පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් ලෝකවාසී පුණ්‍යවන්තයින් සියල්ලන්ටම හිත සුව පිණිසත් නිර්වාණය පිණිසත් සුරැකේවා......

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

රහතන් වහන්සේලා, රහත් මෙහෙණින් වහන්සේලා සමගම කාලය ගත කළෙමි

මහරහතුන් වැඩි මග ඔස්‌සේ
සතර අපායෙන් මිදෙමු - 113 කොටස

භික්‍ෂුව භික්‍ෂුත්වය ලැබූ මුල් කාලයේ, සැම විටම අතීතයේ වැඩ සිටි, පිරිනිවී ගිය උතුම් රහතන් වහන්සේලාගේ ගුණයන් සිහිපත් කරමින් ජීවත්වුණා. උන්වහන්සේලා පිළිබඳ ආත්මීය සංඥාවක්‌ ගන්න ගියේ නැහැ. තවමත් නොනැසී පවතින සංඝරත්නයේ උතුම් ගුණයනුයි මම මගේ ශක්‌තිය කොටගත්තේ. භික්‍ෂුව පැවිදිවීමට පෙර ථෙර ථේරී ගාථා පොත කිහිප වරක්‌ම කියවා තිබුණා. මේ පොත ගොඩක්‌ උපකාරී වුණා මේ උතුම් මනෝභාවයන් ඇතිකරගැනීමට. ඒ ථේර ථේරී ගාථා පොතේ ඇති උතුම් රහතන්වහන්සේලාගේ සිංහනාදයන් භික්‍ෂුවගේ චංචල හිත නිශ්චල කරන්න ගොඩක්‌ හේතුවුණා. රහත් භික්‍ෂුණීන්වහන්සේලාගේ ඒ අභීත සිංහ නාදයන් කියවනකොට භික්‍ෂුවක්‌ වශයෙන් අයෝමය ජවයක්‌ මා තුළ ඇතිවුණා. කිසාගෝතමී රහත් භික්‍ෂුණිය තුළ, උත්පලවන්නා රහත් භික්‍ෂුණිය තුළ ඇති අයෝමය ධර්ම ශක්‌තිය දැක, පටාචාරා රහත් භික්‍ෂුණිය ගිහි කාලයේ අත්විඳි කටුක අමිහිරි අත්දැකීම් දැක, භික්‍ෂුව භික්‍ෂු ජීවිතය තුළ අයෝමය ශක්‌තියක්‌ මතුකරගත්තා. 
මළ දරුවෙක්‌ කරතබාගෙන නුවරක්‌ පුරා දරුවාට පණදෙන්න යෑයි කියමින් ඇවිද ගිය කිසාගෝතමිය වැනි කාන්තාවක්‌, දරුවා කියන රූපය කෙරෙහි ආත්මීය සංඥාවෙන් බැඳී ගිය කාන්තාවක්‌, ධුථාංගධාරී භික්‍ෂුණීන් අතරින් අග්‍රස්‌ථානයට පත්වූ හැටි දකිමින්, භික්‍ෂුව තමා තුළ යටපත්ව තිබූ අධ්‍යාත්මික ශක්‌තිය මතුකොටගත්තා. බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමට සෘද්ධියෙන් වැඩි, දිරාගිය සිවුරක්‌ දැරූ, නහර මතුවුණු පටාචාරා රහත් භික්‍ෂුණියගේ රූපකාය, භික්‍ෂුවට සරල දිවියක අගය මතුකොටදීමට හුඟක්‌ උපකාරී වුණා. මෙවැනි උපක්‍රම මගේ සාමනේර ජීවිතයේ ශක්‌තිය පිණිස හේතුවුණා.
භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතයේදී කවදාවත් තමා සරණය කියන හැඟීමක්‌ ඇතිවෙලා නැහැ. භික්‍ෂුත්වය පිළිබඳ කලකිරීමක්‌ ඇතිවෙලා නැහැ. බුදුරජාණන්වහන්සේම කල්‍යාණ මිත්‍රයා කරගත් භික්‍ෂු ජීවිතයක ඵලයයි භික්‍ෂුව අත්දකින්නේ. පැවිදි පිංවත් ඔබත් ඔබේ භික්‍ෂු ජීවිතයේ අරමුණු කරා යන ගමනේදී ඉතහ අත්දැකීම් ගැනත් මොහොතක්‌ සිතන්න. පිංවත් ඔබ ප්‍රමාද නැහැ. ඔබේ ඇස්‌දෙක පියාගෙන ශබ්ද නගලා නමස්‌කාය සජ්ජායනා කරලා, ඒ උතුම්, පිරිනිවී ගිය රහතන් වහන්සේලාගේ සුරතින් ඔබේ පැවිදි ජීවිතයට ආශිර්වාදය ලබාගන්න. ථේර් ථේරී ගාථා පොත නිරතුරුවම පරිහරණය කරන්න. 
ජීවිතය කියන්නේ සංස්‌කාරයක ඵලයක්‌. අපි කරපු දෙයයි අපට ලැබෙන්නේ. අපි පතන දෙය අපට ලැබෙන්නේ නැහැ. නමුත් කරපු දෙය ලබන්න නම් අපි සිතන්න ඕනේ. 

