහි කාලයේදී දුගතිය කියන දිශාවටත් ජීවිතය ගමන් කරල තිබෙනවා. ඒ වගේමයි ජීවිතය සුගතිය කියන දිශාවටත් බොහෝම වේගයෙන් ගමන් කරල තිබෙනවා. නමුත් භික්‍ෂුවට දක්‍ෂභාවය තිබුණා සුගතියෙත්, දුගතියෙත් අනිත්‍යභාවය දකිමින් නිවීමේ මාර්ගයට අවතීර්ණ වෙන්න. 
මෙය සටහන් තබන මොහොතේ භික්‍ෂුවට සිතෙනවා, භික්‍ෂුවට පෙර ජීවිතයේදී නතර කළ තැනක්‌ තිබුණා. මේ ජීවිතයේ කුසලයේ බලවත් භාවය නිසාම පෙර ජීවිතයේ නතරකළ තැන ශක්‌තිමත්ව මතුකර ගත්තා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිසාම, සද්ධර්මය ශ්‍රවණය නිසාම ඇතිකරගත් සංසාර බිය, භික්‍ෂුවට භව නිරෝධය දෙසට ඇතිපාරම පෙන්වුවා. එහෙමනම් පිංවත් ඔබ දකින්න ඕනේ ඔබ තුළ මේ පාරවල් තුනම සැඟවිලා තිබෙනවාය කියලා. ඒ නිසා බොහෝම පරිස්‌සමින්... සුගතිය, දුගතිය කියන මංතීරු දෙකම එක සමාන්තරවයි ගමන් කරන්නේ. පොඩ්ඩ බැරිවෙච්ච තැනදී වැරදි ගමනාන්තයට වැටෙන්න පුළුවන්. එම නිසා අරමුණු කෙරෙහි හොඳින් සිහිය පිහිටුවා ගන්න. ලෝකය නිවරැදි වෙනතෙක්‌ ඔබ බලා සිටින්න එපා. වහවහා ඔබ නිදහස්‌ වෙන්න. මතවාද, දෘෂ්ටි, විතර්ක බහුල ලෝකයක්‌ මේක. බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා, අතුල කියන උපාසක තුමාට 'පිංවත් අතුල නිශ්ශබ්දව සිටින විටත් බණිනවා. වැඩිපුර කතාකරන විටත් බණිනවා. ප්‍රමාණයට කතාකළත් බණිනවා. මේ ලෝකයේ අතීතයේ ඉඳලම ඔහොම තමයි' කියලා. එම නිසා පිංවත් අතුල ලෝකයේ ස්‌වභාවයෙන් ලෝකය තිබුණාදෙන්. පිංවත් ඔබ ලෝකය උපේක්‍ෂාවෙන් පිළිගන්න ස්‌වභාවයට එන්න කියලා. පිංවත් ඔබ ලෝකය යන දිශාව ප්‍රශ්නයක්‌ කරගන්න එපා. ජීවිතය නැමැති නැවේ පිරිලා තිබෙන විතර්ක, දෘෂ්ටි, මතවාද වතුර ඉවත දමන්න. වතුර හිස්‌වුණ නැව හරි සැහැල්ලුයි, නිවනට ඔබට යොමුකරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. 
