පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් ලෝකවාසී පුණ්‍යවන්තයින් සියල්ලන්ටම හිත සුව පිණිසත් නිර්වාණය පිණිසත් සුරැකේවා......

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

කළ්‍යාණ මිත්‍රයකු නොමැතිනම් තනිව සිටීමත් වටියි

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ..
සතර අපායෙන් මිදෙමු - 95 කොටස

සංසාර බිය - 6
උපාදානය සකස්‌ වෙන්නේ තෘෂ්ණාව නිසා. එහෙම නම් තමා තුළයි තීරකයා සිටින්නේ. එම තීරකයා අවසාන පංච උපාදානස්‌කන්ධය වන චුති සිතයි. තමාම තීරකයා වන ලොවක තෘෂ්ණාවේ ඇති භයානක භාවය නිසාම සතර අපායන්ට වැටී ඔබම විඳි දුක්‌ කන්දරාව නුවණින් දකිමින් සංසාර බිය ඇතිකරගන්න. මේ සංසාර බිය අපිට ඇති වූයේ ධර්මය අධර්මය ගැන නොදත් නිසාමයි. කළයුත්ත නොකළයුත්ත ගැන නොදත් නිසාමයි. එහෙමනම් කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය නොලැබීම, කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය ප්‍රතික්‌ෂේප කිරීම හේතුවෙන්මයි අපි මේ විනාශයට වැටිල තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මුළු ශාසනයම රඳා පවතින්නේ කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය මතය කියලා. එහෙම නම් භව නිරෝධයේ දුක නැති කිරීමේ ගමන රඳා පවතින්නේ කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය මතමයි. එම නිසාම අඹු දරුවන් වස්‌තුව දේපළ වලට තබන විශ්වාසයට වඩා වැඩි විශ්වාසයක්‌ කළ්‍යාණ මිත්‍රයා මතම තබන්න. කළ්‍යාණ මිත්‍ර ඇසුරින් තොර ජීවිතය ගැන බිය ඇති කරගන්න. 

භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවනවිට මනුෂ්‍ය ලෝකය ආශ්‍රිතව ජීවත්වන දිව්‍යංගනාවක්‌ දර්ශනය වෙනවා. ඇය සාමාන්‍ය දිව්‍ය ස්‌වභාවයෙන් යුක්‌තයි. ඇය පැළඳගෙන සිටියේ බෝහෝම පිළිවෙළට තිබූ සුදු සාරියක්‌, අත් දිග සුදු හැට්‌ටයක්‌. ඇය යන යන තැනට ඇයට සිංහාසනයක්‌ වගේ පුටුවක්‌ ලැබිල තිබෙනවා. මේ පුටුවේ හිඳගෙනම තමයි ඇය ගමන් කරන්නේ. ඇයට ආකාශයේ පාවීයන්න පුළුවන්. එම පුටුව හරියට ඇයට බද්ධවෙලා තිබෙනවා වගේයි පෙනෙන්නේ. එම භික්‍ෂුව උතුම් සමාධියෙන් අරමුණු කරල බලනවා ඇය පෙර ජීවිතයේ කවරෙක්‌ද කියලා. ඇය කාලයකට පෙර මේ ගමේම ජීවත්වුණ වයෝවෘද්ධ ශීලවත් උපාසිකාවක්‌. ඇය ගිහිඋපාසිකාවක්‌ හැටියට බොහෝම දක්‍ෂයි ස්‌වාමීන් වහන්සේලාට ආසන පනවන්නට. ඇයගේ නිවසට යම් ස්‌වාමීන් වහනසේ නමක්‌ වැඩියත්, ඇය ආරණ්‍යයට ගියත් බොහෝම සුවපහසුව ස්‌වාමීන් වහන්සේලාට වැඩසිටින්න ගෞරවණීය ලෙස ආසන පනවල තිබෙනවා. නමුත් කළ්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණයේ දුර්වලභාවයන් නිසාම ඇයට ධර්මයේ නියම හරයක්‌ ජීවිතයට ලැබිල නැහැ. ඒ නිසාම ඇය මැරෙන වෙලාවේ ඇය තමා සිදුකළ භික්‍ෂුවකට ආසන පැනවීමේ පිංකමක්‌ තමයි සිහිවෙලා තිබෙන්නේ. එම උපාදානයට අදාළව එම පිනට විපාක හැටියට සිංහාසනයක්‌ වැනි පුටුවක වාඩිවුණ සෘද්ධිමත් භාවය ඇති සාමාන්‍ය දිව්‍ය ස්‌වභාවයක්‌ ලැබිල තිබෙනවා. ඉහත කාරණයෙනුත් පිංවත් ඔබට පැහැදිලි වෙනවා කෙනෙකුගේ ඊළඟ ජීවිතය තීරණය වන්නේ තමා තුළින්මය කියලා. 