මහරහතුන් වැඩි මග ඔස්‌සේ
සතර අපායෙන් මිදෙමු 114 කොටස

'අහිගුණ්‌ඨක හාමුදුරුවො' කියන යෙදුම මට අපූරුවට ගැලපුණි...
පැවිදිවෙලා හරියටම මාස දෙකහමාරකට පස්‌සේ පොරොන්දු වූ පරිදි නායක ස්‌වාමීන්වහන්සේගෙන් අවසර අරගෙන මම හුදෙකලා වනගත ජීවිතයට යොමුවුණා. ඒ කාලය ත්‍රස්‌තවාදී කටයුතු රටේ බහුලව තිබුණු කාලයක්‌. ජාතික හැඳුනුම්පත නොමැතිව බස්‌රථයක යන්න පුළුවන් කමක්‌ තිබුණේ නැහැ. ජාතික හැඳුනුම්පතක අවශ්‍යතාව ඉටුකරගන්න භික්‍ෂුව මුලින්ම උපන් ගමට පැමිණියා. හැමෝම භික්‍ෂුවගෙන් ඇහුවේ 'ඔබ වහන්සේ කොයි ආරණ්‍යයේද වැඩ සිටින්නේ ?' කියලා. මට එහෙම අහවල් ආරණ්‍යයක වැඩසිටිනවා කියන්නට නිත්‍ය තැනක්‌ තිබුණේ නැහැ. මොකද මම පැවිද්ද ලබාගත්තේ ඒ කාලේ ගහක්‌ යට වැඩසිටිය ස්‌වාමීන්වහන්සේ නමකගෙන් (දැන් උන්වහන්සේට ගමේ පිංවතුන් විසින් ආරණ්‍යයක්‌ සාදා පූජාකර තිබෙනවා) මම අහවල් ආරණ්‍යයේ යයි කියන්නට තැනක්‌ එදා මට තිබුණේ නැහැ. ඒ කාලයේ සමහර පිංවතුන්ලා මට කීවේ 'අහිගුණ්‌ඨක හාමුදුරුවෝ' කියලා. ස්‌ථිර නිත්‍ය තැනක්‌ නැහැ. මගේ කනට ඇහිලා තිබෙනවා ඔවුන් මට 'අහිගුණ්‌ඨක හාමුදුරුවෝ' කියලා කියනවා. මේ 'අහිගුණ්‌ඨක හාමුදුරුවෝ' කියන නම මට ලැබුණේ, මගේ අතහැරීමේ ශක්‌තිය නිසාමයි. පැවිදිවෙන්න පෙර දසසිල් සමාදන් වෙනකොටම මට මගේ ජීවිතයේ අඩක්‌ අතහැරිලා තිබුණේ. ඒකයි හෙටක්‌ ගැන සිතන්නේ නැතිව, හෙට ඉන්නේ කොතැනද කියලා සිතන්නේ නැතිව, ගහක්‌ යට වැඩසිටිය ස්‌වාමීන්වහන්සේගෙන් මම පැවිද්ද ලබාගත්තේ. 
උන්වහන්සේ එම ගහ යටදි මට මුණගැසුණේ මගේ වාසනාව, පින නිසාමයි කියලයි මම හිතන්නේ. මොකද උන්වහන්සේ පමණයි උතුම් පැවිද්ද ලබලා තුන් මාසයකට පසුව, ස්‌වාධීනව කැලයට යන්න අවසරය දුන්නේ. උන්වහන්සේ යම් හැකියාවක්‌ මගින්, මා තුළ සැඟව තිබූ කුසල් ශක්‌තිය සාකච්ජාව තුළින්ම විනිවිද දැක්‌කා.
එදා පහළොස්‌වක පොහොය දවසක්‌. උන්වහන්සේ වැඩසිටිය ගහ යට, එකසිය විසිපහක පමණ උවැසු උවැසියන් පිරිසක්‌ සිල් සමාදන්ව සිටියා. උදෑසන ඒ අයත් සමගින්ම මාව දසසිල් සමාදන් කළාට පසුව ඒ සියල්ලන් ඉදිරියේ උන්වහන්සේ එක ප්‍රකාශයක්‌ කළා. ඒ ප්‍රකාශය තමයි අනාගතයේදී නැවතත් රහත් යුගයක්‌ උදාවෙනවාය කියලා. මම සිහිනෙකින්වත් මෙවැනි ප්‍රකාශයක්‌ බලාපොරොත්තු වුණේ නැහැ. උන්වහන්සේ ඇයි මෙසේ කීවේ, කොහොමද එසේ කීවේ කියන්න මම දන්නේ නැහැ. නමුත් ඒ වදන් පෙළ මගේ පැවිදි ජීවිතයට අයෝමය ශක්‌තියක්‌ වුණා. උතුම් පැවිද්දේ මූලිකම අරමුණ මගේ සිතේ සැඟවී තිබියදී, උන්වහන්සේ දැක්‌කාය කියලයි මම හිතන්නේ. දසසිල් බිමේදීම, ඒ සත්පුරුෂ නායක ස්‌වාමීන්වහන්සේ මා තුළ මාර්ගය කෙරෙහි අයෝමය විශ්වාසයක්‌ ඇතිකළා.
ඉහත කාරණා මෙහි සටහන් කළේ ඔබේ පැවිදි ජීවිතය පිළිබඳව ඔබ තුළ ශක්‌තියක්‌ ඇතිකරන්නයි. අතහැරීම කියන අර්ථය දසසිල් බිමේදීම, ජීවිතය තුළින් ක්‍රියාත්මක වූ හැටි ඔබට දක්‌වන්නයි.