සංසාර බිය දකින පිංවතා රූපය කෙරෙහි තිබෙන තෘෂ්ණාව ක්‍රමානුකූලව අඩුකර ගන්නවා. අනුන්ගේ දෙය තමන්ගේ කරගෙන එයා දුක්‌විඳින්නේ නැහැ. අතහැරීම ගැන කතාකරන විට සමාජයේ සමහර පිංවතුන්ලා ලොකු බියක්‌ දකිනවා. එක්‌ මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවා 'ඔබ වහන්සේ අතහැරීම ගැන දේශනා කරනවා. ඔබ වහන්සේ කියන විදිහට අතහැරීමට ගියොත් රට, ජාතිය, ආගමට කුමක්‌ වේවිද' කියලා. ඒ වෙලාවේ එම පිංවතාට භික්‍ෂුව දුන් පිළිතුර වුයේ 'මහත්තයෝ මගධ රාජ්‍යයේ රජකම් කරපු බිම්බිසාර රජතුමා සෝවාන් ඵලය අවබෝධ කරගත් රජකෙනෙක්‌. බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත්වුණාය කියලා, මගධ රාජ්‍යය අනතුරට පත්වුණේ නැහැ. මගධ රාජ්‍යය තවදුරටත් රැකුණා මිසක්‌. විශෘඛා උපාසිකාව සෝවාන් ඵලයට පත්වෙන්නේ ළමා වයසේදී. එහෙම ළමා කාලයේදී සෝවාන් ඵලයට පත්වුනාය කියලා විශාඛාවගේ සිටුසම්පත් අහිමි වුණේ නැහැ. ඒවා තවදුරටත් වැඩුණා මිසක්‌. එම නිසා මිථ්‍යාමතවලට එළැඹෙන්න එපා. අපේ මෝහ භරිත අදහස්‌ වලට වගකියන්න උතුම් ධර්මය බැඳිල නැහැ.
කාලය වේගයෙන් ගෙවිලා යනවා. කාලය ගෙවීයන වේගයෙන්ම සංස්‌කාරත් ගෙවීයනවා. සංස්‌කාර ගෙවීයන නිමේෂයේදීම අලුතින් සංස්‌කාරයන් අපි රැස්‌කරගන්නවා. ගෙවීයැමත් සමගම හටගැනීමත් සිද්ධ වෙනවා. මෙන්න මේ ගමනයි, අපි කෙටිකරගන්න ඕන. පිංවත් ඔබ රට ජාතිය, ආගම අතහරින්න අවශ්‍ය නැහැ. බිම්බිසාර රජතුමා රට, ජාතිය, ආගම අතහැරියේ නැහැ. ඒවා වෙනස්‌ වෙන බව දකිමින් ඒවා ආරක්‍ෂා කළා. උතුම් ධර්මය තුළින් නොවෙනස්‌ වන දෙයක්‌ නැති බවට ලැබූ අවබෝධයෙන් වෙනස්‌වන දේවල් කෙරෙහි අසීමිත ආශාවක්‌ ඇතිකරගන්නේ නැහැ. අපි හිතනවා, අපි අතහැරීම පුරුදු කළොත් ලෝකය හිස්‌වෙයි කියලා. පිංවත් ඔබ අතහැරීම පුරුදු කළාය කියල ලෝකය හිස්‌වෙන්නේ අඩුවෙන්නේ නැහැ. ඔබ අතහරින දෙය අල්ලාගැනීමට මුළු ලෝකයම බලා සිටිනවා. භික්‍ෂුවගේ ගිහි ජීවිතයේදී භික්‍ෂුව අවබෝධාත්මක කලකිරීම තුළ යම් දෙයක්‌ අතහැරියාද, ඒවා සෑම දෙයක්‌ම ලෝකයා කැමැත්තෙන් තරගකාරීව අල්ලාගත්තා. හිස්‌වීමක්‌ නැහැ. තව තව පිරීයැමක්‌ මිසක්‌. එම නිසා රට, ජාතිය, ආගම රකින්න ඉපදුන අය රට, ජාතිය, ආගම ආරක්‍ෂා කරාවි. මේ ජීවිතයේදී සතර අපායෙන් මිදීම උදෙසා ඉපදුණු අය ධර්මාවබෝධය දෙසට ගමන් කරාවි. පෙරකී පිංවතුන්ලා විසින් රකින රට, ජාතිය, ආගම තුළ ප්‍රයෝජනයක්‌ ගැනීමටත් පිරිසක්‌ සිටිය යුතුයි. අපි ඒ ඵලප්‍රයෝජන අරගනිමු. එවිට එය රට, ජාතිය, රකින පිංවතුන්ලාටද මහත්ඵල මහානිශාංස පිංකමක්‌ වනු ඇත. 