එක පිංවත් මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා. ඊළඟ ජීවිතයේ අපි කවුරුන් වෙනවාද කියල. කවුරුන් විසින්ද තීරණය කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව දේශනා කරනවා දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌, මනුෂ්‍යයෙක්‌ එසේත් නැතිනම් වෙනත් අදෘෂ්‍යමාණ බලවේගයක්‌ නොවෙයි ඊළඟ ප්‍රතිසන්ධිය තීරණය කරන්නේ කියලා. උපාදානයයි මීළඟ උපත තීරණය කරන්නේ කියලා. උපාදානය සකස්‌ වෙන්නේ තෘෂ්ණාව නිසා. එහෙම නම් තමා තුළයි තීරකයා සිටින්නේ. එම තීරකයා අවසාන පංච උපාදානස්‌කන්ධය වන චුති සිතයි. තමාම තීරකයා වන ලොවක තෘෂ්ණාවේ ඇති භයානක භාවය නිසාම සතර අපායන්ට වැටී ඔබම විඳි දුක්‌ කන්දරාව නුවණින් දකිමින් සංසාර බිය ඇතිකරගන්න. මේ සංසාර බිය අපිට ඇති වූයේ ධර්මය අධර්මය ගැන නොදත් නිසාමයි. කළයුත්ත නොකළයුත්ත ගැන නොදත් නිසාමයි. එහෙමනම් කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය නොලැබීම, කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය ප්‍රතික්‌ෂේප කිරීම හේතුවෙන්මයි අපි මේ විනාශයට වැටිල තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මුළු ශාසනයම රඳා පවතින්නේ කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය මතය කියලා. එහෙම නම් භව නිරෝධයේ දුක නැති කිරීමේ ගමන රඳා පවතින්නේ කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය මතමයි. එම නිසාම අඹු දරුවන් වස්‌තුව දේපළ වලට තබන විශ්වාසයට වඩා වැඩි විශ්වාසයක්‌ කළ්‍යාණ මිත්‍රයා මතම තබන්න. කළ්‍යාණ මිත්‍ර ඇසුරින් තොර ජීවිතය ගැන බිය ඇති කරගන්න. 