පූජාබිමක, වන්දනාකරුවන් විවේකගන්නා ගිමන්හලක දසසිල් සමාදන් වෙලා, ගසක්‌ යට ජීවත් වුණු ස්‌වාමීන් වහන්සේ නමකගෙන් උතුම් පැවිදිභාවය ලබලා, අහිගුණ්‌ඨක හාමුදුරුවෝ කියන නම ලබමින්, පැමිණි ගමන තුළ භික්‍ෂුවට කවදාවත් තමා අසරණය කියලා දැනිලා නැහැ. භික්‍ෂුවට 'අහිගුණ්‌ඨක භික්‍ෂුවක්‌' කියන වචනය ඇසෙද්දී, භික්‍ෂුව හිතුවේ 'මම අහිගුණ්‌ඨකයෙක්‌ නම් බුදුරජාණන් වහන්සේත් අහිගුණ්‌ඨකයෙක්‌මයි' කියලා. ඒ අතීතයේ වැඩසිටි අරිහත් උත්තමයන් වහන්සේලාත් අහිගුණ්‌ඨකයන්මයි. මොකද උන්වහන්සේලාටත් මගේය කියලා තැනක්‌ තිබුණේ නැහැ. එම නිසා අහිගුණ්‌ඨක භික්‍ෂුව කියන වචනය තුළින් මම මගේ පැවිදි දිවියේ සාර්ථකත්වය දැක්‌කේ. ස්‌ථිර තැනක්‌ නැති කෙනාටයි 'අහිගුණ්‌ඨක' කියන වචනය පාවිච්චි කරන්නේ. 
භික්‍ෂුවක්‌ කියන්නේ තැනක්‌ නැති කෙනෙක්‌. නැවත තැනක්‌ බලාපොරොත්තු නොවෙන කෙනෙක්‌. තැනක්‌ නොතැනක්‌ පිළිබඳ ප්‍රශ්නයක්‌ මතුවෙන්නේ නැහැ. ලෝකයේ බහුතරයක්‌ නැවත උපදින්න තැනක්‌ බලාපොරොත්තු වෙද්දී, භික්‍ෂුව කියන්නේ නැවත උපදින්න තැනක්‌ බලාපොරොත්තු නොවන කෙනාටයි. එමනිසා අහිගුණ්‌ඨක කියන වචනය භික්‍ෂුවට හොඳින්ම ගැලපෙන වචනයක්‌. භික්‍ෂුවට එදා ලැබුණ ඒ අහිගුණ්‌ඨක ජීවිතයයි, මේ සටහන් ලියන්න ශක්‌තිය ලබලා දුන්නේ. මේ සෑම අභියෝගයකටම මුහුණ දෙන්න, භික්‍ෂුවට ශක්‌තිය ලබාදුන්නේ තෙරුවන් කෙරෙහි තිබු ශ්‍රද්ධාවමයි. ධර්ම මාර්ගය උදෙසා ඕනෑම මොහොතක ජීවිතය මරණයට දැමීමේ ආත්මශක්‌තිය ඒ මොහොතේ භික්‍ෂුව තුළ මෝදුවී තිබුණා. අයෝමය ශ්‍රද්ධාවත්, ශ්‍රද්ධාව තුළින්ම ශක්‌තිමත් කොටගත් ශීලයත් අරමුණ කරා හඹා යැමට තව තව ආත්ම ශක්‌තිය ලබාදුන්නා. 
මා පැවිදිභාවයට පත්කළ ඒ නායක ස්‌වාමීන්වහන්සේ, උන්වහන්සේගෙන් මා වෙන්ව යන මොහොතේ, අනුරාධපුර බස්‌ නැවතුමට මා සමග වැඩමකොට, තම කැපකරුවා ලවා බස්‌ ටිකට්‌පතක්‌ ලබාදී බසයට ගොඩවෙන මොහොතේ මට ධර්මාවවාදයක්‌ ලබාදුන්නා. ඒ ධර්මාවවාදය තමයි 'ඔබ කොහේ ගියත් කමක්‌ නැහැ, ධර්ම විනය දෙක ආරක්‍ෂා කරගෙන ජීවත් වෙන්න' කියලා. ඒ ධර්මාවවාදයේ අර්ථය තුළින්ම, උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ පාරිශූද්ධත්වය මේ මොහොතේත් මට මැවී පෙනෙනවා. ඒ නායක ස්‌වාමීන්වහන්සේගේ තිබූ සත්පුරුෂභාවයත්, තම ශිෂ්‍යයා කෙරෙහි ඇතිකරගත් විශ්වාසයත්, කරුණාවටත් මම අදත් හදවතින් බොහෝම ගරුකරනවා. අභියෝග කන්දක්‌ කරතබාගෙන, උතුම් පැවිදි ජීවිතයට පියනැගූ මට, බුදුරජාණන්වහන්සේ හැර අන් සරණක්‌ තිබුණේ නැහැ. ඒ උතුම් සරණ නිසාම පැවිද්දෙන් අවුරුද්දයි මාස දෙකකට පසුව දොඩන්දූව සීමාමාලකයේදී උතුම් උපසම්පදා ශීලයේ පිහිටන්න මට අවස්‌ථාව ලැබුණා. මාගේ භික්‍ෂු ජීවිතයේ නව නායක ස්‌වාමීන්වහන්සේ වූයේ තපෝවනයේ ගෞරවනීය මහනායක ස්‌වාමීන්වහන්සේයි. මේ සටහන ලියනකොට භික්‍ෂුවට හරි ප්‍රබෝධයක්‌ සතුටක්‌ ඇතිවෙනවා. කටුක අමිහිරි අත්දැකීම්වලිනුයි ඒ සතුට පෝෂණය වෙලා තිබෙන්නේ.
(මෙම ලිපිමාලාවේ මේ දිනවල පළවෙන සටහන්, පැවිදි ජීවිතවලට උපකාරයක්‌ වන ලෙස සටහනක්‌ තබන ලෙසින් තවත් පිංවත් භික්‍ෂුවකගෙන් ලද ආරාධනයක්‌ මත ලියෑවුණු ඒවාය. නමුත් ගිහි ජීවිතවලටද ඉන් ලබාගත හැකි හරයන් පිළිබඳව කරුණාවෙන් යුතුව මේ සටහන් තබන පිංවත් භික්‍ෂූන්වහන්සේ විසින් මෙය අප අතට පත්කරන ලදී.)