අනිත්‍යයි කියන වචනය, අතහැරීම කියන වචනය අන්තවාදීව අල්ලාගත්තොත් එය ඔබට පීඩාවක්‌ වෙනවා. අපි ධර්මය අන්තවාදීව අල්ලාගත්තොත් එය ඔබට පීඩාවක්‌ වෙනවා. අපි ධර්මය අන්තවාදීව අල්ලාගෙන ප්‍රශ්න ඇතිකර ගන්නවා නම් එය ධර්මයේ වරදක්‌ නොවෙයි. 'අතහැරීම' කියන වචනය අන්තවාදීව ජීවිතයට එකතු කරගත් ස්‌වාමීන් වහන්සේ නමක්‌ පිළිබඳව මතකය භික්‍ෂුවට මේ මොහොතේ ඇතිවෙනවා.
උන්වහන්සේ වැඩිහිටි ස්‌වාමීන් වහන්සේ නමක්‌. හුදෙකලාව සිටීමට තමයි, වඩාත් ප්‍රිය කළේ. එම ස්‌වාමීන් වහන්සේ තුන් සිවුරත් පාත්‍රයත් පමණයි පරිහරණය කළේ. කල්‍යාණමිත්‍ර ඇසුරට නොගිය නිසාම හුදෙකලාවේ සිටියදී උන්වහන්සේගේ සිතේ විතර්කයක්‌ ඇතිවෙනවා. ඒ විතර්කය තමයි තමා දරාගෙන සිටින තුන් සිවුරත් පාත්‍රයත් කියන්නේ අල්ලාගැනීමක්‌. මම තුන්සිවුරෙනුත් පාත්‍රයෙනුත් නිදහස්‌ වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වලටත් එහා ගොස්‌ අන්තවාදීව සිතන්න ගත්තා. අවසානයේදී උන්වහන්සේ තුන්සිවුරත් පාත්‍රයත් අතහැරලා පසුගිය කාලයේ ඉන්දියාවේ නිඝන්ඨ ආශ්‍රමයක අමුඩයක්‌ පමණක්‌ ඇඳගෙන නිඝණ්‌ඨ ව්‍රතයක්‌ රකිනවා.
බලන්න අන්තවාදී අතහැරීමක ශෝකාන්තය. එය මොනතරම් මෝහ මූලිකද කියලා. තුන්සිවුරෙනුත් පාත්‍රයෙනුත් නිදහස්‌ වුණා. මිථ්‍යා දෘෂ්ටියේ අගාධයට වැටුණා. බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා සොරෙක්‌ තව සොරෙකුට දරුණු විපතක්‌ කරනවාට වඩා, තරහකාරයෙක්‌ තවත් තරහාකාරයෙකුට දරුණු විපතක්‌ කරනවාට වඩා, මිථ්‍යා දෘෂ්ටියේ පිහිටි සිත තමාට දරුණු විපතක්‌ ඇතිකරනවාය කියලා.
මල් සොයන මාලාකාරයෙක්‌ ලස්‌සන මල් සොයමින් ගස්‌ වටේ යනවා වගේ, මිථ්‍යාදෘෂ්ටියේ වැටුණු පුද්ගලයා විතර්ක දෘෂ්ටි, මතවාද පසුපසම යනවා කියලා. මෙවැනි මිනිසුන් නිදාගෙන සිටියදී මුහුද ගොඩගලා ඔවුන්ව මුහුදට ගසාගෙන යනවා වගේ, විනාශය කරාම යනවා කියලා. එමනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති උතුම් ධර්මකාරණා වලට වැරදි අර්ථකථනයන් දීම බරපතල පාපයක්‌ වෙනවා. මිථ්‍යාදෘෂ්ටියට අතවැනීමක්‌ වෙනවා.