භික්‍ෂුව මුණගැසීමට එක්‌තරා ප්‍රභූ මහත්මයෙක්‌ පැමිණියා. එතුමා සමග තවත් තුන් දෙනෙක්‌ පැමිණ සිටියා. ඉන් එක මහත්මයෙක්‌ අවුරුදු 65 ක විතර මහත්මයෙක්‌. මේ මහත්මයා ධර්මයේ ගැඹුරු ප්‍රශ්න කිහිපයක්‌ම විමසුවා. ඇත්තටම භික්‍ෂුව හිතුවේ නෑ එවැනි ගැඹුරු ප්‍රශ්න මෙම කණ්‌ඩායම අසාවි කියලා. භික්‍ෂුවටත් හරි සතුටක්‌ ඇතිවුණා. ඒ වෙලාවේ භික්‍ෂුව එම ප්‍රභූ මහත්මයගෙන් විමසුවා මේ වයෝවෘද්ධ මහත්මයා කවුද කියලා. ඔහු සුදු සරමක්‌ කමිසයක්‌ ඇඳගෙන සිටියේ. ප්‍රභූ මහත්මයා කියනවා මේ වයෝවෘද්ධ මහත්මයා මගේ කළ්‍යාණ මිත්‍රය කියලා. මට ටිකක්‌ කේන්ති යන වැඩක්‌ වුණාම මම උපදෙස්‌ ගන්නේ මේ මහත්මයාගෙන් කියලා. සැබෑම කළ්‍යාණ මිත්‍රයා කියන්නේ අඩුම තරමින් සෝවාන් ඵලයට පත්වූ පිංවතායි. ඉන් පහළකෙනෙකුට සැබෑ කළ්‍යාණ මිත්‍රයෙක්‌ වෙන්නට තිබෙන ඉඩකඩ අඩුයි. නමුත් ඔහුටත් පුළුවන් හොඳ නරක කියලා දෙන්න. ධර්මය අධර්මය කියල දෙන්න, වැරුද්දෙන් මුදව ගන්න. එම නිසා තමා දක්‍ෂවෙන්න අවශ්‍යයි තමා කෙරෙහිම අනුකම්පාවෙන් සැබෑම කළ්‍යාණ මිත්‍රයෙක්‌ සොයා ගැනීමට අපහසුනම් සැබෑම කළ්‍යාණ මිත්‍රයෙකුගේ උපදෙස්‌ පිළිපැදීම ප්‍රශ්නයක්‌ නම්, තමාට වඩා ධර්මය ගරු කරන පිංවතුන්ගේ අවවාද අනුශාසනා ලබන්න. තමන්ට වඩා ගුණධර්මවලින් උසස්‌ කෙනෙක්‌වමයි තමන් නිතරම ආශ්‍රයට තෝරා ගත යුත්තේ. එහෙම කෙනෙක්‌ නැතිනම් තමාට සමාන ගුණධර්ම තිබෙන කෙනෙක්‌ ආශ්‍රයට තෝරාගන්න. එහෙම කෙනෙකු නැතිනම් හුදකලාව තනිව ජීවත් වෙන්න කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. 

ඉන්ද්‍රජිත් සුබසිංහ


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.....
හොරකම සුළුවෙන් තැකුවට ලෙහෙසිද එය පලදෙන විට
සතර අපායෙන් මිදෙමු - 96 කොටස

සංසාර බිය -7
බුදුරජාණන් වහන්සේ යම් විනය කාරණාවක්‌ දේශනා කළා නම්, එම විනය කාරණා දුර්වල කරගැනීමෙන් ලැබෙන විපාකයන් කවදාවත් අඩුවක්‌ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පැනවීම් කවදාවත් කාලයට අනුව වෙනස්‌ වෙන්නේ නැහැ. අපි ධර්මයෙන් බැහැරව යනකොට, අපේ හිත රවට්‌ටාගෙන අමුතු ආරක්‍ෂාවක්‌ ලෙසින් විනය කාරණාවන් ලිහිල් කිරීමට ගන්නා වූ උත්සාහයක්‌ සමාජයේ තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අතීතයේ යම් විනය කාරණාවක්‌ පැනවූවා නම්, එම විනය කාරණා දුර්වල කරගැනීම තුළ, ලැබෙන ආදීනවය අදත් එදාමෙන්මයි. විනය කාරණා ලිහිල් කරගත්තාට එහි ආදීනවයන් නම් ලිහිල් වන්නේ නැහැ.

දැන් වේලාව සවස 6.00ට පමණ ඇති. මැටි කුටියේ ඉදිරිපස තිබෙන ලෑලි බංකුවේ වාඩිවෙලා භික්‍ෂුව මේ සටහන තබන විට භික්‍ෂුවට ඈතින් ඇසෙනවා අලියෙක්‌ අතු බිඳින වේගවත් ශබ්දයක්‌. අලියා අතු බිඳිමින් කුරුමානම් අල්ලන්නෙ ඇඳිරි වැටුනාට පසුව ගමට යන්න. උදේට දායක මහත්වරුන් පිංඩපාත මඩුවේදී කියනවා ඇසෙනවා ඊයේ රාත්‍රියේ මගේ වට්‌ටක්‌කා වගාව, බඩ ඉරිඟු වගාව ඉවරයි කියලා. මොකද අලියා ඒවා විනාශ කරලා. 