මහරහතුන් වැඩි මග ඔස්‌සේ
සතර අපායෙන් මිදෙමු 115 කොටස

 මැතිවරණයක සැඟවුණු මාරධර්ම

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දුර්ලභ කාරණාවන් 5 ක්‌ තිබෙනවාය කියලා. ලොව තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ නමකගේ පහළවීම පළමු දුර්ලභ කාරණය වෙනවා. ගෞතම බුදුරජාණන්වහන්සේ දඹදිව පහලවන විට, මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු එකසිය විස්‌සක්‌ වුණා. ගෞතම බුදුරජාණන් වහන්සේට පෙරාතුව බුද්ධත්වයට පත්වූ කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ කාලයේ මනුෂ්‍ය පරමායුෂ අවුරුදු විසිදහසක්‌ වෙනවා. එතකොට පිංවතුන් ගණනය කර බලන්න අවුරුදු විසිදහසක පරමායුෂ අවුරුදු 120 ක්‌ දක්‌වා අදීqවෙන්න අවුරුදු දස ලක්‍ෂයකට වැඩි කාලයක්‌ ගතවෙනවා. නැවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතිවෙන්නේ මනුෂ්‍යයාට පරමායුෂ අවුරුදු අවුරුදු අසූදහසක්‌ වෙන කාලයේදී. ඒ කියන්නේ මෛත්‍රී බුදුරජාණන්වහන්සේ පහළවෙන්න තවත් අවුරුදු ලක්‍ෂ 25 කට වඩා ගතවෙනවා. බුදුරජාණන්වහන්සේ නමකගේ පහළවීම මොනතරම් දුර්ලභ කාරණයක්‌ද.
දෙවැනිව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, දුර්ලභව පහළවෙන තථාගතයන්වහන්සේ නමක්‌ දේශනා කරන ධර්ම විනය නිවැරදිව දේශනා කරන සංඝරත්නය පහළවීම දුර්ලභ දෙයක්‌ය කියලා. තුන්වැනිව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා බුදුරජාණන්වහන්සේ දේශිත ධර්ම විනය දැනගත්තත්, ධර්මානුධර්ම ප්‍රතිපදාවට අනුව ජීවත්වෙන පුද්ගලයා දුර්ලභය කියලා. පස්‌වෙනුව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා කෘතඥ, කෘතවේදී, කෙළෙහිගුණ දත් පුද්ගලයා දුර්ලභය කියලා.
ඉහත කාරණා පහෙන් පිංවතුන්ලාට හොඳින් වැටහෙනවා, ලොව්තුරා බුදුරජාණන් වහන්සේනමක්‌ ලොව පහළවීම යම් සේ දුර්ලභද, මනුෂ්‍යයා තුළ කෘතවේදී බව, කෘතඥතාවය ඒ තරමටම දුර්ලභ දෙයක්‌ය කියලා. එම නිසා, පිංවත්, සමාජ වගකීම් දරන සෑම ගිහි පිංවතෙක්‌ම, ශාසනික වගකීම් දරන සෑම ගිහි පිංවතෙක්‌ම, ශාසනික සමාජීය යුතුකමක්‌ ඉටුකිරීමෙන් පෙරලා සමාජයෙන් කෘතඥතාවය, කෘතවේදිභාවය බලාපොරොත්තුවීම දුකටම හේතුවන ධර්මතාවයක්‌ය කියලා දැනගත යුතුයි. මොකද කෘතඥතාවය, කෘතවේදීභාවය ලෝකයේ බුදුරජාණන්වහන්සේ පහලවීම තරමටම දුර්ලභ දෙයක්‌ වන නිසා.
සමාජය දෙස බැලීමේදී, ගිහි පිංවතුන්ලා ශාසනික, සමාජීය යුතුකම් ඉටුකිරීමේ ඉලක්‌කයන් සපුරාගැනීම සඳහා හඹායන ගමනේදී, ශීලයෙන් දුර්වලවීම සහ අකුසල් මූලයන් රැස්‌වීම බරපතළ ආකාරයෙන් සිදුකොටගන්නවා. ලෝකයේ කෘතවේදීභාවය, කෘතඥභාවය දුර්ලභ දෙයක්‌ය කියලා නොදන්නාභාවය නිසාම, මේ සෑම ගිහි පිංවතෙක්‌ම අවසානයේ, දුර්වල කරගත් ශීලයන්, අකුසල මූලයන්ගේ උරුමයන් දෝතින් දරාගෙන කලකිරීම තුරුළුකරගන්නවා. භික්‍ෂුව පිංවත් ඔබට මේ සටහන් තබන්නේ ලෝක ධර්මතාවයන් පිළිබඳව, කෘතවේදීභාවය, කෘතඥතාවය දුර්ලභ වූ ලෝකය තුළ, සමාජ වගකීම් දරන ගිහි පැවිදි පිංවතුන් දක්‍ෂවෙන්න ඕනේ, වගකීම් දරන කාලය තුළ, ආශ්වාදයට යට නොවී, ඉහත ධර්මතාවයන් නුවනින් හඳුනාගෙන, ශීල්පද තුළින්, කුසල් මූලයන් තුළින් තමාගේ ආරක්‍ෂාව සහතිකකොටගෙන සමාජ යුතුකම් ඉටුකරන්න.
මේ ලෝකයේ සුර-අසුර කියලා සත්ව කොට්‌ඨාශ දෙකක්‌ තිබෙනවා. සුර පක්‍ෂයේ නායකත්වය දරන්නේ තව්තිසාවේ ජීවත්වෙන ශක්‍රයා ප්‍රමුඛ සම්මාදෘෂ්ඨියට පත් දෙවියන් විසින්. අසුර පක්‍ෂයේ නායකත්වය දරන්නේ මිත්‍යදෘෂ්ඨික වේපචිත්ති කියන අසුර නායකයා ප්‍රමුඛ මිත්‍යදෘෂ්ඨික දෙවිවරු විසින්. බුදුරජාණන්වහන්සේ නමක්‌ පහලවුනු කාලයේ මනුෂ්‍යයෝ තෙරුවන් සරණ පිහිටලා, කුසල් ධර්මයන් වැඩීම නිසා දිව්‍යතලවල සම්මාදිට්‌ඨියට පත් සුර පක්‍ෂයේ බලය ශක්‌තිමත් වෙනවා. මොකද පිං කරලා මියයන මනුෂ්‍යයෝ සශ්‍රික දෙවියන් හැටියට දිව්‍යතලවල උපදින නිසා. සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් හීනවෙනකොට මනුෂ්‍යයන්ගේ සහ දෙවියන්ගේ දුශ්ශීලභාවයන් අකුසල මූලයන් නිසා මිථ්‍යාදෘශ්ඨික අසුර බලය, ඒ කියන්නේ මාරපාක්‍ෂික බලය ශක්‌තිමත් වෙනවා.