ඉන්ද්‍රජිත් සුබසිංහ

indrajith.media@gmail.com

මහරහතුන් වැඩි මග ඔස්‌සේ 
සතර අපායෙන් මිදෙමු - 103 කොටස

"මහ රහතුන් වැඩි මඟ"
7 වැනි පොත නිකුත්වේ

පිංවත් ඔබට උතුම් දහම් මග සමීප කර දුන් "මහ රහතුන් වැඩි මඟ ඔස්‌සේ " පොත් මාලාවේ 7 වැනි කොටස නොබෝ දිනකින් නිකුත් වීමට නියමිතය. එය මෙම 10 වැනිදා සිට 16 වැනිදා දක්‌වා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ "ඩී" කොටසේ කුටි අංක 177 හි "මිහිර පොත් ප්‍රකාශකයෝ " වෙත පැමිණ ලබාගත හැකි බැව් මෙත් සිතින් දැනුම් දෙමු. (එම පොත ලබාගත හැකි අනෙකුත් ස්‌ථාන පසුව දැනුම් දෙන්නෙමු)

ඉතා සහනදායී මිලකට ලබාදෙන "මහ රහතුන් වැඩි මඟ" පොත් මාලාවේ 1 සිට 6 දක්‌වා කොටස්‌ මෙන්ම, අලුතින් නිකුත්වන 7 වැනි කොටසත්, පළවෙනි කොටසේ ඉංග්‍රීසි පරිවර්තනයත් විශේෂ වට්‌ටම් සහිතව එම කාලය තුළදී ලබාගත හැකිවනු ඇත.

විමසීම් සඳහා - 0712199900 අමතන්න.

අනිත්‍යයත්, අතහැරිමත් යනු අන්තවාදයක්‌ නොවේ

ධර්ම දේශනාවක්‌ අවසානයේදී පිංවත් තරුණයෙක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා. "හාමුදුරුවන් කියනවා මේ මේසයත් අනිත්‍යයි, මේ මල් පෝච්චියත් අනිත්‍යයි, මේ කෝප්පයත් අනිත්‍යයි, මමත් අනිත්‍යයි, ඔක්‌කොම අනිත්‍යයි.... මෙහෙම හිතලා අපි කොහොමද ජීවත්වෙන්නේ " කියලා.
මේ මහත්තයා යම් කිසි ආවේගයකින් මේ ප්‍රශ්නය ඇසුවේ. ඒ මහත්තයා තුළ මේ උතුම් අනිත්‍ය ධර්මය කෙරෙහි යම් හාස්‍යයක්‌ ඇතිවෙලා තිබුණා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම ඔබලාට කාමයන්ගේ රූපයන්ගේ ආදීනවයන් දේශනා කරන්නේ, කාමයන්ගෙන් වෙන්වෙලා ජීවත්වෙන්න කියලා. එසේ කියන්නේ පිංවත් ඔබ කාලා, බීලා, හොඳින් ජීවත්වෙනවාට ඇති අකමැත්ත නිසා නොවේ.
මේ කාමයන් අපිව දුකටමයි ඇද දමන්නේ. නිවන් මාර්ගයෙන් ඈතටමයි ඔබව රැගෙන යන්නේ. ඒ නිසාමයි බුදුරජාණන්වහන්සේ කාමයේ ආදීනවයන් ගැන ඒ තරම් දේශනා කරන්නේ.
බුදුරජාණන්වහන්සේ කොතැනදීවත් ගිහි පිංවතුන්ලාට දේශනා කරන්නේ නැහැ කාමයන්ගෙන් සම්පූර්ණයෙන්ම බැහැරව ජීවත්වෙන්න කියලා. ශිල්පද ආරක්‍ෂා කරගෙන කාමයන් ඇසුරු කරන්න කියලයි බුදුරජාණන්වහන්සේ ගිsහි පිංවතුන්ට දේශනා කරන්නේ. බුදුරජාණන්වහන්සේ කොයිම වෙලාවකවත් සෝවාන් මාර්ගය තුළ සිටින ගිහි පිංවතුන්ලාට සීමාව ඉක්‌මවා ගියාවූ තහංචි පනවා නැහැ.