අලියා කියන සතා එයාගේ බලවත්භාවය නිසාම ගොඩක්‌ අකුසල් සිද්ධ කරගන්නවා. හොරකමට පුරුදුවෙච්ච අලියා ගැන කතා සමහර ගම්මානවලදී භික්‍ෂුවට ඇසිල තිබෙනවා. හොරෙක්‌ යම් සේද වගාවක්‌ හානිකරන්න වගාවක්‌ සොරකම් කරන්න සැලසුම් කරන්නේ ඒ ආකාරයටම බොහෝම සියුම් උපක්‍රම වල් අලින් යොදා ගන්නවා. තමා කරන්නේ සොරකමක්‌ය කියන ෙච්තනාව මේ සතාට පහල වෙනවා. ඒ සතා ඒ සඳහා උපක්‍රම යොදනවා. නමුත් මේ සතා කර්මය කර්මඵල විශ්වාසය ගැන දන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසය මේ සතා නොදන්නවා වුනාට අනුනට පීඩාකිරීමේ, සොරකම් කිරීමේ අකුසලයේ විපාකයන් අනාගතයේ විපාක පිණිස එම සතාට සකස්‌වෙනවා. 

භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවන විට ප්‍රේත අලියන් කිහිප ආකාරයකින් දුක්‌විඳිනවා දැක තිබෙනවා. ප්‍රේත සතුනගේ ලෝකයේ අමානුෂික, වේදනාත්මක, කටුක අකුසල් විපාකයන් අත්විඳින සතෙක්‌ තමයි ප්‍රේත අලියා කියන්නේ. අලියා තමාට තිබෙන බලවත්භාවය නිසා, අකීකරුභාවය නිසා තම ශක්‌තියෙන් සැමෝම යටත්කර ගෙනයි ජීවත්වෙන්නේ. එම නිසාම එයාට සිදුවන අකුසල් වැඩියි. තමාගේ පාඩුවේ සැරිසරමින් ජීවත්වන අලින් කැලයේ සිටිනවා. ඒ බවත් සඳහන් කරන්න ඕන. ගම් නොවදින වල් අලින් සමහර කැලෑවල ජීවත්වෙනවා. ඒ අය මනුෂ්‍යවාසයට බියයි. ඒත් බහුතරයක්‌ අලින් ගම්මානවලට වැදී වගාවන් විනාශ කරනවා. 

භික්‍ෂුවකට එක්‌තරා රාත්‍රියකදී උතුම් සමාධියෙන් පසුවනවිට විශාල වනාන්තරයක්‌ දර්ශනය වෙනවා. මේ වනාන්තරයේ කොළ පැහැයක්‌ නැහැ. ඔබ දැකල ඇති හේන් වගාවට කැලය ගිනි තැබීමෙන් පසුව දැවීගිය හේනක ස්‌වභාවය. භික්‍ෂුවට උතුම් සමාධිය තුළින් මේ මුළු විශාල වනාන්තරයම පෙනෙන්නේ කිසිම ගසක කොළපැහැති කොළයක්‌ නැති දැවීගිය වනාන්තරයක්‌ ලෙසින්. මේ කොළ පැහැයක්‌ නැති දැවීගිය වනාන්තරයේ ප්‍රේත අලි රංචුවක්‌ සිටිනවා. මේ ප්‍රේත අලි හොඬවැල් දිගු කරමින් වියලි ගස්‌ ඉව කරනවා. කිසිම ගසක අනුභව කිරීමට කොළයක්‌ නැහැ. කුසට අහරක්‌ නොමැතිව වැහැරුණු ශරීරයකි. මෙම ප්‍රේත අලි කුසගින්නෙන් දුක්‌විඳිනවා. ඉඩෝරයට දැවීගිය වනාන්තරයේ ආහාරයක්‌ නැහැ. ජලය බිඳක්‌ නැහැ. භික්‍ෂුව මේ දර්ශනය තමාගේ නුවනින් සලකා බැලුවා. කුමක්‌ද මේ සිද්ධවෙන්නේ කියලා. එවිට භික්‍ෂුව පැමිණි නිගමනය පහත සඳහන් කරනවා. 