බුදුරජාණන්වහන්සේ ජීවමානව වැදීසිටිය කාලයේ දිව්‍යතලයේ සුර-අසුර යුද්ධයක්‌ සිද්ධවෙනවා. මෙය අවි ආයුධ වලින් කෙරෙන යුද්ධයක්‌ නොව, දෙපාර්ශ්වයේ ආධ්‍යාත්මික ශක්‌තියෙන් කෙරෙන යුද්ධයක්‌ වශයෙන් හැඳින්වීම සුදුසුයි කියලා භික්‍ෂුවට හිතෙනවා. මේ සුර-අසුර යුද්ධයේදී ශක්‍රයාගේ නායකත්වයෙන් යුද වැදුණු සුර දිව්‍ය පිරිස, අසුර නායක වේපචිත්ති අසුරයා සහ මිථ්‍යාදෘශ්ඨික අසුර සේනාව අතින් පරාජයට පත්වෙනවා. අසුරයින්ට පරාජය වී ශක්‍රයා පලායනවා. වේපචිත්ති අසුර නායකයා, ශක්‍රයා ජීවග්‍රහනයෙන් අල්ලා ගැනීමට මාතලී දිව්‍ය රියදුරා පදවන අජානීය අශ්වයන් යෙදූ දිව්‍ය රථය පසුපස හඹාගෙන පැමිණියා. ඒ මොහොතේ ශක්‍රයා තමන් දිවිහිමියෙන් ආරක්‍ෂා කරගත් උතුම් ශීලය ආවර්ජනාකොට, තම නොකැල්ල ශීලය ගැන සත්‍යක්‍රියාකොට උපක්‍රමශීලීව අසුර පිරිස පාරජයකොට අසුර පුරයට එලවා දමනවා.
පිංවත් ඔබ නුවනින් දකින්න. බුදුරජාණන්වහන්සේ ජීවමානව වැදීසිටි කාලයේදීත්, ශක්‍රයා පළමුව මිථ්‍යාදෘෂ්ඨික අසුර බලය හමුවේ පරාජයට පත්වෙනවා. දෙවැනුව තමයි තම ශීලයේ සත්‍යක්‍රියා බලයෙන් අසුර බලය පරාජයකොට දමන්නේ. බුදුරජාණන්වහන්සේ ජීවමානව සිටියදීත් අසුර බලය, මාරබලය මේ තරම් ශක්‌තිමත් වුනා නම්, මනුෂ්‍යයා අකුසලයට, දුශිල්වත්භාවයට කොටුවී ජීවත්වන වර්තමානයේ මාර බලය, අසුරබලය ගැන කුමන කථාවක්‌ද. වර්තමාන ලෝකය තුළ සිදුවෙමින් පවතින්නේ මේ ෙ€දවාචකය අර්ථයයි. මාරපාක්‍ෂික අසුර කොටස්‌ නිරතුරුවම උත්සහගන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් අර්ථයන් වැදෙන දිශාවට, පෝෂණය වන දිශාවට යානොදී උතුම් සද්ධර්මයේ අර්ථයන් විනාශකොට දැමීමයි. වාර්තමානයේ ශාසනික සමාජීය වගකීම්දරන සෑම පිංවතෙක්‌ම, මේ මාරපාක්‍ෂික ධර්මයන්ගේ හැදීරුව, අභියෝගය නිවැරදිව හඳුනාගෙන කටයුතු නොකළොත්, එය අනාගත සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාවට බරපතල අනතුරක්‌ වෙන්න පුළුවන්. මේ මාරපාක්‍ෂික ධර්මයන්ට මුහුණදිය හැකි එකම ආයුධය උතුම් ශීලයයි. උතුම් කුසලයේ ශක්‌තියයි. මොකද සුර-අසුර යුද්ධයේදී ශක්‍රයා දෙවැනි අවස්‌ථාවේදි අසුරයින් පරාජයකොට, අසුර පුරයට එලවා දමන්නේ, ශීලයේ ශක්‌තිය තුළින්ම නිසා.
දිනක්‌ මුගලන් මහරහතන් වහන්සේ ආකාශයේ සක්‌මන් කරමින් සිටියදී, පවිටු මාරයා උන්වහන්සේගේ කුසට රිංගාගන්නවා. උන්වහන්සේට දැනෙනවා තම උදරය පුරවා දමනවා වගේ. තම කුස මෑ ඇට පිරවූ ගෝනියක්‌ වගේ බරයි කියලා. උන්වහන්සේ පොළෝතලය මතට බැහැලා කුටියට ගොඩවෙලා නුවනින් මෙනෙහිකොට බලනවා, කුසට කුමක්‌ද සිද්ධවුනේ කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ දකිනවා පවිටු මාරයා සිය කුසට රිංගාගෙන කියලා. මාරයාව හඳුනාගත් මුගලන් මහරහතන් වහන්සේ පවිටු මාරයාට කියනවා, තථාගත ශ්‍රාවකයන්වහන්සේලාව නොපෙලා පිටව යන්න කියලා. ඒ අවස්‌ථාවේදී මාරයා පලා යනවා. බුදුරජාණන්වහන්සේ ජීවමානව වැදීසිටිය කාලයේ, එක්‌ වස්‌ සමයක මාරයා ගමේ වැසියන්ට ආවේශ වී, බුදුරජාණන්වහන්සේ පුමුඛ පන්සියයක්‌ ස්‌වාමීන්වහන්සේලාට පිණ්‌ඩපාතය ලැබීම දුර්වලකොට දමනවා. වරක්‌ මුගලන් මහරහතන් වහන්සේ , තමන් කකුසඳ බුදුරජාණන්වහන්සේගේ කාලයේ දුසි මාරයා වශයෙන් ඉපිද සංඝයාට එරෙහිව කළ මාරාවේශයන් ගැන සඳහන් කරනවා. දිනක්‌ කකුසඳ බුදුරජාණන්වහන්සේ ස්‌වාමීන්වහන්සේලාව කැඳවල දේශනාකරනවා, මහණෙනි අද මේ ගමේ වැසියන්ට මාරයා ආවේශවෙනවා. ජනතාව මාරාවේශවෙලා භික්‍ෂූන්වහන්සේලාව ආහාරයෙන් ප්‍රමාදයට, මදයෙන් ලොල්භාවයට පත්කරන්න උත්සහකරනවා. ඒ නිසා මහණෙනි, පටික්‌කුල සංඥාවෙන් ආහාරය පිළිගන්න. ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් පිණ්‌ඩපාතය වළඳන්න. මාරාවේශය නිසා ගිහි පිංවතුන් ප්‍රනීත ආහාර පූජාකරාවී. ඔබලාව පංච නීවරණයන්ට පත්කරාවී. ඒ නිසා නුවනින් දකිමින් පිණ්‌දීපාතය පිළිගන්න කියලා. ස්‌වාමීන්වහන්සේලා බුදුරජාණන්වහන්සේ දුන් අවවාදය පිළිඅරගෙන මාරාවේශය පරාජයකොට දමනවා.