පිංවත් ඔබ හිතන්න. ඔබ ගිහි තරුණයෙක්‌. ඔබ සද්ධර්මය ශ්‍රවණය කරලා, සෝවාන් ඵලයට පත්වෙනවා. පිංවත් ඔබ සෝවාන් ඵලයට පත්වුණත්, ඔබ තුළ කාම රාග පටිඝයන් තිබෙනවා. ඔබ කැමතිනම් ඔබට ලබන සතියේ විවාහයකට යන්න පුළුවන්. සෝවාන් ඵලයට පත්වුණු ගිහි පිංවතා, පිංවතිය අවශ්‍ය නම් විවාහ වෙනවා. විවාහය කියන්නේ ශිල්පද බිඳීමක්‌ නොවේ. බලන්න බුදුරජාණන්වහන්සේ අනිත්‍ය කියන ධර්මය කොයිතරම් ප්‍රයෝගික තැනකට ගෙනත් තිබෙනවාද. ගිහි පිංවතුන්ලා උදෙසා මෙච්චර පැහැදිලි නිදහසක්‌ ඔබලාගේ ගිහි ජීවිතය උදෙසා ලබාදී තිබියදී, සමහර පිංවතුන් අන්තවාදීව අනිත්‍යය කියන වචනය විවේචනය කරනවා.
එක්‌ ගෞරවනීය ස්‌වාමීන්වහන්සේනමක්‌ භික්‍ෂුවගෙන් විමසුවා, සෝවාන් ඵලයට පත්වූ භික්‍ෂුවක්‌ කාමය උදෙසා, සිව්රු හැරයයිද කියලා. සෝවාන් ඵලයට පත්වූ භික්‍ෂුවක්‌ කවදාවත් කාමයන් උදෙසා සිව්රු හැර යන්නේ නැහැ. උතුම් උපසම්පදා භික්‍ෂුවගේ ආර්යකාන්ත ශීලය බවට පත්වෙන්නේ සාමනේර දස ශීලය. එම නිසා ගිහි පිංවතා සෝවාන් ඵලයට පත්වෙලා, විවාහයකට ගියත්, සෝවාන් ඵලයට පත්වූ භික්‍ෂුවක්‌ කාමයන් උදෙසා සිව්රු හැර යන්නේ නැහැ. මොකද එම ස්‌වාමීන්වහන්සේ ආර්යකාන්ත ශිලයෙන් පරිපූර්ණභාවයට පත්වී ඇති නිසා.