භික්‍ෂුවට මෙතනදී දර්ශනය වෙන්නේ හොඳින් ගහකොළ තිබෙන සශ්‍රීක කැලෑවක්‌. නමුත් මේ ප්‍රේත අලියන් ගේ අකුසල් විපාකය නිසා එම අකුසල් විපාකය විඳීමට ඒ ප්‍රේත අලින්ට කොළපාට ගස්‌ පෙනෙන්නේ දර ඉපල් වගේ. ඒ අකුසලයේ විපාකය. බලන්න පෙර මනුෂ්‍ය ලෝකයේ තිරිසන් කුලයේ අලි ජීවිතවල ඉපදිලා මිනිසුන්ගේ වගාවන් විනාශ කිරීම නිසාම, තම බලපුළුවන්කාරකම් පෙන්වීම නිසාම, මරණින් මතු ප්‍රේත ලෝකයේ ප්‍රේත අලියෙක්‌ වෙලා. මුළු කොළ පැහැති කැලයම එම ප්‍රේත අලියාට පෙනෙන්නේ දැවී ගිය කැලයක්‌ වගෙයි. කුසට ආහාරයක්‌ නැහැ. ශරීරය වැහැරිලා ඇට මතුවෙලා. දුක්‌ත ජීවිත ප්‍රේත අලියන් සැටියට ගතකරනවා. බලන්න සංසාරය කොයිතරම් නම් බියකරුද කියලා. 

මනුෂ්‍යයන් හැටියට ඔබ අනුන්ගේ දේවල් සොරකම් කළොත් එහි විපාකයක්‌ හැටියට මරණින් මතු ඔබ ප්‍රේත ලෝකයට වැටුණොත් ප්‍රේත ලෝකයේදී ඔබට පෙනි පෙනී ඔබ ඉදිරියේ ආහාරයක්‌ තිබෙනවා. ඔබ එම ආහාරය අනුභව කිරීමට සැරසෙනවිට එම ආහාරය අතුරුදහන් වෙනවා. ආහාර පිරුණු පිඟාන ඔබට පෙනෙන්නේ හිස්‌ පිඟානක්‌ වගේ, වතුර පිරුණු වීදුරුව ඔබට පෙනෙන්නේ හිස්‌ වීදුරුවක්‌ වගෙයි. හොඳින් ජලය තිබෙන දිය කඩිත්තෙන් පැන් පොදක්‌ දෝතට ගන්න හදනවිටම එම දිය කඩිත්ත අතුරුදහන් වෙනවා. අන්සතු දෙය සොරකම් කිරීම නිසාම එහි විපාකයන් හැටියට කුසගින්නෙන් පිපාසයෙන් වැහැරුණු ශරීරයෙන් ප්‍රේත ලෝකයේදී දුක්‌විඳිනවා. තිරිසන් සතෙක්‌ ඔබගේ වගාවන් විනාශකරන විට එම වගාව විනාශකරන තිරිසන් සතා සකස්‌කර ගන්නා අනාගත අකුසල් දැක ඔබ අන්සතු දෙය සොරකම් කිරීමට බිය ඇතිකර ගන්න.

වර්තමාන සමාජයේ බොහෝම ප්‍රබල ආකාරයෙන් සොරකම් සිද්ධවෙනවා. මේ අය තේරුම් ගත යුතුයි ප්‍රේත ලෝකයට තමන් වැටුනාට පසුව ප්‍රේත ලෝකයේදී මඟුල් ගෙදරකට ගියත් බඩගින්නෙයි ගෙදර එන්න වෙන්නේ කියලා. අනුන්ගේ දේවල් අතුරුදහන් කළා වගේ ඔබගේ දේවල්ද අතුරුදහන් වෙනවා. අන්සතු දෙයක්‌ සොරකම් කිරීමට ඔබට සිත සකස්‌වන විටම ඒවායේ දරුණු ආදිනව දැක සංසාරබිය ඇතිකරගන්න. වර්තමාන ගිහි සමාජය තුළ සොරකම කියන කාරණයේ බරපතලකම ගැන බොහෝම අඩු ලන්සුවක්‌ දෙන්නේ. එය ඒ තරමටම සාමාන්‍ය වෙලා. නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සොරකමෙන් වැළකීම ඉහළම සිල් පදයක්‌ හැටියට උපසම්පදා භික්‍ෂු ප්‍රාතිමෝක්‍ෂය ශීලයට ඇතුළත් කර තිබෙනවා. එසේ අන්සතු දෙය සොරකම් කිරීමට එරෙහිව ප්‍රාතිමෝක්‌ෂයට එකතු කරන්නේ සොරකමේ විපාකයන් බුදුරජාණන් වහන්සේ නුවනින් දැකලාමයි. 