අයෙමත් දවසක කකුසඳ බුදුරජාණන්වහන්සේ, ස්‌වාමීන්වහන්සේලාව කැඳවලා දේශනා කරනවා අද මේ ගමේ පිංවතුන්ලාට මාරාවේශයක්‌ සිද්ධවෙනවා. මාරාවේශය නිසා ජනතාව ඔබලාට බනින්න, ගහන්න, චෝදනා කරන්න, පීදීdකරන්න, පිණ්‌දීපාතය නොදෙන්න පුළුවන්. එම නිසා දස දිශාවට මෛත්‍රී සංඥාව පතුරවමින් ජීවත්වෙන්න කියලා. බුදුරජාණන්වහන්සේගේ පෙර දැනුම්දීම නිසාම ස්‌වාමීන්වහන්සේලා මාරාවේශ වූ ගිහි පිංවතුන්ලාට මොනතරම් පීඩාවන් කළත්, ඒ සියල්ලටම මාරාවේශයක්‌ බව දකිමින්ම මෛත්‍රී සංඥාවෙන්ම ජීවත්වෙමින් මාරාවේශය පරාජයකොට දමනවා. අවසානයේ මේ දුසි මාරයාම, කකුසඳ බුදුරජාණන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවක, විදුර මහරහතන් වහන්සේට ගලකින් ගසා හිස තුවාලකොට දමනවා. ඒ 'හපන්කමත්' කළාට පස්‌සේ, දුසි මාරයා කකුසඳ බුදුරජාණන්වහන්සේ පසුපසත් හඹාගෙන එනවා. බුදුරජාණන්වහන්සේට පීදීdකරන්න. එවිට කකුසඳ බුදුරජාණන්වහන්සේ නාගාවලෝකනයෙන්, ඒ කියන්නේ ඇතකු සේ මුළු කය පෙරලා බැලීමෙන්, දුසි මාරයා දෙව්බවින් චුතව, උසසඳ නිරයෙහි මිනිසකුගේ කය බඳු, මාළුවකුගේ හිස බඳු නිරිසනෙක්‌ව උපදිනවා කියලා මුගලන් මහරහතන්වහන්සේ දේශනා කරනවා.
ලෝකයේ පවතින අසුර බලය, මාර බලය බුදුරජාණන්වහන්සේලාටත්, සද්ධර්මයටත්, සංඝරත්නයටත් පීඩාකරමින් මේ උත්සහගන්නේ උතුම් සද්ධර්මයේ බලය හීනකොට දැමීමටය. මාර බලවේගයන් මේ මොහොතේදීද, සම්මා සම්බුද්ධ ශාසනය විනාශකොට දැමීමට ජනතාවට මාරාවේශවිම සාමාන්‍ය සිද්ධියක්‌ බවට පත්වී ඇත. මනුෂ්‍යයා දුශ්ශීලභාවයට පත්වෙමින්, අකුසල මූලයන් වදීමින්, මාරාවේශයට අවශ්‍ය සාධක පූර්ණ කරගැනීමේ ව්‍යයාමයක්‌ අප ඉදිරියේ ඇත.
උතුම් ශාසනික අර්ථයන් හීනකොට දැමීමට මාරාවේශයන් සිද්ධවූ පැහැදිළි අවස්‌ථාවක්‌ හැටියට පසුගියදා නිමාවට පත්වූ මැතිවරණය හැඳින්විය හැකිය. හිටපු නායකතුමාට පැහැදිළිව තවත් වසර දෙකක්‌ නිත්‍යානුකූලව රාජ්‍ය බලය බුක්‌තිවිඳීමට හැකියාව තිබියදී, එතුමා වසර දෙකකට පෙරාතුව මැතිවරණයකට යන්නේ මාරාවේශයක්‌ නිසාමය. එතුමා ඒ තීරණය ගැනීමට මුල්කරගන්නේ ජෝතිෂ්‍යයයි. ජෝතිෂ්‍යය මුල්කරගත් තැනදීම එතුමා තුළින් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝරත්නය කෙරෙහි විශ්වාසයත්, කර්මය කර්මඵල කෙරෙහි විශ්වාසයත් , තමන් ජීවිත කාලය තුළදීම සිදුකළ කුසල් දහම් පිළිබඳ, පිංකම් පිළිබඳ විශ්වාසයත් එතුමා තුළින් බැහැරට යනවා. චිරස්‌චීන ධර්මයක්‌ වන ජ්‍යෝaතිශයට කෙරෙහි විශ්වාසකොට, ධර්මයට අදාළ උතුම් විශ්වාසයන්ගෙන් එතුමා බැහැරට යනකොට, එතුමා තුළ සකස්‌වෙන්නේ මිථ්‍යාදෘස්‌ඨිකභාවයට අදාළ ධර්මතාවයන්. දැන් පිංවත් ඔබට තේරෙනවා ඇති, හිටපු නායකතුමා සහ ඊට අනුබල දුන් පිංවතුන් අවශ්‍ය කාලයක පෙරාතුව මැතිවරණයකට යන්නේ මාරාවේශයක්‌ නිසාමය කියලා. ඒ මාරාවේශයෙන් ගත් මැතිවරණ තීරණය නිසාම, මැතිවරණයට පැවැති කාලයම මාරාවේශයෙන් පීදීdවට පත්වූ මාසයක්‌ බවට පත්වුණා. දේශගුණික විපත්තීන් නිසා, අධික වැස්‌ස, ගංවතුර හේතුවෙන් මරණ, අවතැන්වීම්, චෝදනා, විවේචන මිල ඉහළයැම් නොසිතූ ආකාරයට සිද්ධවුණා. මනුෂ්‍යයන් කුසල් මූලයන් ගැන මොහොතකටවත් නොසිතා, චෝදනා කරගත්තා, මදීගසා ගත්තා. ස්‌වාමීන්වහන්සේලාත් අකුසල මූලයන් හරිහරියට රැස්‌කරගත්තා. තමන් මාරාවේශයකට ලක්‌වූ අයෙක්‌ය කියලා දකින්න කාටවත්ම සතිය සිහිය තිබුණේ නැහැ. ශාසන පරිහානියට උපකාරක ධර්ම සකස්‌කොට, මේ සියළුකොටස්‌ මාරාවේශයට පත්කරලා, ජනතාව අවුස්‌සලා, මැතිරවරණ දිනයේදීත්, ඊට පෙරදිනත්, ඊට පසුදිනත්, සියල්ලෝම සන්සුන්ව තැබීමට මාරයා උපක්‍රමශීලීවුනා. භික්‍ෂුව මේ තබන්නේ දේශපාලන සටහනක්‌ නොවේ. සම්බුද්ධ ශාසනය ඉදිරියේ ඇති මාරාවේශයන් පෙන්වාදෙන ධර්මානුකූල විග්‍රහයක්‌ පමණයි. පිංවත් ඔබ නුවනින් දකින්න. මැතිවරණය ප්‍රකාශ කිරීමත් මාරාවේශයක්‌ නම්, මැතිවරණය පැවැති කාලයත් මාරාවේශයක්‌ නම්, මැතිවරණයේ ප්‍රතිඵලයත් මාරයාටම අයිති ප්‍රතිඵලයක්‌ වෙනවා. කුසලයෙන්, ශීලයෙන් දුර්වලතැන සොයලා, ඒ අයව මාරාවේශයකට ලක්‌කරලා මාරයා මේ ඉරිදියට පැමිණි ගමන ධර්මය තුළින් දකින්න වෙන්නේ ප්‍රශ්නාර්ථයක්‌ තුළ සිටිමින්මයි. නමුත් සියළු සංස්‌කාර ධර්මයෝ අනිත්‍යයි. එය ධර්මථාවයක්‌.
(මෙය පිංවත් ස්‌වාමින්වහන්සේ විසින් සපයන ලද විශේෂිත ලිපියකි. කාලයේ අවශ්‍යතාව මත මෙම ලිපිය මේ මොහෙතේම පළ කිරීම සුදුසු බවට අවවාදයක්‌ද ඒ සමගින්ම විය. එබැවින් එය මෙසේ පළකරමු. මෙම ලිපියේ අනෙක්‌ කොටස ලබන සතියේ පළවේ)