ගිහි පිංවතුන්ලා අතහැරීම ගැන කථාකරනකොට, හොඳ උදාහරණයක්‌ විශාඛා උපාසිකාවගේ ජීවිත කථාව තුළ තිබෙනවා. දිනක්‌ විශාඛා සිටු දියණිය, පළඳනාවක්‌ ගෙල පැළඳගෙන බුදුරජාණන්වහන්සේ බැහැදැකීමට පූර්වාරාමයට ගියා. බුදුරජාණන්වහන්සේට වන්දනා කිරීමට පෙර ඇය එම පළඳනාව ගලවා අසල ඇති මේසයක්‌ මත තබනවා. බුදුජාණන්වහන්සේ වන්දනාකර, ධර්මයන් ශ්‍රවණයකොට, ඇයට ධර්මය කෙරෙහි ඇතිවූ ප්‍රීතිය නිසාම තමන්ගේ ගෙල පළඳනාව පූර්වාරාමයේ අමතකකොට දමා සිටු මැදුරට යනවා. සිටු දියණිය සිටු මැදුරට පැමිණි පසු සේවිකාවකගෙන් අහනවා "ඔබ මගේ ගෙල පළඳනාව රැගෙන ආවාද?" කියලා. සේවිකාව කියනවා තමන් රැගෙන නොපැමිණි බව. ඒ වෙලාවේ තමයි විශාඛා සිටු දියණිය දැනගත්තේ තම ගෙල පළඳනාව පූර්වාරාමයේ අමතකව පැමිණි බව. ඒ වෙලාවේ ඇය තම සේවිකාවකට කියනවා "ඔබ පූර්වාරාමයට යන්න. එහි ගොස්‌, යම් හෙයකින් මගේ ගෙල පළඳනාව ආන්නද ස්‌වාමීන්වහන්සේ විසින් ආරක්‍ෂාව උදෙසා වෙනත් තැනක තබා තිබේ නම් නැවත එය ඉල්ලන්න යන්න එපා. එම පළඳනාව සංඝයාටම පූජාවේවා කියලා සංඝයාට පූජා කොට එන්න. ගෙල පළඳනාව තබා තිබූ මේසය මතම තිබුණොත් එය නැවත අරගෙන එන්න" කියලා.
ඉහත කථාව තුළ තිබෙනවා සෝවාන් ඵලයට පත්වූණ කෙනෙකුගේ අතහැරීමේ ස්‌වභාවය. ඇය තුළ කාම, රාග, පටිඝ ධර්මයන් තිබෙන නිසා ඇය අලංකාර ගෙල පළඳනාවක්‌ පළඳිනවා. නමුත් ඇය දක්‍ෂයි එය ඕනෑම මොහොතක අතහරින්න. එය අහිමිවීම තුළ ඇය කිsසිම ශෝකයක්‌ ඇතිකරගන්නේ නැහැ.
නැවත වතාවක්‌ විශාඛා සිටු දියණිය සිය කෝටි ගණනක්‌ වටිනා මහලිය පළඳනාව විකුණා, පූර්වාරාමය ගොඩනගලා, එය මහා සංඝරත්නයට පූජා කරලා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය පූර්වාරාමයට ගෙවැදීමේ ප්‍රීතියට, තම දරු මුණුබුරන්ද සමගින් තුටු ගී කියමින් පූර්වාරාමය තුළ සතුටුවුණා. භික්‍ෂූන්වහන්සේලා විශාඛා සිටු දියණියගේ මෙම හැසිරීම දැකලා, බුදුරජාණන්වහන්සේට සැලකොට සිටියා, විශාඛා සිටු දේවියගේ පිත කිපිලද කොහෙද, ඇය උමතුවෙන් හැසිරෙනවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, විශාඛාවගේ පිත කිසිවක්‌ වෙලා නැහැ. ඇය ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍ර දායිකාව කියන උතුම් තනතුර ලැබීමේ සතුටයි භුක්‌තිවිඳින්නේ කියලා.
දක්‍ෂ මාලාකාරයෙක්‌, මල් මාලයක්‌ ලස්‌සනට ගොතන්නාක්‌ මෙන්, දක්‍ෂයා පිං සිදුකරගෙන සතුට ලබනවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ඉහත කාරණා තුළින් පිංවත් ඔබට දකින්න පුළුවන්, යම් ගිහි පිංවතෙක්‌ සෝවාන් ඵලයට පත්වුණාය කියලා තමා පළඳින රන්, රිදී, මාල, වළලු අතහරින්ට උවමනා නැහැ. පිංවත් ඔබට ලස්‌සන්ට, තමන්ට ගැලපෙන පරිදි ඇඳ පැළඳගෙන මගුල් ගෙදරක යන්න බැරි කමක්‌ ලැබෙන්නේ නැහැ. ඔබ මේවා පරිහරණය කරමින් ඒ කෙරෙහි ඇති තෘෂ්ණාවයි හීනකරගත යුත්තේ.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com