බුදුරජාණන් වහන්සේ යම් විනය කාරණාවක්‌ දේශනා කළා නම්, එම විනය කාරණා දුර්වල කරගැනීමෙන් ලැබෙන විපාකයන් කවදාවත් අඩුවක්‌ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පැනවීම් කවදාවත් කාලයට අනුව වෙනස්‌ වෙන්නේ නැහැ. අපි ධර්මයෙන් බැහැරව යනකොට, අපේ හිත රවට්‌ටාගෙන අමුතු ආරක්‍ෂාවක්‌ ලෙසින් විනය කාරණාවන් ලිහිල් කිරීමට ගන්නා වූ උත්සාහයක්‌ සමාජයේ තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අතීතයේ යම් විනය කාරණාවක්‌ පැනවූවා නම්, එම විනය කාරණා දුර්වල කරගැනීම තුළ, ලැබෙන ආදීනවය අදත් එදාමෙන්මයි. විනය කාරණා ලිහිල් කරගත්තාට එහි ආදීනවයන් නම් ලිහිල් වන්නේ නැහැ.

ඉන්ද්‍රජිත් සුබසිංහ

මහ රහතුන් වැඩි මග ඔස්‌සේලෝකය අසාධාරණයක්‌මයි
ඔබට සාධාරණය ඔබ තුළමයි 

සතර අපායෙන් මිදෙමු - 97 කොටස

සංසාර බිය -8



ලෝකය නිරතුරුවම ගමන් කරන්නේ දුක දෙසට. තෘෂ්aණාව නිසාම මනුෂ්‍යයාගේ පංචඋපාදනස්‌කන්ධය නිරතුරුවම ගිනිගන්නවා. මේ ගිනි ගැනීම නිසාම සමාජයත් ගිනිගන්නවා. ඔබත් මේ ලෝකයේ සාමාජිකයින් වුණොත් ඔබත් මේ ගින්නෙන් පිච්චෙනවා. ඒ කියන්නේ ලෝභ, ද්වේශ,මෝහ අකුසලයන් රැස්‌කරගනීවි. රට ජාතිය උදෙසා හඬ නැගුවත්, කාමයන් උදෙසා හඬනැගුවත් මේ ඔබට ඇසෙන්නේ මනුෂ්‍යයාගේ පංචඋපාදනස්‌කන්ධය ඇවිලෙන හඬයි. අවිද්‍යාව නිසා තමනුත් ඇවිලී අනුනුත් අවුළුවන මනුෂ්‍යයාගේ දෝංකාරයයි.

බුදුරජාණන් වහන්සේ යම් විනය කාරණාවක්‌ දේශනා කළානම් එම විනය කාරණා දුර්වල කරගැනීමෙන් ලැබෙන විපාකයන් කවදාකවත් අඩුවක්‌ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පැනවීම් කවදාවත් කාලයට අනුව වෙනස්‌වෙන්නේ නැහැ. අපි ධර්මයෙන් බැහැරට යනවිට අපේ ආරක්‍ෂාවට විනය කාරණා ලිහිල් කිරීමට ගන්නාවූ උත්සහයන් සමාජයේ තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අතීතයේ යම් විනය කාරණාවක්‌ පැන වූවානම් එම විනය කාරණා දුර්වල කරගැනීම තුළ ලැබෙන ආදීනවය අදත් එදාමෙන්මයි. 