මහරහතුන් වැඩි මග ඔස්‌සේ
සතර අපායෙන් මිදෙමු 116 කොටස

මැතිවරණයක සැඟවුණු මාර ධර්ම !!

බුදුරජාණන් වහන්සේ පිරිනීවී ගොස්‌ වසර 2500 ක්‌ ගිය තැනදී ජීවමාන බුදුරජාණන්වහන්සේ හැටියට දැකලා සිත පහදාගෙන වඳින්න පුදන්න යම් පූජනීය වස්‌තූන්ගෙන් පිරි බිම්කඩක්‌ මේ ලෝකධාතුව තුළ තිබෙනවා නම්, ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ස්‌වර්ණමාලි සෑ සමිඳුන් වහන්aසේ, දන්ත ධාතූන් වහන්සේ, ශ්‍රීපාදයන් වහන්සේ, ථූපාරාම සෑ සමිඳුන් වහන්සේ, සෝමාවාතී සෑ සමිඳුන් වහන්සේ ඇතුළු පූජනීය වස්‌තුන්ගෙන් පූජිත මේ උතුම් දේශයමයි. මේ උතුම් බිම්කඩමයි.

දිනපතා සම්මාදිට්‌ඨියට පත් බ්‍රාහ්මයින්, දෙවියන් දස දහස්‌ ගණනක්‌ වන්දනා කරන බිම් කඩක්‌ මේ ලෝක ධාතුව තුළ තිබෙනවා නම් ඒ උතුම් බිම්කඩ ඔබ දෙපා තබාගෙන සිටින මේ උතුම් දේශයයි. මුළු රටේම බැංකුවල තිබෙන සල්ලි ටික මහනුවර නගර මධ්‍යයට ගෙනල්ලා, රටේම ජනතාවට මහනුවර නගරයට එන්න කියලා ප්‍රදර්ශනය කළොත්, ඒ මුදල් දැකලා ජනතාව තුළ කාමඡන්දයක්‌මයි බියක්‌මයි සකස්‌වෙන්නේ. නමුත් දන්තධාතූන් වහන්සේ වැඩ සිටින කුටියක්‌ ශ්‍රී දන්තධාතූන් වහන්සේව පිටතට වැඩම කරලා ජනතාවට දන්තධාතූන් වහන්සේව ප්‍රදර්ශනය කරන්න පටන්ගන්න මොහොතේ මුළු රටටම මල් වැසි වසිනවා. ජනතාව තුළ සතුටක්‌ ප්‍රමෝදයක්‌මයි ඇතිවෙන්නේ.

මහනුවර නගර මධ්‍යයේ කොඩිගසක්‌ එල්ලලා, එම කොඩිගසේ කෝටි ගණනක සල්ලි එල්ලලා, ජනතාවට එම සල්ලි ගස ප්‍රදර්ශනය කළොත් ජනතාව තුළ කාමඡන්දයක්‌මයි, බියක්‌මයි සකස්‌වෙන්නේ. නමුත් ඇසළ පෙරහැරට දළදා මාළිගාවේ කප් සිටුවන දවසට, පෙරහැර අවසාන වී දිය කපන දවසට මුළු රටටම මල් වැසි වසිනවා. සම්මා සම්බුද්ධ ශාසනයමයි මුල් වෙන්නේ, සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාවමයි, චිරස්‌ථිතියයි, පැවැත්මයි මුල් වෙන්න ඕනේ. ආර්ථිකය නෙමෙයි. මුදල් නෙමෙයි.

ස්‌වර්ණමාලි මහා සෑ සමිඳුන් වහන්සේගේ සෑ මළුවේ කෝටි ගණනක්‌ සල්ලි කොළ ඇතිරුවත්, ජනතාව එම සල්ලි දැකලා කාමඡන්දයක්‌මයි, බියක්‌මයි සකස්‌කොට ගන්නේ. නමුත් අපේ ගෞරවනීය ස්‌වාමීන් වහන්සේ නමක්‌ මහ සෑ සමිඳුන් අභියස මහ සෑ වන්දනාවක්‌ සිදුකරද්දී, මහා පහන් පින්කමක්‌, මහා මල් පින්කමක්‌ සිදුකරද්දී, ආකාසය පුරාවට විවිධ වර්ණයෙන් පරිපූර්ණ පිනට කැමැති දෙවිවරු ලක්‍ෂ ගණනක්‌ වැඩ සිටිමින් සතුටු වෙනවා. හරියට ආකාශයේ බුදුරැස්‌ විහිදෙනවා වගේ. සම්මා සම්බුද්ධ ශාසනයමයි, උතුම් ශාසනයේ අර්ථයමයි, චිරස්‌තිථියමයි, පැවැත්මමයි මුල්විය යුත්තේ. ආර්ථිකය නෙමෙයි. මුදල් නෙමෙයි.