අජාසත්ත රජතුමා එක්‌තරා සඳ ඇති රාත්‍රියක තමන්ගේ ඇමැති මණ්‌ඩලය කැඳවල විමසීමක්‌ කරනවා මේ සඳපායාලා තිබෙන සුන්දර රාත්‍රියේ මට සුන්දර ධර්මයක්‌ ඇසීමට ඇත්නම් එය විශාල සහනයක්‌ කියලා. ඇමැතිවරුන් තම තමන් ගරු කරන ශාස්‌තෘවරුන්ගේ නම් කියනවා. එක ඇමැතිවරයෙක්‌ කියනවා නිඝන්ඨනාථපුත්ත අහවල් තැන වැඩ සිටිනවා අපි එතනට යමු කියළා. තව ඇමැතිවරයෙක්‌ කියනවා සංජය බෙල්ලට්‌ඨපුත්ත අහවල් තැන වැඩසිටිනවා අපි එතනට ගියොත් සුන්දර ධර්මයක්‌ අහන්න පුළුවන්ය කියලා. මේ වෙලාවේ මෙතන සිටිය තෙරුවන් සරණගිය කෝමාරභච්ච කියන ඇමැතිවරයා කියනවා තමාගේ අඹ උයනේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක්‌ මහ රහතන් වහන්සේලා වැඩසිටිනවා රජතුමා එතනට පැමිණියොත් මේ සුන්දර රාත්‍රියේ සුන්දර ධර්මයක්‌ අහන්න පුළුවන්ය කියළා.

රජතුමා තම බිසෝවරු පිරිවර සමග බුදුරජාණන් වහන්සේ බැහැදකින්න මහා රාත්‍රියේ අඹ වනයට යනවා. බුදුරජාණන් වහන්සේ අජාසත්ත රජතුමාට බොහෝම සුන්දර ධර්මයක්‌ දේශනා කරනවා. ධර්ම දේශනාව අවසානයේදී අජාසත්ත රජතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා රජමැදුරට නික්‌මෙනවා. අජාසත්ත රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවෙන්න බැහැරට ගිය පසු බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලාට ප්‍රකාශ කරනවා මේ අජාසත්ත තමන්ගේ තාත්තාව ඝාතනය කර නොතිබුණා නම් ඒ කියන්නේ ආනන්තරිය පාපකර්මය සිදුකොටගෙන නොතිබුණා නම් මේ ධර්ම මණ්‌ඩලයේදීම සෝවාන් ඵලයට පත්වෙනවා කියළා. 

බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ, බරපතල අකුසල් ශක්‌තිමත් කුසල් තුළින් යටපත් කරගන්න බැහැය කියන කාරණය මෙයින් පැහැදිලිවෙනවා. පාපකාරී ආශ්‍රය නිසාම බලවත් අකුසල් සිදුකරගත් අජාසත්ත රජතුමා පසුකාලයේදී සත්පුරුෂ ආශ්‍රය නිසාම අප්‍රමාණ කුසල් සිදුකර ගන්නවා. පළමුවැනි ධර්ම සංඝායනාව පවත්වන්න පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ අජාසත්ත රජතුමා. එදා අජාසත්ත රජතුමා එවැනි රාජ්‍ය අනුග්‍රහයක්‌ පළමුවැනි ධර්ම සංඝායනාවට නොදක්‌වන්න වර්තමානයේ ශාසනයේ අර්ථයත් අතුරුදන්ව ගොස්‌ තිබෙන්න පුළුවන්. මේසා බලවත් කුසල් සිදුකරගත්තත් බලවත් අකුසල්වල විපාකයන් සමනය කරන්න ඒවා හේතුවෙන්නේ නැහැ. 

වර්තමානයේ බලවත් අකුසල් අපි විග්‍රහ කරන්නේ බොහෝම සරල විදිහට. වර්තමානයේ පිතෘ ඝාතක රජකෙනෙක්‌ ලෝකයේ ජීවත්වෙනවානම් අපි ඔහුට අනුශාසනා කරන්නේ ඔබ වර්තමානයේ කරන බලවත් කුසල් හේතුවෙන් එම අතීත පිතෘ ඝාතක අකුසලය යටපත්වන බව ඒත්තුගැන්වීමටයි. බුදුරජාණන් වහන්සේ යමක්‌ දේශනා කර තිබෙනවා නම් දෙපාරක්‌ ඒ ගැන සිතන්න අවශ්‍ය නැහැ. 

ඒ නිසාම සොරකමේ බලවත් ආදීනවයන් දැකලා බුදුරජාණන් වහන්සේ සතරපාරාර්කාවන්ට සොරකම පනවන්නේ. ඉකුත් ලිපියක සඳහන් කළ, වගා පාළු කරමින් සොරකමේ යන තිරිසන් සතා මරණින් මතු ප්‍රේත අලියෙක්‌ව උපත ලබා විඳින දුක්‌ත ප්‍රේත අලි ජීවිතය කමටහනක්‌ කරගෙන සංසාර බිය ඇතිකරගන්න. තිරිසන් සතෙක්‌ සොරකමේ ගිහිල්ලා එවැනි කුරිරු විපාක මරණින් මතු අත්විඳිනවා නම් කර්මය කර්මඵල විශ්වාසය හඳුනන මනුෂ්‍ය ඔබ අන්සතු දෙය සොරකම් කළොත් පරලොව ජීවිතයේදී ඔබට විඳීමට සිදුවන වේදනාවන් සිහිපත් කර ගන්න. ඒ තුළින් සංසාර බිය ඇතිකරගන්න. 

ලෝකය නිරතුරුවම ගමන් කරන්නේ දුක දෙසට. තෘෂ්aණාව නිසාම මනුෂ්‍යයාගේ පංචඋපාදනස්‌කන්ධය නිරතුරුවම ගිනිගන්නවා. මේ ගිනි ගැනීම නිසාම සමාජයත් ගිනිගන්නවා. ඔබත් මේ ලෝකයේ සාමාජිකයින් වුණොත් ඔබත් මේ ගින්නෙන් පිච්චෙනවා. ඒ කියන්නේ ලෝභ, ද්වේශ,මෝහ අකුසලයන් රැස්‌කරගනීවි. රට ජාතිය උදෙසා හඬ නැගුවත්, කාමයන් උදෙසා හඬනැගුවත් මේ ඔබට ඇසෙන්නේ මනුෂ්‍යයාගේ පංචඋපාදනස්‌කන්ධය ඇවිලෙන හඬයි. අවිද්‍යාව නිසා තමනුත් ඇවිලී අනුනුත් අවුළුවන මනුෂ්‍යයාගේ දෝංකාරයයි. 

හඬ වේගවත් වන තරමට අකුසලයේ ප්‍රමාණය වේගවත්වෙනවා. අකුසලය වේගවත්වෙනවාය කියන්නේ සතර අපායට පිරිස්‌ බලය සැපයීමේ වේගය වැඩිවෙනවා. අවිද්‍යාව නැමති මඩ ගොහොරුවේ එරී කුසල් සංස්‌කාර නැමති අත්වාරුවෙන් මඩෙන් ගොඩ ඒමට දඟලන මෝහබරිත ලෝකයේ ක්‍රියාන්විතයයි ඔබ ඉදිරියේ සිදුවෙමින් පවතින්නේ. 

ලෝකය යන දිශාවකට ගියාදෙන්. පිංවත් ඔබ ධර්ම මාර්ගයට එන්න. කොයිම මොහොතකවත් ඔබ ලෝකයෙන් සාධාරණය බලාපොරොත්තුවෙන්න එපා. ලෝකය කියන්නේ බොහෝම අසාධාරණ තැනක්‌ නිසාමයි සිදුහත් කුමාරයා රජසැප අලුයම හෙළුE කෙළපිඩක්‌සේ ඉවතලා අසාධාරණ ලෝකයට සාධාරණය මතුකරදීමට ධර්ම මාර්ගයට පැමිණෙන්නේ. 'උපාදාන පච්ඡයා භවෝ' කියන ධර්මතාවය යටතේ පින් කරපු මනුෂ්‍යයා මරණින් මතු දුගතියට වැටෙනවා නම් පව් කරපු මනුෂ්‍යයා සුගතියට යනවා නම් මොකක්‌ද ලෝකයේ ඇති සාධාරණත්වය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සුළැඟිල්ලේ දැවටෙමින් පැමිණි රාහුල පුතනුවන්ට සැබෑම දායාද කර දුන්නේ අසාධාරණ ලෝකයෙන් මිදී සැබෑම සාධාරණය මතුකරදෙන ධර්ම මාර්ගයක්‌. කල්ප ගණනාවක පටන් තමා පසුපසින් අයෝමය ශක්‌තියක්‌ වෙමින් පැමිණි යශෝධරාවට බුදුරජාණන් වහන්සේ මතුකර දුන්නේ අසාධාරණ ලෝකයෙන් මිදී සැබෑම සාධාරණය මතුකරගන්නා මාර්ගයයි. 


ඉන්ද්‍රජිත් සුබසිංහ