සල්ලි ගෝනියක්‌ ඔබ ගෙදර තබාගෙන සිටියත්, එම සල්ලි ගෝනිය නිසා ඔබ තුළ කාමඡන්දයක්‌මයි, බියක්‌මයි සකස්‌වෙන්නේ. නමුත් ඔබ සවසට නා පිරිසිඳුවෙලා මල් ටිකක්‌ නෙලලා, බුදු පහන පත්තුකරලා, වන්දනාවක්‌ කරන මොහොතක්‌ පාසා මේ ලෝකයේ ලැබිය හැකි උතුම්ම සැනසිල්ලක්‌ ලබනවා. සම්මා සම්බුද්ධ ශාසනයමයි මුල්වෙන්නේ. උතුම් වෙන්නේ, ශ්‍රේෂ්ඨ වෙන්නේ. ආර්ථිකය නෙමෙයි. මුදල් නෙමෙයි.

මේ රට දියුණුවෙන් දියුණුවට පත්වෙලා, මේ රටේ සෑම මනුෂ්‍යයෙක්‌ම කෝටිපතියෙක්‌ වෙලා මැරෙන්න පුළුවන්. කෝටිපතියෙක්‌ වෙලා මැරුණාට පසුව, ඔහු වැටෙන්නේ සතර අපායට නම් ඒ කෝටිපතිකමින් ඇති ඵලක්‌ නැහැ. සම්මා සම්බුද්ධ ශාසනයමයි මුල්විය යුත්තේ. ශාසනයේ චිරස්‌ථිතියයි, ආරක්‍ෂාවමයි මුල්විය යුත්තේ. ආර්ථිකය නෙමෙයි. මුදල් නෙමෙයි.

මේ උතුම් බිම්කඩේ ශ්‍රේෂ්ඨ භාවය මේ රටේ සෑම නායක පිංවතෙක්‌ම දැන ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්‌ වෙනවා. ශාසනික අර්ථයන්ගේ යම් පිබිදීමක්‌ සිදුවන සෑම අවධියකදීම ඊට අදාළ පිංවතුන්ලාගේ දුර්වලතාවයන් තුළින් මාර වේශයට නතුකර ගැනීමට මාරයා නිරතුරුවම මාන බලමින් සිටින්නේ. එම නිසා අතීතයේ කළ මහා පිනකින් මේ උතුම් දේශයේ නායකත්වයට පත්වෙන සෑම පිංවතෙක්‌ම ශක්‌තිමත්ව, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ශීලයෙන් පරිපූර්ණ භාවයට පත්වීමෙන්, මාරවේශයන්ගේ ග්‍රහණයට හසුනොවී මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් තව එක දිනක්‌ හෝ අනාගත ලෝකයට ආරක්‍ෂාකොට තබා රැස්‌කොටගන්නා වූ කුසලයෙන් අනුන්වත් සුවපත් කොට, තමනුත් දිව්‍ය සම්පත් සලසාගන්න දක්‍ෂ වෙන්න ඕනා. සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම, චිරස්‌ථිතිය, වර්ධනයට කැමති කුමන පක්‍ෂයක නායකයෙක්‌ වේවා ඉහත කාරණාවන් නුවණින් දැකීම තුළින් ශාසනික අර්ථයන් රැකීමට ඉදිරිපත් වීම, තමා විසින් තමාටම කරගන්නා ශ්‍රේෂ්ඨම උපකාරය වෙනවා.

මාරාවේශයන් හරහා මාරයා මේ උත්සහ කරන්නේ බෞද්ධ පිංවතුන්ලාව ලෝභ ද්වේෂ මෝහ තුළින් භේද භින්නකොට, එම භේද භින්නභාවය තුළින්, මිථ්‍යාදෘෂ්ටික බලවේගයන්ගේ ක්‍රියාකාරීත්වය ශක්‌තිමත්කොට, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය දුර්වල කිරීම විය හැකිය. මේ සටහන කියවලා පිංවත් ඔබට ප්‍රශ්නයක්‌ ඇතිවෙන්න පුළුවන්, භික්‍ෂුව තේ කෝප්පයේත් කිඹුලන් දකිනවාය කියලා. නමුත් භික්‍ෂුව මාර බලවේගයන්ගේ සියුම් භාවය දැකලා අත්දැකීමෙන්ම පිංවත් ඔබට කියනවා, තේ කෝප්පයක නොව වතුර උගුරක්‌ තුළත් මාරයාට සියුම් කිඹුල් වේෂයක්‌ මවාගෙන සිටිය හැකිය කියලා. වතුර උගුරක්‌ තුළත් සියුම් කිඹුල් වේෂයන් මවාගෙන කෙනෙකුගේ උදරයට රිංගාගත හැකිය කියලා. මාරයාගේ මේ සියුම්භාවය අපට හඳුනාගැනීමට හැකිවන්නේ උතුම් සද්ධර්මයේ අවබෝධයන් තුළින් පමණක්‌මය. උතුම් සම්මා සම්බුද්ධ ශාසනය යනු මාරයාටත්, මාර බලවේගයන්ටත් ඇති ලොකුම හිසරදයයි. මාරයාගේ මේ අභියෝගය පිංවත් ඔබට පරාජයකොට දැමීමට හැකිවන්නේ මේ මොහොතේ පක්‍ෂ විපක්‍ෂ සෑම නායකයෙක්‌මත්, ජනතාවත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, ශීලයේ ආරක්‍ෂාවත්, අලෝභ ධර්මයන්ගේ රැකවරණයත් ජීවිතයට වහ වහා එකතුකොටගැනීමෙන් පමණක්‌මය. ඉහත සද්ධර්මයන්ගෙන් පිංවත් ඔබ පරිපූර්ණ වෙනකොට මාර ධර්මයන් මුළුගැන්වී උතුම් සද්ධර්මයේ චිරස්‌ථිතියත්, ඒ හේතුවෙන් ජනතාවගේ ආර්ථිකයේ දියුණුවත් ඇතිවීම ධර්මතාවයක්‌මය.

ඉදිරිපත් කිරීම
ඉන්ද්‍රජිත් සුබසිංහ